මාලදිවයිනේ ආරක්ෂක සේවා වැඩිදියුණු කිරීම සදහා අවැසි දැනුම හා උපදෙස්,පුහුණු කිරීම්,හා පහසුකම් සදහා ශ්‍රීලංකාවේ සහය පතන බව එරට ජාතික ආරක්ෂාව පිළිඹද අමාත්‍ය කර්නල් මොහොමඩ් නසීම් කියයි.
ඔහු මේ බව පැවසුවේ මාලදිවයිනේ නිල සංචාරයක් සදහා එහි ගොස් සිටි ශ්‍රිලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති හමුවකදීය.
එහිදී ඔහු මාලදිවයිනේ ආරක්ෂක අංශ වල කටයුතු සම්බන්ධයෙන්ද ජනපතිවරයා දැනුම්වත් කළේය.
ආරක්ෂක අංශ කටයුතු සම්බන්ධයෙන්ද දෙරට අතර ඇතිවන සබදතා වලින් රටවල් දෙකටම වාසි සැළසෙනවා සේම එය කලාපීය ආරක්ෂාව වෙනුවෙන්ද වැදගත් වන බව මොහොමඩ් නසීම් මහතා පෙන්වා දුන්නේය.
මුහුදේ අනතුරට ලක්වන්න් සොයා ගැනීමේ හා ගලවා ගැනීමේ මෙහෙයුම්,ආපදා කළමණාකරණය,සාගර දූෂණය පිටුදැකීම, ආදී කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මාලදිවයිනට ශ්‍රීලංකාවේ සහය බෙහෙවින් අවැසි වන්නේ යැයි හෙතෙම කීය.
තවද ශ්‍රිලංකාවේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලැබීමට මාලදිවයිනේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට අවස්ථාව සළසා දෙන්නැයිද ඔහු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.
මාලදිවයින් හමුදා භටයින් වෙනුවෙන් වෛද්‍ය සායනයන් පැවැත්වීම,මාලදිවයින හා ශ්‍රීලංකාව ආශ්රිත මුහුදු තීරයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම,දෙරටේ බුද්ධි අංශ අතර සහයෝගීතාවය වර්ධනය කිරීම වැනි කටයුතු සදහාද ශ්‍රීලංකාවේ සහය පතන බව ඔහු පැවසීය.
රාජ්‍යයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි විවිධාකාරයේ අතපෙවීම් මර්ධනය කිරීමට මාලදිවයින විශේෂ බල ඇණියක්ද පිහිටුවා ඇතැයි අමාත්‍ය මොහොමඩ් නසීම් මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ හෙළි කළේය.එම බළ ඇණිය සදහා ගුවන්යානා පැදවීමේ හා ගුවන් සටන් පුහුණුව ලබා දිය හැකිදැයි ඔහු විමසා සිටි අතර ජනපතිවරයා ඊට කැමැත්ත පළ කළේය.
මාලදිවයිනේ වෙරළාරක්ෂක බලකාය වෙනුවෙන් බෝට්ටු තනා ගැනීම සදහාද ශ්‍රීලංකාවේ සහය ලබාගැනීමට අපේක්ෂාකරන බව මොහොමඩ් නසීම් මහාතා පැවසීය.ඒ සදහා ශ්‍රීලංකා මහ බැංකුවෙන්ම ණය පහසුකම් ලබාගැනීමට ඇති හැකියාව සොයාබලන ලෙස හෙතෙම ජනපති මහින්ද රාජපක්ශ මහතාගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රීලංකා විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස්,උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක,ජනපති ලේකම් ලලිත් වීරතුංග,මාලදිවයිනේ ශ්‍රීලංකා මහකොමසාරිස් ඩික්සන් ඩෙලා බණ්ඩාර, යන මහත්වරුන්ද හමුවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාවනා රජුගේ කාලෙත් ලංකාවෙන් තමයි ලෝකෙම උපදෙස් ගත්තේ (දී)
මාලදිවයිනේ ලංකාවෙන් ඔක්කොම ඉල්ලගන්නවා පස්සේ ලොකුකම දාන්නෙත් ලංකාවටමයි... විසා ගන්නත් ඕනේ රටට යන්න. සින්ගපුරුව එකේ අනික් පැත්ත. තවමත් ඒකාලේ ගෞරවේ තියෙනවා.. විසා ඕනේ නැති එකම දියුණු රට. (දී)
තිලින, ලංකාවේ අයට මාලදිවයිනේ ඔන් අරයිවල් විසා දෙන්නේ නැද්ද? දැනගන්න අහන්නේ. (දී)
ඉල්ලගන්නකොට නම් මෙහෙම තමා. තිලිණගේ කිවුවත් වගේ බලන්න ඕනි ලොකුකම නම්. ඉන්දියන් අය ඉතා සුළු වැටුපට වැඩ කරන නිසා ලංකාවේ අපිට හරි කැපිල්ල. අපි වැඩි වැටුපක් හොද නවාතැනක් ඉල්ලුවොත් ඉවර තමා. මොකද ඉන්දියන් අය පිලක හරි ඉදල ඩොලර් දෙසීයට හරි වැඩ කරනවා. ඉංජිනේරුවෝ පවා එහෙමයි. මාලේ අයට මේක හරි වාසියක්. ඉතින් නිකම්ම අපිට ලොකුකම පෙන්නනවා. (දී)
තිලිණට ඒ ගැන හරි අවබෝදයක් නෑ වගෙයි. ලංකාවේ අපට කිසිම අයකිරීමකින් තොරව ඔන් අරයි වල් විසා දෙන රටවල් වලින් එකක් තමයි මාලදිවයින. සින්ගප්පුරුවත් එහෙම තමයි. ඒ විදියටම තමයි අපේ රටත් ඒ රටවල් දෙකට සලකන්නෙත්.(දී)
රවින්ද්‍ර සිල්වා ගොඩක් අවබෝදය තියෙන කෙනෙක්, ලිදේ ඉන්න ගෙම්බත් ඔහොම තමා කියන්නේ මොකද ජීවිතේට කටු කාල නැති හින්ද තමුන් පණ්ඩිතය කියල හිතන්නේ. (නදී)
තිලින කියල තියෙන දේ හරි. එ්ක තේරුම් ගන්න ටිකක් වෙලා යනවා නම් මේ වෙබ් අඩවියට ගිහින් බලන්න.. http://www.doyouneedvisa.com/passport/Sri Lanka
වර්තමාන ශ්‍රී ලංකා දේශපාලනය ගැන අවබෝධ කර ගන්න නම් "වහෙන් ඔරෝ" භාෂාව හදාරන්නම ඕනේ. අපි තව රටකට උදව් කරන්න යනවා කියන්නේ වහෙන් ඔරෝ භාෂාවෙන් ඒ ගොල්ලන්ගෙන් ආරක්ෂාව "අපි" බලාපොරොතු වෙන බවයි. ඒ ආරක්ෂාව ජාතික ආරක්ෂාවක් ද පුද්ගල ආරක්ෂාවක්ද කියන එක ඉතිහාසයට බාරයි. (නදී)
සත්‍යයා ගේ අදහසට මට හිනා ගියා. මාලදිවයින කියන්නේ මුළු ජනගහනය ලක්ෂ 4ක් වූ කුඩා දුපත් සමුහයකින් සැදී රටක්. ප්‍රදාන නගරය මාලේ කිලෝමීටර් 2ක් දිග දුපතක්. ප්‍රදාන නගරයේ තට්ටු 10 වඩා උසට ගොඩනැගිලි ඉදි කරන්න තහනම්, දුපතට බර වැඩි වන නිසා. ජනගහනයට සාපේක්ෂව ඉතාම කුඩා සෙබල සමුහයකින් සැදී හමුදාවේ මුලික අරමුණ සමස්තයක් ලෙස සාමකාමී රටේ සිවිල් ආරක්ෂාව සහ 100% වූ ඉස්ලාම් රාජ්ජයක් සතු ස්වය්රිත්වය තහවුරු කිරීම. ලෝකයේ නමගිය කොටි පරාජය කල ලාංකීය හමුදා සතු පරිනත බව ලබා ගැනීමට මාලේ හමුදාව තව බොහෝ කලක් පරිණාමය විය යුතුය. මේ නිසා සත්‍යා ගේ අදහස පදනම් විරහිතය. (නදී)
තිලින, මාලෙට ඇතුළු වෙන්න වීසා ලැබෙනවා ලංකාවේ අයට. ඒකට ගාස්තුවක් අය කරන්නේ නැහැ. (නි)
මම ලිව්වේ අත්දැකීමෙන් දන්නා දේ. ඔන්න සුපුන් මම කිව් දේ අනුමත කරලා. (දී)
හොඳ ආරංචියක් (නි)
අනුරාධ, ඔබ මාලේ දන්නේ භූගෝලීය වශයෙන් පමණයි. කලාපීය දේශපාලනය හා රටවල් දෙක අතර මුහුද යටින් දිවෙන දියවැල් ගැන හිතන්න ඔබ තවම ළාමක වැඩියි. මා ලියු දෙය තේරුම් ගත් අය නිහඬව සිටින්නේ මේ අහස යට අප නොසිතු බොහෝ දේවල් හෙට අනිද්දා සිදු විය හැකි බව ඔවුන් දන්නා නිසයි. (නි)
ඉහත තිබෙන අදහස් සියල්ලම ගොඩක් දුරට නිවැරදියි මාලදිවයින ගැන. මට කියන්න තියෙන්නේ '' මිනිහෙක් එක්ක ජීවිතේට හිනා වෙන්නේ නැති '' මිනිසුන් ඉන්න රටක් කියලයි (නි)
මාලෙට කොටි ගහපු වෙලේ මම එහෙ හිටියේ. මාලේ භාෂාව සිංහලට සමානයි. (නි)