මීයන් මරා මසට විකිණූ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිය සමත්ව තිබේ.
එළු මස් යැයි පාරිභෝගිකයන් හා වෙළදසල් හිමියන් රවටා මී මස් බෙදා හැර ඇති ඔවුන් ඉන් උපයා ඇති මුදල ඩොලර් ලක්ෂ 10 (රුපියල් 1270 ) කටත් වඩා අධික යැයි හෙළිව ඇත.
කල්ලියට අයත් යැයි සැක කෙරෙන පුද්ගලයින් 904 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇති අතර වැඩිදුර පරීක්ෂණද කි‍්‍රයාත්මකය.
මී මස් රස ගැන්වීම පිණිස මේ කල්ලිය විවිධ රසායන ද්‍රව්‍යයද යොදාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.මස් චීනයේ ෂැංග්හයි හා ජියැංග්සු ප්‍රදේශ වල වැඩි වශයෙන් බෙදා හැර ඇතැයි හෙළිව තිබේ.
කෙතරම් පියවර ගත්තද පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර වර්ග චීනයේ වෙළදසල්හි සුලබය.මේ ආහාර වර්ග අතුරින් බහුතරය මස් වර්ග වේ.පසුගිය 2012 වසරේ කළ වැටළීම් වලින් පමණක් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ වූ මස් ටොන් 15 ක් පමණ සොයා ගැනීමට හැකිවූ බව චීන පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ක්‍රමයක් වගේ (දී)
හලාල් නැති නිසා ලංකාවේ කන්න වෙන්නේ මීයන්ගේ මස්ම තමා. (නි)
මෙහි ශ්‍රී ලංකා මුදල සංශෝධනය කර ඉදිරිපත් කරන්න (නි)
මියන් මරලා චීනයේ කුකුළු මස් කියලා නම් රෙස්ටුරන්ට් වල විකුණලා පසුගිය කාලෙක අපි දුටුවා. රස කුකුළු මස් වලට ඉතාම සමාන නිසා වසර ගණනක් ඔවුන් මෙය කරගෙන ගොස් ඇතත් කරියක තිබී හසු වූ මීයකුගේ ඇගිලි සහිත පාදයක් නිසා මෙය ලොවට හෙළිවීමට මුල් වී ඇත (නි)
චීන්නු ගැන කියනකොට ඉස්සලේලාම,ඉතිහාසයේ ඔවුන් අනුභව කරලා තියෙන්නේ පට පනුවෝ! පසු කාලවලදී , ආඳන්,උරගයින්, මුදු බෙල්ලන්, පාසි වගේ දේවල්... (නි)