කියුබාවේ හැවනා අගනුවරට ආසන්න කුඩා නගරයක් වන සැන්දියාගෝ ඩෙ ලාස් වේගාස් හි වැසියෝ පසුගියදා පණ පිටින් මිනිසෙක් වළ දැමූහ.මුහුණ විවර වනසේ සකස් කර තිබූ මිනී පෙට්ටිය ඔවුහු මිනී වළකට දැමූයේ විළාප නගමිනි.අනතුරුව ඒ මත පස්ද ඉස ඔවුන් සැරසුණේ එය වළලෑමටය.
නමුත් එක්වනම ඔවුන් අතුරෙන් නැගෙන්න ගත්තේ පී්රති ඝෝෂාවකි.මිනී පෙට්ටිය යළිත් ගොඩට ගත් ඔවුහු එහි සිටි පුද්ගලයා පිටතට ගෙන ඔහුව මත්පැනින් නහවා නගරයට ගෙන ගියේ ජයගොස නඟමිනි.මෙය සැන්දියාගෝ ඩෙ ලාස් වේගාස් නගරයටම ආවේණික වූ චාරිත්රයකි.මරණය හා යළිත් ජීවිතය ලැබීම මෙයින් නිරූපණය වේ.
අති දුෂ්කර දිවි පෙවතක් ගෙවන නගර වැසියන්ට මෙය ජීවිතය ගැන අලූත් හැගීමක් ගෙන දෙන්නේ යැයි සදහන්ය.
අවමගුලක් නිරූපණය කෙරුණද වැසියන් හැසිරෙනුයේ ඔවුන් උත්සවයකට සහභාගී වන්නා සේය.නගරයේ වීදි පුරා සරන ඔවුහු නටමින් ගයමින් පී්රතිද වෙති.
පණ ඇති මිනිසෙකුගේ මරණය සම්බන්ධයෙන් ශෝක වීම එම පුද්ගලයාට කරනා අගෞරවයක් නොවන්නේයැයි මෙහි වැසියන් දරන අදහසයි.ජීවිතයේ අභියෝග හමුවේ වැටුණද යළි යළිත් නැගිටීම මෙම චාරිත්රයෙන් නිරූපණය කෙරෙන්නේයැයි ඔවුහු පවසන්නෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු නැත්නම් ෂෝක් (අ)
නියම කලටි ! (අ)
මේවා අර ලංකාවේ බලි තොවිල වගේ නාටක වෙන්ට ඇති... (අ)
ලංකාවෙත් ඔය යාග කර්මය කරනවා. හැබැයි පොලිසියෙන් ඇවිල්ල ගොඩ දැම්මේ නැත්නම් වලලපු මිනිහ ඊළඟ දවසේ ඉඳන් දෙවියන් ළඟ.(නදී)
මට නම් මෙයා ඇත්තට මැරිලා වගෙයි පේන්නේ.(නදී)
ඒකනේ තවම කියුබාව හිඟන රටක් විදිහට තියන්නේ. (දී)
මට හිතෙන්නේ රටේ සම්ප්රදාය වෙන්න ඇති. (දී)
සමන් රොහාන් රණසිංහ, මම නම් දැකලා තියනවා කට්ටඩියා මිනී වලේ බැහැලා ජපකරනවා. මේකත් ඒහෙම එකක් වෙන්න ඇති. (නදී)
අපිව නම් ඉතින් වැළලිලා ඉවරයිනේ සදහටම.(නධී)
පිස්සු නැත්නම් හොඳයි.(නදී)
පිස්සු නේද? (නදී)
මනස්ගාත.(නදී)
මෙච්චර දියුණු ලෝකයේ මේ වගේ පිස්සු වැඩ. (අ)