සිය මනාලිය කැන්දාගෙන යාමට පස් කපන බැකෝ යන්ත්‍රයකින් පැමිණි මනාලයෙකු ගැන වාර්තා වන්නේ බි්රතාන්යයෙනි.
සයිමන් පළපුරුදු බැකෝ යන්ත්‍ර කි්රයාකරුවෙකි.ඔහුගේ පෙම්වතිය වූ හෙයිඩිද සිය පෙම්වතාගේ ‘බැකෝ වූ පිස්සුව‘ ගැන හොදින්ම දැන සිටියාය.එහෙයින් මංගල දිනයේදී තමන් පල්ලිය වෙත කැන්දාගෙන යාමට සයිමන් බැකෝ යන්ත්‍රයක පැමිණ තිබීම ඇයට පුදුමයක් නොවිය. බැකෝ යන්ත්‍රයක සාමාන්‍යයෙන් අසුන් ගැනීමට හැක්කේ එක් අයෙකුට පමණක් බැවින් හෙයිඩිට සිදුවූයේ යන්ත්‍රයේ පස් රදවාගන්නා ‘‘කුල්ලේ‘‘ සිටගැනීමටය.අනතුරුව සයිමන් ඇය පරිස්සමින් පල්ලිය වෙත රැගෙන ගියේය.
‘‘මට කිසිම බයක් ඇතිවුණේ නැහැ.සයිමන් දක්ෂයකු බව මා දන්නවා.මගේ මවුපියන් ඇතුළු සියලු දෙනාට පුදුමයක් වුණ මම බැකෝ යන්ත්‍රයක එනවා දැකීම.
පල්ලිය වෙත පැමිණි යුවළ නෑදැහිතමිතුරන් සියලූ දෙනාගේ ආශිර්වාදය මධ්‍යයේ විවාහ දිවියට ඇතුළත් වුහ.ඔවුන්ගේ ‘‘ගමන් සගයාද’’ ඒ අසලම ගාල් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නැහැ, අතීතයේ අපේ රටේ සයිමන් උන්නැහැලා එහෙම මනාලිය කැන්දන් ආවේ ගොන් කරත්තෙනේ.... (නි)
අපේ රටේ බැකෝ එකකින් ගියා නම් මනාලයා කොට උඩ! පැයකට රුපියල් 2500/= ක් ගෙවනකොට ඒසී කාර් එකක යනඑක ලාබයි (නි)
පිස්සු හැදෙනවා... (නි)
මම හිතුවේ මනමාලි පස් කන්දක් කියලා. බැලුවම කුඩෙක දා ගෙන යන්න පුළුවන් මනමාලියෙක් නේ. සුබ මංගලම්.(නදී)
මොකක ආවත් කමක් නැහැ දෙන්නා සතුටින් හොදින් ජීවත් වෙනවා නම් ඒ ඇති . සුබ ගමන්!(නදී)
ඕකේ ආවට කමක් නැහැ. බිරිදට වැඩිය ඕකට ආදරේ කරන්න ගත්තොත් නම් හරියන්නේ නැහැ.(නදී)
ඔබ දෙපළට ජය සහ සතුට! (නි)
විවාහය කියන්නේ ශිෂ්ටසම්පන්න සමාජයේ කාන්තාවක හා පුරුෂයෙකු එක නිවහනක අළුත් ජීවිතයක් ගතකරන්න පටන්ගන්නා දවස. ඒ දවස අනෙක් හැමෝටම වඩා වැදගත් වෙන්නෙ ඒ දෙන්නට. ඉතින් ඒ වගේ දවසක සමාජයට තිබෙන ලැජ්ජාව සහ බිය නිසා හැමෝම කරන දේවල් ඒ විදියටම කරන්න උත්සාහ නොකර තමන් කැමති දෙයක් තමන් කැමති විදිහට කරන්න මේ දෙන්නා ළඟ තිබුණු ආත්ම ශක්තිය අගය කළයුතුයි. (නි)
ඔය මහා ලොකුවට කසාද බැන්දට දෙන්න ඉන්නේ මාස දෙකයි තුනයි. ඊට වඩා නම් නැහැ... දැන් කාලේ!! (නි)