දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා රෝගාතුරවී රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.
අනුහතර හැවිරිදි වියේ පසුවන මැන්ඩෙලා හොඳ සනීපයකින් ඉන්නා බවත් රෝහල් ගත කළේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර බැලීමට බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.
එනමුත් පසුගිය වසර දෙකක පමණ කාලයේ ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම නිසා බොහෝදෙනා ඔහුගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බලවත්සේ කණස්සල්ලට පත්ව සිටිති. සුදු පාලන සමයේ දකුණු අප්‍රිකාවේ පැවැති රාජ්‍ය වර්ණභේදයට එරෙහිව ජනයා පෙළගැස්වීමේ හේතුවෙන් වසර 27ක් බරපතල වැඩ සහිතව බන්ධනාගාරගතව සිටි මන්ඩෙලා නිදහස ලැබීමෙන් අනතුරුව 1994 දී එරට ජනාධිපති ලෙස මහජන චන්දයෙන් තේරීපත් විය.
දකුණු අප්‍රිකාවේ සියලු ම ජාතීන්ට එක සමානව සැලැකීම ඔහුගේ පිළිවෙත විය.
නිල කාලයවූ වසර පහ අවසන් වූ පසුව මුළු රටම තවදුරටත් ජනාධිපති තනතුරේ ඉන්නා ලෙසට ඉල්ලාසිටියද ඔහු ප්‍රතික්ෂේප කර විශ්‍රාම ගියේය.
මැන්ඩෙලා අද අසහාය දේශපාලඥයෙකු ලෙසට මුළු ලොවම ප්‍රසාදය දිනා සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙම ආදරය දිනා ගත චරිතයක් (දී)
ඉක්මන් සුවය ලැබේවා
ඔබේ නිහතමානි කම සදා අගය කරමු. ඔබ වැන්නන් අපේ රටේ පහළ වේවා. (ත)
බලයට කෑදර නැති ඔබ සදා අමරණීයයි. (ත)
ඔබට චිරන් ජයතු. (ත)
ලෝකයේ ශේෂ්ඨයන් අතරින් ඔබ එක් අයෙකි (ස)
ඔබට බුදු සරණයි ඉක්මන් සුවය ලැබවා (දී)
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (ස)
චිරං ජයතු කියලා ප්‍රාර්ථනා කරනවා (ස)
මෙතුමන්ලා වැනි උත්තමයින් ලංකාවේ දේශපාලකයින්ට හොද ආදර්ශයක්. (නි)
අයියෝ සල්ලි (දී)
ඔබතුමාට ඉක්මන් සුව පතනවා (දී)
ඔබට දීර්ඝායු වේවා! (නි)
ඔබ නීතිය සියල්ලන්ටම සමානව ක්‍රියාත්මක කළා. ඔබට දීර්ඝායු වේවා! (නි)
ඔබගේ අගය අපට මැනවින් වැටහේ. ඔබට දීර්ඝායු වේවා! (නි)