දකුණු අප්‍රිකාවේ නැගෙනහිර කේට් පළාතේ කූණූ කඳුකර ගමේ සුදු පැහැ කූඩාරමක තැන්පත් කර තබූ නෙල්සන් මැන්ඩෙලා දේහය ඉදිරිපිට ඉටිපන්දම් 95ක් දැලිවිණි.
ඒ අතර දහස් ගණන් දෙනා සිය නායකයාට , වීරයාට, විමුක්තිකාමියාට අවසන් ගෞරව දැක්වූහ.
පසුගිය දෙසැම්බර 05 වැනි දා මැන්ඩෙලා මිය ගියේ පෙනහළු ආබාධයකිනි.
මැන්ඩෙලාගේ දේහය තැන්පත් කළ මංජුසාව හමුදා පෙරහරකින් එහි කූඩාරමේ තැන්පත් කැරිණි.
මැන්ඩෙලා සිනාමුසු මුහුණින් සිටින දැවැන්ත පින්තූරයක් පසෙක විය.
මැන්ඩෙලාගේ සිරුර ඔහු ඉප දී ජීවත් වෙමින්, කෙළි සෙල්ලම් කළ පුංචි ගමට ළඟ වූයේ සෙනසුරාදා ය.
මේ ගමට ඔහු තදින්ම ඇළුම් කළේය.
කුඩා කළ මැන්ඩෙලා එහි ගමේ ගවයන් හා එළුවන් බලා ගත්තේ ය. ඔහුගේ නෑයෝ ගමේ සොහොනේ නිදති.
තාත්තා සැබවින්ම අයිති තැනට ආවා යැයි මැන්ඩෙලාගේ දියණිය මාර්කි මැන්ඩෙලා කීවාය.
ජාතිවාදී, වර්ණභේද වාදයට එරෙහිව සටන් කළැයි මැන්ඩෙලා 27 වසරක් සිරබත් කෑවේය.
1990 දී හිරෙන් නිදහස් වූ ඔහු ඉන් සිව් වසරකට පසු එහි ප්‍රථම කළු ජනපති විය. සාමය, සංහිඳියාව සමාව දීම වැනි උතුම් ගුණාංග දකුණු අප්‍රිකාවටම කියා දෙමින් වෛරය හා ක්‍රෝධය පිටු දකිමින් ක්‍රියා කළ ඔහු අන්තර් ජාතික වශයෙන් පිළිගත් සාම දූතයෙක් විය.
කූණූ ගමට දේහය රැගෙන ඒමට පෙර ප්‍රිටෝරියා නුවර දින තුනක් රාජ්‍ය ගෞරව සඳහා තම්පත් කර තැබිණි.
ලොව රට රටවල් රැසක් නායකයෝ ද ඔහුට අවසන් ගෞරව දැක්වූහ.
ඉතා සංවේදී හා නෙතට කඳුළු ගලා ආ අවමඟුලක දී --ප්‍රිටෝරියා ගුවන් තොටේ දී -- දේහය පාලක අප්‍රිකා ජාතික කොංග්‍රසයට භාර දීමෙන් අනතුරුව යුද හමුදා හෙලිකොප්ටරයකින් කූණූ ගමට රැගෙන යනු ලැබීය.
ගමේ දී දේහය රැගත් පෙරහර තැන තැන නතර කිරීමට සිදු විය. ඒ ගමේ මිනිසුනට අවසන් බුහුමන් දැක්වීම සඳහාය.
යුද හමුදාවෙන් දේහය ඔහුගේ නිවසේ වැඩිහිටියනට බාර දුන් පසු පෙට්ටිය වසා තුබූ දකුණු අප්‍රිකා ජාතික කොඩිය ඉවත් කැරිණි.
ඒ වෙනුවට ෂෝෂා ජනයාගේ සංකේතය වන සිංහ සමකින් පෙට්ටිය අවාරණය කැරිණි.
රෑ බෝ වූ පසු ගම් නායකයෝත්, ගෝත්‍රික නායකයෝත්, ඔහුගේ පවුලේ අයත් තෙම්බු ගෝත්‍රික සිරිතට දේහය මුර කළහ.
අවසන් අවමඟුල් උළෙලට මැන්ඩෙලා පවුලේ සාමාජිකයෝ, බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමාරයා, ජනාධිපති ජේකබ් සූමා ඇතුළු මැති ඇමැතිවරු ද, ප්‍රාදේශීය හා විදේශ අමුත්තෝ ද පැමිණියහ. අඩුගණනේ හාරදහස් පන්සිය දෙනෙක් එහි සිටියහ.
දැවැන්ත රූපවාහිනී තිර මගින් අවමඟුලේ සජීවි ඡායාරූප ගම පුරා ප්‍රදර්ශනය විය.
සම්ප්රදාය අනුව යමින් ඉර මුදුන් වූ පසු මැන්ඩෙලා කූණු ගමේ නිල් කඳුකරය අතර වළක මිහිදන් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොක් සුව අත්වේවා! (නදී)
අවුරුදු 27 හිරේ සිටීම හැර ඔහු කල වෙනත් දේ මොනවද? ඔහු දේශපාලන පරිණාමය විසින් නිර්මාණය කල චරිතයක් නොවන්නේද? අපේ රටේ යුද්දය නිමවීමට බොහෝ සේ බලපෑවේද මේ ආකාරයේ ලෝක සහ රට තුල දේශපාලන පරිනමයන්ය. (අ)
ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
කළු ජාතිය නැගිටවු ඔබ සදා අමරණීයයි. ඔබ වැනි මිනිසෙකු සදා අප අතරත් ඉපදේවා! ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
මෑත කාලයේ ලෝකයට බිහි වූ මානුෂවාදී නායකයාණෙනි, ඔබගේ සේවයට කැපවීමට අපගේ ආචාරය (අ)
ඔහු නියම තීක්ෂන බුද්ධිමත් නායකයෙක්. (නදී)
මහත්මා ගාන්ධිගෙන් පසු අසන්නට ලැබුණු ශ්‍රේෂ්ඨතම ජනතා නායකයා; එතුමාට නිවන් සුව පතමු. (නදී)
ඔබතුමාට නිවන් සුව ලැබේවා උතුමාණෙනි.(නදී)
මේ වගේ ජනධිපතිලා නැතිඋනම මුළු ලොවම දුක් වෙනවා. (දිල්)
බැලුවෙමි අවසන් වනතුරුම- අවසන් ගමන් යන නුඹේ අවසන් ගමන.... ලෝක පුජිතව නුඹ , කළු හමට ලබා දුන් තැන සිතන විට , අප සැවොම ණයගැතිද කොතරම් නුඹට? (නි)
අමරණිය අසහාය නායකයාණනි ඔබට නිවන්සුව පතමු. (නදී)
අමරණිය නායකයෙක් ඔබතුමාට නිවන් සුව ලැබේවා (දිල්)
ලෝක දේශපාලන ඉතිහාසය පුරාවට රන් අකුරින් ලියුන නමක් ඇත්නම් , දකුණු ඇෆ්රිකානු ජනතාවගේ ආදරණිය පියා ලෙස විරුදාවලි ලත් ඒ නෙල්සන් මැන්ඩලාමය(දිල්)
ලෝකයට කලාතුරකින් පහල වෙන අසහාය නායකයෙක්.(නදී)
ලෝකයටම හොදම දේ නිවන් සුව(දිල්)
චාර්ල්ස්, කැමරන්, වගේ එංගලන්තේ උදවිය එද්දී දකුණු අප්‍රිකානු ආණ්ඩුව පාරාවල් ගානේ හු තිය තිය එංගලන්තෙට විරුද්දව පෙළපාලි ගියේ නැද්ද? (නදී)
ඔබට නිවන් සුව! (නදී)
නෙලසන් මැන්ඩෙලා මා කැමතිම නායකයා. ඔබට නිවන් සුව. (නදී)
අසහාය නායකයාණනි ! ඔබට නිවන් සුව පතමු.(නදී)
අසහාය නායකයාණනි ! ඔබට නිවන්සුව පතමු .(නදී)
ගෞරවනීය නායකයානනි, ඔබට සුව බර නින්දක්. දෙව් මව් තුරුලේ සැතපේවා.(නදී)
ලෝකයට හොද ආදර්ශයක් දුන්න නායකයෙන්(දිල්)
ජගත් කොටි හිතවාදීන් පිලිබඳව ඔතරම් දුක් නොවන්න (අ)
ලොවටම ආදර්ශවත්වූ සැබෑ වීර නායකයෙක්. ඔබතුමාට නිවන් සුව අත්වේවා.(අ)
ලොවක් අවදිකළ අභීත නායකයානෝ සාමදානයේ සැතපේවා! (නදී)
ලංකාවෙන් 60 ක් ද කොහෙද ගියා නේද? මේ පින්තුර වල නම් එක්කෙනෙක් වත් නැහැ නේ. (නදී)
සැබවින්ම ඔහු ලෝක පුජිත වීරයෙකි. ලංකාදීප ප්‍රවෘත්තිය කියවන විට මාගේ දෑසට කදුළු එනවා .මක්නිසාද යත් මා ඔහුගේ අනුගාමිකයෙකි. ඔහුට නිවන් සුව අත් වේවා. (දිල්)