මනාලයකු හා මනාලියක ඇතුළු 50 දෙනකුට වැඩි පිරිසක් සමග ගංවතුරට හසුව ගසාගෙන ගිය බසයකින් බේරාගත හැකිවූයේ හතර දෙනකු පමණක් යැයි ඉන්දියාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.
බීබීසී පුත් සේවය වාර්තා කරන්නේ පසුගිය දින කිහිපයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුරට හසුවූ බසය ගසාගෙන ගොස් දුර්ඝයකට පෙරළී ඇති බවයි. බසයේ සිටි මනාලයා සහ මනාලිය ද අතුරුදන්ව සිටිති.
ඉන්දියාවේ ගලවා ගැනීමේ හමුදාව පවසන්නේ බසය ගසාගෙන ගිය ස්ථානය පරීක්ෂා කළ ද එය සොයා ගැනීම අපහසු බවයි. ඉන්දියාවේ පොලිස්පති රාජේෂ් කුමාර් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ධාරානිපාත වර්ෂාවත් දරුණු දියවැල් පැවතීමත් හේතුවෙන් බසය සොයා ගැනීම අතිශය දුෂ්කර කරුණක් බවයි.
නොකඩවා පවතින වර්ෂාවත්, නායයාම් හා ගංවතුර තත්ත්වයත් හේතුවෙන් කාෂ්මීර් ප්‍රදේශයේ පාසල් වසා දමා ඇත.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තිරවම පොරොන්දන් ගැලපීම හරියට කෙරිලා නැහැ. මනමාලිගේ මාරක යෝගයක් තිබිල ඇති. (නදී)
පිටත් උන නැකත හොද නැහැ ලංකාවේ කෙනෙක්ගෙන් නැකත් බලා ගත්තා නම් ගොඩ (නදී)
අපොන්සු, එතකොට මනමාලි නිසාද අනිත් ඔක්කොම මැරුණේ? ඔයා ඉපදෙන්න තිබුනේ ලංකාවෙ නෙමෙයි (නි)
මේවා නම් කරුම (නදී)