කවටකමක් කිරීමට සිතූ ඩෙන්මාර්ක ජාතික සිල්වෙස්ටර් වර්ඩෙගා තම සුරතල් බැල්ලිය චිකාට මකුළු ඇඳුමක් ඇන්දවූවේය.
අඬු පඬු දික් කර ගත් අතිවිශාල මකුළුවෙකුගේ ස්වරූපය ගත් ඒ ඇඳුම පෙනුමින් භයංකරය.
දුටුමනින් එය පැළද සිටින්නේ බල්ලෙකු යැයි කිසිවෙකුටත් කිවනොහැකිය.
මකුළු වෙස් ගැන්වූ චිකා මිනිසුන් ගැවසෙන ස්ථාන වලට යැවීමට සිල්වෙස්ටර් කටයුතු කළේය. චිකා දකින්නවුන්ගේ ප්රතිචාරයන් ඔහු රහසින් පටිගත කළේය.
එම වීඩියෝව දැන් අන්තර්ජාලයට එක් කර තිබේ. අන්තර්ජාලයට එක් කර එක් දිනක් ගතවූ තැන එය ලක්ෂ 30 ක පමණ දෙනා නරඹා තිබුණි.
චිකා අතිවිශාල මකුළුවෙකු යැයි සිතා යටිගිරියෙන් කෑ ගසාගෙන ආතබූත නැතිව දුවන්නවුන්ගේ දර්ශන එම විඩියෝවේ ඇත.
විදුලි සෝපානය පැමිණෙන තෙක් බලා සිටින කාන්තාවන් දෙදෙනෙකු එය ඉහළට පැමිණ දොර විවර වූ පසු එහි මකුළු වෙසින් සිටින චිකා දැක හඩතලමින් දිව යනු එක් දර්ශනයක ඇත.
තවත් එකක මකුළු දැල් වලින් බැඳ එල්ලා ඇතැයි පෙනෙන්නට තිබෙන මස් කැබලි සමූහයක් ඡායාරූප ගත කරන්නට තැත් කරන පුද්ගලයෙකු වෙතට චිකා සීරුවෙන් ළගා වේ. වෙනසක් දැනීදෝ පසුපස හැරී බලන ඔහු චිකා දැක අතිශයින් බියපත් වී දිව යායුතු මග නොදැන පෙර කී මකුළු දැල් ගොන්න මතටම කඩා වදී.
මේ මකුළු දැල් හා මස් කැබලි සිල්වෙස්ටර් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවාය.
වීඩියෝවට මල් මෙන්ම ගල්මුල්ද නොඅඩුව ලැබී ඇත. බොහෝ දෙනා මෙය විහිළුවෙන්ම භාරගෙන ඇතත් අදහස් පළ කර ඇති ඇතැම් අය කෙනෙකුට මෙය ඇස් රතු වන විහිළුවක් වුවහොත් කුමක් සිදුවනු ඇත්දැයි විමසා තිබුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බල්ලන්ට පුසන්ට ඕක ඇන්දුවානම් පනත් එපා කියල දුවයි. (දී)
හරිම ෂෝක්. (නදී)
ඉතාම වටිනා කර්තව්‍යක් (නදී)
සුද්දට මේවා වැඩ උනාට එක පෑන් පාරෙන් කෙස්ගස් කොස්ගස් කරන අපේ අයට මේවත් වැඩද (නදී)
බලන්ටකො එ්කෙත් හැටි නෙද? (නදී)
මමත් දැක්කා ඒ විඩියෝ එක. හැබැයි පව් අර මිනිස්සු (නදී)
නියමයි! ඒත් බයවෙන අය පවු. මෙහේ කලානම් තොවිල් කරන්නත් වෙනවා (නදී)
අම්මේ ඒකෙත් හැටි ? (නදී)
නියම වැඩක්. (නි)