අසාමාන්‍ය ලෙස උත්පාදනය වී ඇති ග්‍රහ මණ්ඩලයක් විද්‍යාඥයන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇත.
තරුවක් හා එක් ග්රහලොවක් පමණක් පිහිටන මෙම ග්‍රහ මණAඩලයේ උපත සිදුව ඇත්තේ සාමාන්‍යයෙන් විශ්වාස කළ පරිදි සෞරග්‍රහ මණ්ඩල ඇතිවීමේ ක්‍රියාවලියෙන් බව විද්‍යාඥයන් පවසයි.
දැනට පවතින එක් මතයක් වනAනේ තරුවක උත්පාදනය සිදුවූ සමගම ග්‍රහලෝකද ඇතිවීම ආරම්භ වන බවයි. තරුව අවට ඇති ගෑස් හා පාෂාණ තරුවේ ගුරුත්ව බලයට හසුව වසර දහස් ගණනක් තිස්සේ ඒකරාශී වීමෙන් ග්‍රහලෝකයක් ඇතිවනAනේයැයි විශ්වාස කෙර. තවත් මතයක් වන්නේ අභ්‍යාවකාශයේ ඇති පාෂාණයන් එකිනෙක හා ගැටී ග්‍රහලෝක නිර්මාණය වන බවයි.
නමුත් මෙහිදී තරුව හා ග්‍රහලෝකය වෙන වෙනම ඇතිවූවන් බවට සැක කෙරේ.බ්‍රහස්පති ග්‍රහයා තරම් 11 ගුණයක් පමණ බර වෙතියි සැළැකෙන මෙම ග්‍රහයා පෘථීවියේ සිට සූර්යයාට ඇති දුර මෙන් 650 ගුණයක දුරකින් තරුව වටා භ්‍රමණය වෙමින් පවතින්නේයැයි සොයාගෙන තිබේ.
ග්‍රහලොව තවදුරටත් අධ්‍යනය කිරීමෙන් මෙසේ ග්‍රහ මණඩලයක් නිර්මාණය වූවේ කෙසේදැයි වඩාත් හොදින් අනාවරණය කර ගනු හැකි වේයැයි
විද්‍යාඥයින් විශ්වාස කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු හැදෙන දුරක්නේ(දිල්)
කොහ හරි ජීවයක් තියනවනං අපි සුද්දදවූ යුද්දෙ තියල ඒකත් කනවා. ඒකනෙ අපිට සුද්දවූ යුද්දෙට ළමයි හදන්න කියල අපේ පොතේ තියෙන්නෙ... (ස)
පොතපත පරිශීලනය කළාම දැනගන්න පුළුවන් බුදු බණේ තියෙනවා තව තවත් ග්‍රහලෝක ගැන .එත් අනන්තයි සොයා ඉවර කරන්න අපහසුයි කියා.(දිල්)
විශ්වයේ තියෙන තරු දැකලා විද්‍යඥයන්ටත් දැන් තරු පෙනිලා තියෙන්නෙ. (ස)
දියුණු රටවල විද්‍යාඥයෝ මිනිසුන්ගේ දැනුම දියුණු කරන්න තරු පෙන්වනවා. අපේ රටවල ආණ්ඩු කරන්නෝ ආහාර සොයා අරගල කරන මිනිසුනට දහවලුත් "තරු" පෙන්වනවා. (ස)
ලක්ෂ්මන් ජයවර්ධන ඔවා ඉබේ ඇතිවුණා ද ? ඔබේ අදහස කුමක්ද ? (ස)
විශ්වයේ කෙළවරක් නොමැති බව ද, එය සොයා නොයන ලෙස ද බුදුරජාණන් වහන්සේ දේශනා කැර ඇත. (ස)
මටත් තියෙන්නේ දයා අලහකෝන්ගේ අදහස්මයි (නි)
ලෝක විෂයත් බුද්ධ විෂයත් අචින්ත්‍ය බව බුදු හිමියෝ වදාළහ.(නදී)
සමහර අය දෙවියන්ගේ මැවීම මතම එල්බ ගෙන සිටින බව පේනවා. කවුරු හරි කියනවද දෙවියන් ඇති උනේ කොහොමද කියලා. මොන දේට කවද හෝ කොහේ හෝ ආරම්භයක් තිබිය යුතුයිනේ. ප්‍රශ්නෙන් පැනල යන්නේ නැතිව කාට හරි කෙලින් උත්තරයක් දෙන්න පුලුවනි නම් බොහෝම හොඳයි. බෞද්ධාගමේ හැම දෙයම දේශනා නොකලා හෝ දේශනා කල දෙය කාලයේ ඇවෑමෙන් ගිලිහි ගියා වෙන්නත් පුළුවන්. ඒ වගේම අනෙක් ආගම් ශාස්තෘන් වහන්සේලා දෙසු දහම් දැන් කාලයේ අය හරියට පිලි නොපදිනවා වෙන්නත් පුළුවන්. නොඑසේ නම් කාලයත් සමඟ විකෘති කල හෝ විකෘති කලා වෙන්නත් පුළුවනි. කුමක් කෙසේ සිදු වුවත්, වෙනත් ආගමකට ගැරහීමට පෙර තමන්ගේ ආගම හොඳින් අධ්‍යනය කර සිටිය යුතු මෙන්ම තමා ගරහන අනෙක් ආගම් ගැනත් පුර්ණ දැනුමක් තිබිය යුතුයි. නිකන් වල පල ලියල අපේ ජීවන සහයෝගය නැති කරන්නේ නැතුව, තමාගේ ආගම පාඩුවේ අදහන්න, පිළිපදින්න. කිසියම් දෙයක් ගැන ගැටළුවක් තිබේනම්, ආගම් ගැන සංසන්දනයක් සමඟ ඔබේ ගැටලුව යොමු කරන්න. එවිට එම ආගම ගැන විශාරදයෙකුට එම ගැටලුවට පැහැදිලි පිළිතුරක් දිය හැක. (ස)
විශ්වයේ තියෙන තරු ගැන හොයන්න දරන සල්ලි දුප්පත් කම අඩුකරන්න යොදවල තම තමන්ගේ ශරීර අභ්‍යන්තරය ගැන හිතල බැලුවා නම් ගොඩක් දේවල් අවබෝධ කරගන්න පුළුවන්. (ස)
නුවන් සමරකෝන්, දෙවියන් ඇති වුනේ කොහොමද කියල මට ඔයාට පත්තරෙන් කියන්න බැහැ.ක්‍රිස්තියානි ආගමේ විදිහට දෙවියන් වහන්සේ කොහෙන් අාවාද කියල දැනගන්න ඕනෑ නම් ඔයාට ශුද්ධ වූ බයබලය මුල සිට අගටම කියවන්න වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් ඇත්නම් බුද්ධිමත් ,දැනුම ඇති ක්‍රිස්තියානි කෙනෙකුගෙන් අහන්න.නොදන්නා කෙනෙකුගෙන් ඇහුවොත් හරි උත්තරයක් ලැබෙන්නේ නැහැ.මම මේ ලිව්වේ ක්‍රිස්තියානි ආගමේ දේව විශ්වාසය ගැනයි.ලංකාවේ ඉන්දියාවේ තවත් දේව විශ්වාස තියනවා. ඒවා ගැන මම ලියන්නේ නැහැ. එහෙම වුනොත් ආගම්වාදය අවුස්සනවා කියයි (නි)
දෙවියෝ නිකමට වගේ මවන්න ඇති.. (ස)
රොෂාන්, ඇත්තටම මට විවාදයකට යන්න අවශ්‍ය උනේ නැහැ. අනවශ්‍ය විදියට හැම දෙයකටම ආගම ඇඳගෙන විවාද කිරීම හොඳ නැහැ කියන එකයි මම කියන්න උත්සාහ කලේ. මම පුළුවන් සහ වෙලාව ලැබෙන විදියට ඉස්ලාම් සහ ක්‍රිස්තියානි පොත පත කියවනවා. ඔයාට පුළුවනි නම් දෙවියන් ඇති උන හැටි විස්තර කරන වෙබ් සයිට් එකක් හෝ පොතක නම මට එවන්න. ඔයාට පුළුවනි ඒ විස්තර මේ තිරුවේම ලියන්න. අපි හැමෝම ආගම් අදහන්නේ අපේ දෙමාපියෝ අදහන අගමමයි. එහෙම නැතුව හරි දේ මොකක්ද කියල සොයා බලල නෙමෙයි. මම උපතින් බෞද්ධයෙක්. එහෙම කියල මම කවදාවත්ම අනෙක් ආගම් වලට නිගරු කෙනෙක් නෙමෙයි. (ස)