ස්කූටරයකින් හංගේරියාවේ ගොවිපළක් වෙත යමින් සිට් 62 හැවිරිදි පුද්ගලයකු ස්කූටරයෙන් ඉවතට ඇද බිමට පෙරළා ගෙන බුරුවන් දෙදෙනකු විසින් දරුණු ලෙස සපා කෑමෙන් මරණයට පත්ව තිබේ.
සපා කෑම් වලින් දරුණු තුවාල ලබා මියගොස් සිටි පුද්ගලයා දුටු ගොවිපොළේ අයිතිකරු පොලීසියට දන්වා සිටියේ දඩ බල්ලන් විසින් ඔහු සපා කා මරණයට පත් වී ඇති බවයි.
නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුයේ බුරුවන් දෙදෙනකුගේ දරුණු සපා කෑම් වලින් මෙහු මියගොස් ඇති බවයි.
බුරුවන් දෙදෙනා කේන්තියෙන් සිටින බව ගොවිපොළ අයිතිකරුගේ දියණිය අයිතිකරුට බවසා ඇතත් ඔහු ඊට පිළිතුරු දී ඇත්තේ බුරුවන් හොඳින් සිටිනා බවයි.
දැන් පොලීසියේ නියෝග මත බුරුවන් කොටු කර රඳවා තිබේ.
පශූ වෛද්‍යවරුන් කියන්නේ බුරුවන්ගෙන් මිනිසුන්ට හිරිහැරයක් නොමැති වුවත් මෙය අසාමාන්‍ය සිදුවීමක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව අහල මට මතක් වෙන්නේ අපි කුඩා කාලයේ කරපු " කම්.. කම් ..බුරු.. සින් ..සින් ..නෝරූ " සෙල්ලම. වැඩිහිටියෝ ඒ කාලයේ කියනවා බුරු වැඩ කරන්න එපා. මේ නම් මහා බුඋරුවෙක් කියන කතා. දන්නා විදිහෙන් බුරුව කියන්නේ අහිංසක ,මෝඩ සතෙක්. කෙසේ හෝ වේවා බූරුවන් සපා කාල මියගිය හන්ගේරියන් මාමා සමා දානයෙන් සැතපේවා!(නදී)
මේ කතාව අහල මට මතක් වෙන්නේ අපි කුඩා කාලයේ කරපු " කම්.. කම් ..බුරු.. සින් ..සින් ..නෝරූ " සෙල්ලම.වැඩිහිටියෝ ඒ කාලයේ කියනවා..බුරු වැඩ කරන්න එපා.. මු නම් මහා බුඋරුවෙක් ..යන කතා. දන්නා විදිහෙන් බුරුව කියන්නේ අහිංසක ,මෝඩ සතෙක් ! කෙසේ හෝ වේවා! බූරුවන් සපා කාල මියගිය හන්ගේරියන් මාමා සමා දානයෙන් සැතපේවා !!! (අ)
ගාමිණීගේ කතාවට මටත් හිනා . බුරුවා බුරු වැඩක් කරලා උගේ තියෙන බුරුකමට (නි)
දැන් කාලේ වෙනස්, තාලේ වෙනස්. බූරුවෝ දැන් වස වෙලා ඉන්නේ.(නදී)
බූරුවන්ට වුනත් ඉවසීමේ සීමාවක් තියෙනව නේ. මිනිස්සු බූරුවන්ටත් වඩා බූරු වැඩ කරනකොට උන්ගේ රතු කටු පනින්න ඇති. බූරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බූරුවො දෙන්නෙක්. (නි)
මේ බූරුවෝ හැසිරිලා තියෙන්නේ අර අහවල් කාන්ඩේ වගේ නේද? (නි)