ලොව බරින් වැඩිම මිනිසා බවට පත්වීමේ අරමුණින් අතට පයට වඩා කටට වැඩ දී දැන් වැඩ වරද්දාගෙන සිටින්නෙකි බි්රතාන්යය ජාතින බෑරි ඔස්ටින්.
ලෝකයේම ප්‍රචලිත විමේ නොතිත් ආශාවෙන් යන්තම් 20 වැනි වියේදී කටට වැඩ දීම ඇරඹු බැරී එ දවස ලෝකයේ කෙසේ වෙතත් බි්රතාන්යයේ නම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුනි.ඔහුගේ මේ උත්සාහය නිසාම ඔහුට විවිධාකාරයේ යෝජනා ගලා ආ අතර ඔහුටම වෙන්වූ පුවත්පත් තීරුවක්ද වුනි.
නමුත් ඔහුට තමන්ගේ ඉලක්කය කරා යෑමට බැරි විය.තම අරමුණ කරා යාමට දිනකට කැලරි 29,000 ක ආහාර අනුභව කිරීමට පුරුදුව සිටි බැරී දැන් සරල ආහාරයක් පවා අවදානමකින් තොරව ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටී.46 වැනි වියේ පසුවන ඔහු දැන් කිලෝ 412 ක් තරම් බරය.
මේ අධික බර නිසාම නිමක් නොමැති රෝගාබාධ වලින් පීඩා විදින්නටත් ඔහුට සිදුව ඇත.
නමුත් අතීතය ගැන සිතා පසුතැවිලිවීම අත්හැර ඇති බැරී දැන් කටයුතු කරමින් සිටින්නේ වැඩි බර අඩු කර ගැනීමටය.සැත්කම් ආධාරයෙන් බර අඩු කර ගැනීම ප්‍රතික්ෂේප කරන ඔහු ව්‍යායාම කිරීමෙන්ම බර අඩු කර ගැනීම කෙරෙහි විශ්වාසය තබා සිටී.
අනවශ්‍ය ප්‍රසිද්ධියක් වෙනුවෙන් ජීවිතයම නාස්ති කරගෙන ඇති තමන් වැන්නෙකු තරුණ පරම්පරාවට හොද ආදර්ශයක් බව ඔහුගේ අදහසයි.තමන් දෙස බලාවත් ප්‍රසිද්ධිය වෙනුවෙන් දගලන තරුණ තරුණියන් යථාර්තය වටහාගනු ඇතැයි බැරී කියයි.
බැරීගේ ආත්ම විශ්වාසය සෑම දෙනාගේ ප්‍රසාදය දිනා ගැනීමට සමත්ව ඇති අතර ඔවුන් සියල්ලන්ගේම අපේක්ෂාව බැරී නැවතත් තම සුපුරුදු තත්ත්වයට පත්වනු දැකීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරි බැරි බර ඇඟට අරන්.වගේ. (නදී)
අලියත් පරදියි වගේ මෙයාට.(නදී)
ලොක්කත් ලෝකෙට පේන්න මෙහෙදිත් පිම්බුවේ...(අ)
ලංකාවේ දේශපාලකයෙක් වුණා නම් ඔච්චර මහන්සි නොවී පිම්බෙන්න තිබුනා. (නි)
වාර්තාවක් තියන්න වෙන විදියක් තිබුනෙම නැතුවද මේ වගේ වැඩක් කළේ. (නි)
අයියෝ ....පිස්සු. කන්න ඇති මිනිස්සුන්ට කන්න ටිකක් දීල පිනක් කර ගත්තා නම් මීට වඩා හොඳ නැද්ද? අමු අමුවෙන්ම මේ මනුස්සයට නම් පිස්සු. (ස)
බැරී බර කටට අරන් දෙපයට වාරු නැතුව දැන් ඔහු ඔහේ ලතැවෙනවා. (ස)
ප්‍රසිද්ධ වෙන්න ඕනේ නම් ඔච්චර දගලන්න අවශ්‍ය නැත. ඉස්සෙල්ලා ලංකාවේ ප්‍රාදේශීය සභාවකට ඡන්දය ඉල්ලන්න පස්සේ හෝටලයකට ගිහින් එහි ඉන්න සුද්දෙකුට වෙඩි තියන්න. මුළු ලෝකෙම ප්‍රසිද්ධ වේවි. බ්‍රිතානයේ අගමැති , චාර්ල්ස් කුමාරය පවා ඔබ ගැන කතා කරාවී.(නදී)