එංගලන්තයේ හිටපු අමතිවරයෙකුවන ඩෙනිස් මැක්ෂේන්ට තමන්ට ලැබියයුතු අමතර දීමනා ලබාගැනීමට හොර කුවිතාන්සි සපයා පවුම් 13,000 ( රුපියල් ලක්ෂ 27 ක්) වංචා සහගතව ලබාගැනීමේ වරදට මාස 6 ක සිරදඬුවමක් නියම විය.
මැක්ෂේන් හොර කුවිතාන්සි ඉදිරිපත්කර තිබුනේ " භාෂා පරිවර්තන සහ පර්යේෂණ කටයුතු " වෙනුවෙන් වැයකළ මුදල් වශයෙනි.
හිටපු ඇමතිවරයාට හය මාසයක සිරදඬුවමක් නියමකළ විනිසුරුවරයා පැවසුවේ " මැක්ෂේන්ගේ වංකභාවය දේශපාලනයෙහි නියුතු සැමගේ හොඳනමට ලොකු කැළලක් ඇතිකරන බවයි. " මේ ගැන සම්පුර්ණ වගකීම දැරිය යුත්තේ ඔබම මිස වෙන කිසි කෙනෙකු නොවන" බවද විනිසුරුවරයා පැවසීය.
ඩෙනිස් මැක්ෂේන් පසුගිය කම්කරු රජයේ යුරෝපා කටයුතු බාර ඇමතිවරයා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහේ බොරු කීවාම හිරේ, මෙහේ බොරු කීවාම (අ)
හා හා.. කලබල වෙන්න කාරියක් නෑ. අපේ රටේ එහෙම කරන්නේ නෑ. ඇත්ත කතා කරන ඇමති කෙනෙකුට සම්මානයක් දුන්නොත් මිසක් බොරු කියනවයි කියල මේ ඇත්තන්ව හිරේට දැම්මොත්. ඉන්න ඇමතිවරු ගණනේ හැටියට පාර්ලිමේන්තුවේ කව්රුවත් ඉතිරිවෙන්නේ නැහැ නේ.(නදී)
එංගලන්තේ එංගලන්තේ. (ත)
කොයි තරම් ප්රජාතන්ත්ර වාදී රටවල්ද ඒවා. අහන්නත් අසයි ඔහොම දේවල්. (ත)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ත)
සමහර රටවල දේශපාලකයන්ගේ දැනුම ගොඩක් අඩුයි. මේ අය බලයට පත්වුන ගමන් පශ්චාත් උපාදිය සඳහා ලංකාවට එව්වා නම් මේවගේ කරදර වලට මුහුනපාන්නේ නැහැ (අ)
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!!!! (අ)
ලංකාවෙනෙ ඉන්න තිබ්බේ (අ)
ලෝකෙන් උතුම් රට ලංකාවයි ලංකාවයි . ඊරියගොල්ල මහත්මයා සිටියානම් (අ)
ඒවා නොකරන අයටනේ මෙහෙ ප්‍රශ්න . (ත)
කලබල වෙන්න එපා. එයා කලින් කම්කරු රජයේ හිටපු ඇමති කෙනෙක්. (ස)
අන්න ඒවා තමයි අපි ඇප්ලයි කරන්න ඕනේ.(නදී)
මෙහෙ අය හීනෙන් වත් බොරු කරලත් නැහැ, කරන්නෙත් නැහැ. එහෙම කරන්න හදනවනම් ඒක එන්.ජී.ඕ කුමන්ත්‍රණයක්.(නදී)
එයා කලින් ආණ්ඩුවේ හිටපු ඇමති කෙනෙක්. ඉතින් ඔය වගේ දේවල් මෙහෙත් වෙන්නේ. (නදී)
අපේ උදවිය ඇතුලට ගියාම එලියට එන්නේ වීරයෝ වෙලා. (නදී0
ලංකාවේ ඇමතිලා "භාෂා පරිවර්තන" සල්ලි දීල කරවන්නේ නැහැ. අමාත්‍යංශයේ නිලධාරියෙක් ලව්වම කරගන්නවා. 'පර්යේෂණ කටයුතු" නම් කොහොමටවත් කරන්නේ නැහැ. එනිසා ඔහොම හොර කුවිතාන්සි දීමක් ලංකාවේ නම් සිදු වෙන්නේ නැහැ.(නදී)