ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පැත්තට එල්ල වූ බෝම්බ ප්රහාර වලින් 15 දෙනෙක් මරුමුවට පත් වූහ. බැග්ඩෑඩ් නගරයේ පොලිස් මුර පෙදෙසක්, අවන්හලක් හා කඩ දෙකක් ඉලක්ක කර ගනිමින් බෝම්බ එල්ල වූ බවත් 40 කට වඩා වැඩි දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉරාක නිලධාරීහු පවසති. එම ප්රහාර වලින් විශාලම ප්රහාරය අගනුවර සිට කිලෝමීටර් ක් දුරින් පිහිටි තර්මියාහ් හි පොලිස් මුරපොළක් අසල සිදු විය.එහිදී මරාගෙන මැරෙන බෝම්බ කරුවකු සිය බෝම්බය පුපුරාගත් අතර එම ප්රහාරයෙන් අට දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකුට තුවාල සිදු විය.බැග්ඩෑඩ් හි වෙළද සංකීර්ණ දෙකකට එල්ල වූ ප්රහාර දෙකක් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර අවන්හලකට එල්ල වූ ප්රහාරයෙන් තවත් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් විය.මියගිය අයගෙන් තිදෙනෙක් හමුදා නිලධාරීන් බවට සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට අවුල්කර ගිනි තැබූ අයට සාප වේවා! (හේ)
අපිට සංහිඳියාව උගන්නන අයද මේ දේ කළේ? ඇමෙරිකාව ඔවුන්ගේ බලය තියාගන්න මේ ලෝකය ඔවුන්ට ඕනෑ විදියට විනාශ කරනවා (නි)