ලොව පුරා නිවුන් දරු උපත් සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එක ම පවුලක පරම්පරා හතරක් නිවුන් දරුවන් වීම අතිශය දුර්ලභ හා අසාමාන්‍ය දෙයකි.
පසුගියදා ජෙසිකා හා ක්ලාරා ග්වේන් උපන්නේ නිවුන් දරුවන් ලෙසිනි. ඔවුන්ගේ මව මෙල් ග්වේන් ය. මෙල් හා ඇයගේ සොයුරිය වන ශෙරිල් ද නිවුන් සහෝදරියන් වේ. ජෙසිකා සහ ක්ලාරාගේ සීයා, එනම් මෙල්ගේ පියා කෙවින්ය. කෙවින් හා කේත් යනු නිවුන් සොයුරන් ය. කෙවින් හා කේත්ගේ මව වන ජෝස්ට ද මාග්‍රට් නම් වූ නිවුන් සොයුරියක් සිටියාය. මේ දෙදෙනා දැන් ජීවතුන් අතර නැත.
ඒ අනුව ජෙසිකා සහ ක්ලාරා, මෙල් සහ ෆෙරිල්, කෙවින් සහ කේත්, ජෝස් සහ මාග්‍රට් යනු එකම පවුලක පරම්පරා හතරක නිවුන්නු ය. මේ පරපුර ඊසාන දිග එංගලන්තයේ බ්‍රිස්ටල් හි පදිංචිව සිටිති.
ජෙසිකා (වම් පස) සහ ක්ලාරා (දකුණු පස)
ළමයින්ගේ මව මෙල් (දකුණුපස) සහ ඇගේ සොයුරිය ශෙරිල් කුඩාකාලයේ දී
ළමයින්ගේ සීයා කෙවින් (දකුණු පස) සහ ඔහුගේ සොහොයුරු කේත් කුඩාකාලයේ
ළමයින්ගේ මී ආච්චි ජොස් ඇගේ සොයුරිය මාග්‍රට්ගේ ඡායාරූපයක් නැත.
කෙවින් (වම්පස) සහ කේත් ජෝස් සමග
මෙල් ක්ලාරා (වම්පස) සහ ජෙසිකා සමග
මෙල් (දකුණු පස) සහ ශෙරිල් ඔවුන්ගේ මිත්තනිය සමග
මෙල් සහ ශෙරිල් ඔවුන්ගේ මව හා පියා සමග









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා... නියමයිනේ...!!! (නි)
අපුරු නිවුන්නු (නි)
ශ්‍රිලංකාවේ සියලුම මව් වරුන්ට නිවුන්නු හම්බවෙනවානම් මම කැමතී.(දී)
මමත් ආසයි නිවන් දරුවන්ට (දී)
පින්බර පරම්පරාවක්.දරුවෙකුටත් වාසනාව තියෙනවා ඒ පවුල්වලම ඉපදෙන්න. (දී)
කොයි විදියට හෝ විවාහක (නීතියෙන්)යුවලකට දරුවෝ ලැබෙන එක වාසනාවක්. ඒ අතරින් මෙවැනි නිවුන් දරුවන් පරම්පරා කීපයක්ම එක දිගටම ලැබීම අති විශේෂ දෙයක්. ඒ මොනවා උනත් ඒ පුංචි පැටවූ දෙන්නට හා මවට සැප සතුට නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා!!!! (දී)
ලක්ෂපාන, ඔයාට පිස්සුද? අපිට එක දරුවෙක් හදාගන්න බැරුව සිටියදී ඔයා කියනවා නිවුන් බබාලා ලැබුනොත් හොඳයි කියලා (නි)
මමත් කැමතියි අපටත් මෙහෙම ලැබුණා නම්. ඒත් අපිටත් එක සුරංගනාවියක් ලැබුනා. හැමෝටම නිරෝගිමත් දරුවන් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා! (නි)
මම නම් හරි ආසයි නිවුන් දරුවන්ට. පාරේ ගියත් මට හැරී හැරී බලන්න හිතෙනවා. (නදී)
ශාන්ති දහිරියවන්ත වන්න. ලංකාවේ මුතුන්මිත්තෝ එක අතක ඇගිලි වලට වඩා දරුවෝ හැදුවා. ලංකාවේ සිංහල ජාතිය අඩුවෙනවා දකින්න මගේ කිසිම කැමැත්තක් නැහැ. (නදී)
නිවුන් දරුවන් ඉන්න පවුල් වල ඊළඟ පරම්පරාවේ නිවුන්නු ඇති වීමේ ප්රවනතාවය වැඩියි. නිවුන් සහෝදරයෙක් ඉන්න මගේ ඥාති සොහොයුරියට ළඟදී නිවුන් දරුවන් ලැබුනා. (නදී)
ලක්ෂපානගේ පැතුම ඉටු වේවා.. (දී)
චාන්දනීට නිරෝගිමත් , ලස්සනම ලස්සන නිවුන් දරුවන් ලැබේවා ! (නදී)
ඔබේ පැතුම එලෙසටම ඉටු වෙන්ඩ කියා පතමි ලක්සපාන (දී)
ඔබේ පැතුම එලෙසින්ම ඉටුවෙන්න කියා පතමි, ලක්ෂපාන (නි)
විශ්මය ජනකයි. (ස)