වසරේ වැඩි කාලයක් ‘පාවෙමින්‘ ගමන් කිරීමට කැමැති අය සදහාම ගැලපෙන දිය මත ‘පාවෙන‘ නගරයක් ඉදිකිරීමට ඇමරිකා සමාගමක් සැළසුම් සකස් කර ඇතැයි වාර්තා වේ.
මෙම නගරය ඉදිකෙරෙනු ඇත්තේ විසල් නෞකාවක් මතය.‘ස්වාධීනත්වයේ නෞකාව‘ නමින් නම් කළ මෙම නෞකාව මත මහල් 25 කින් යුතු දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත අතර පොළව මත පිහිටන නගරයක දැකගත හැකි අත්විදිය හැකි සියලූ දේ එම ගොඩනැගිල්ලේ ඇති කිරීමට නිර්මාපකයන් සැළසුම් කර ඇත.
කැසිනෝ ශාලා,රෝහල්,නිවාස සංකීර්ණ,අවන්හල් ආදියෙන් සමන්විත වනු ඇති මෙම පාවෙන නගරයේ වහල මත ගුවන් යානා ධාවන පථයක්ද නිර්මාණය කිරීමට අදහසක් ඇත.
පදිංචිකරුවන් නොනැවතී සයුරු තරණයේ යෙදී සිටිනු ඇති අතර වසරේ එක් එක් කාලයන්හිදී ලොව විවිධ නගර ආසන්නයේ ‘ස්වාධීනත්වයේ නෞකාව‘ නැංගුරම් ලා තැබීමට නියමිතය.
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි ‘ෆ්‍රීඩම් ෂීප් ඉන්ටර්නැෂනල්‘ නම් ඉදිකිරීම් සමාගමක් මෙම විසල් ව්‍යාපෘතිය පසුපස සිටින අතර මේ සදහා වැය වේ යැයි ගණන් බලා ඇති මුදල ඩොලර් කෝටි 1000 කි.
ඉක්මනින්ම ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු කරන බව නිර්මාපකයන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම් මහත්තය ඔයා හිටන විදිය වැරදී. ලංකාව තරම් උතුම් රටක් ටවත් කොහෙවත් නෑ . (අ)
අපි ඉන්න හරියෙන් ගමන් කරන දවසට මටත් ගොඩවෙන්න හැකිවෙයි (නි)
ඡායාරූපය නම් හරි ලස්සනයි (නි)
ජීවිතය විඳින්නට කැමති හා ජීවිතය එපා වුණු සියල්ලන්ටම පැමිණිය හැක.නව අදහසක්.ඒකාකාරී ජීවිතට විසඳුමක්.මෙයින් ලැබෙන අදායම ලෝක කුසගින්නට විසදුමක් වශයෙන් යොදාගත්තා නම් තවත් අර්ථවත්. (නි)
මේක නම් හොදයි (නි)
මෙය තැනිය හැකි නගරයක් (නි)
ඕකට ඔයතරම් කැලඹෙන්න ඕනේ නැහැ. අපේ මිනිස්සු නගර නොවෙයි රටත් පාවෙන්න සලස්වල තියෙන්නේ. අපට හැර කාටද ඔය වැඩේ කරන්න පුළුවන්? (නදී)
ඇත්ත වශයෙන්ම මේක හොද නිර්මාණයක් මේ වගේ දේවල් අපි අගයන්න ඕනේ. ඒත් ආරක්ෂාව ගැනත් දෙපාරක් හිතන්න ඕනේ (නදී)
නියම අදහසක් කියල වැඩක් නැහැ.(නදී)
මටත් හිතෙනවා නෝනා එක්ක පාවෙන්න යන්න (නි)
පාවෙන නගර කෙසේ වෙතත් පාවෙන වෙන විදි නම් තියෙනවා ඕන තරම් අමෙරිකාවෙ.(නදී)
අපිටත් කරන්න පුලුවන් නම්... (නි)
අපිට කරන්න මුදල් තමයි මදි (නි)
අපිටත් මේ ජාතියේ එකක් ඕනෑ වෙයිද? (නි)
ඇත්තෝ කති බොති .(නදී)
ලංකාවේ දේශපාලන හොරු ඉන්නකල් අසරණ මිනිස්සුන්ටත් පාවෙන්න තමයි වෙන්නේ. (නි)
අනේ අපිත් එකක් හදමුකෝ (නි)
වැඩේ නම් ලස්සනයි.ඒත් හරියට කරයිද? (ස)
නියම වැඩක්.(නදී)
මේ සැළසුම අනුව නම් මෙය මේ විදියට නිෂ්පාදනය කළ නොහැකි බවයි මට හිතෙන්නේ. (නි)
බැරිෙවලාවත් සුනාමියක් අාවොත්? (නි)
අපිටත් පුලුවන්. හැබැයි ගිලුන නගරය කියලා නම මාරු කරන්න වෙයි. (නි)
සුනාමියක් ආවොත්නම් සොරිම තමයි නේද ? (අ)
නියම අදහසක්.(නදී)
සාමාන්‍ය නීතියෙන් පාලනය වනවාට අකමැති අය මේවාට බොහොම කැමැත්තෙන් එක් වේවි.මොකද මෙවැනි කෘත්‍රිම නගරයක ඉන්න අයට ඒ ඒ රටවල නීති බලපාන්නේ නෑ, මොකද රටේ වෙරළෙන් ඔබ්බේ හින්දා.(නදී)
ලංකාවේ අපිත් උත්සහ කලොත් බැරි වෙන එකක් නෑ කවුරු කලත් හොද දේ අගයන්න ඕනී. (නදී)
අපේ රටෙත් හවස හයෙන් පස්සේ බහුතර ජනයා පාවෙමින් තමයි ජිවත් වෙන්නේ.(නදී)
අපිත් උත්සහ කරලා බලමු (නදී)
ඔන්න රටවල් , ඉපදෙන්න පින් කරන්න ඕනා.(නදී)
නියමයි! (නදී)
සේරම් දැම්ම චුත වෙන්න ඉක්මනට ඇමෙරිකාවේ ඉපදෙන්න.(නදී)
සේරම්, නැවත ඉපදෙනකම් ඉන්න ඕනෑ නැහැ. බෝට්ටුවකට නැගලා යන්න. (නි)
ඇමරිකාවට ජය! මේ නිර්මාණය කරන්න පුළුවන් (නි)
සේරම් ඔබ හරි! (නදී)
ලංකාව ආසියාවේ ආස්චර්ය කරන්න නම් මේ වගේ දෙයක් වත් කරන්න වෙයි.(නදී)
යන්න හිතෙනවා.(නදී)