සිංහල සංස්කෘතිය ලොවට පෙන්වීම වෙනුවෙන් කැපවී කටයුතු කරන ප්‍රංශයේ පැරිස් නුවර "තිසරාවී" කලායතනය ශ්‍රී ලාංකික නැටුම් කලාව ප්‍රගුණ කළ ප්‍රංශයේ උපත ලද ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දරු දැරියන් හට ශීර්ෂාභරණ පැලැඳවීමේ කලඑළි මංගල්‍යයක් පැරිස් නුවර ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විය.
නැකත් චාරිත්‍ර පිළිපදිමින් අරුණ වැටෙන්නටත් පෙර ආරම්භ කළ මංගල්‍යය අවසන් වුයේ සිසුවියන් දසදෙනෙකුගේ නැටුමකිනි.
බෞද්ධ සිරිත් විරිත් පෙරදැරි කරගෙන මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබාගනිමින් නැකතට ශීර්ෂාභරණ පැළැඳවීම සිදුවිය. "තිසරාවි" කලායතනයේ නිර්මාතෘ දිමිත්‍රි පිරිස් සහ නැටුම් ශිල්පය ප්‍රගුණ කළ දරුවන්ගේ දෙමාපියෝ මෙම උත්සවය සාර්ථක කරගැනීම සඳහා කටයුතු කළහ. ප්‍රංශයේ මෙවැනි සම්ප්‍රදායික ශ්‍රී ලාංකික කලඑළි මංගල්‍යයක් පවත්වන ලද මුල්ම අවස්ථාව මෙය විය.

![PARIS_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/PARIS_11.jpg)
![PARIS_2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/PARIS_21.jpg)
![PARIS_3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/PARIS_31.jpg)
![PARIS4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/PARIS41.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ල පැරිසියේ හොඳ හොඳ නැටුම් නටනවා..(බ)
හරිම ලස්සනයි. (ර)
එඩිතර වීර සිහලුන්ගේ ලක් දෙරණේ, ...........හෙළ නැටුමත් රකියි අපෙ රට අභිමානේ!............සිනහව නොහඳුනන ඔය පිට රෑටියන්නේ ....වචනෙට පුතේ ඇයි පිටිගල ඩොන් යන්නේ? (ම)
හොඳ වැඩක්. නමුත් අපේ දේවල් රකින්න අපේ රටේ ඉඩ හොඳටම ඇති. මේක අපේ රටේම දියුණූ කරගන්න එක තමා හොඳ සහ වඩාත් ගැලපෙන්නේ. (ම)
ආඩම්බරයි ඔබ සියලු දරුවන් ඇතුළු ගුරු බවතුන් ගැන, අපි ශ්‍රී ලාංකිකයන් වසයෙන්, මෙවැනි දේ දැකීම තුළින් අපේ සිත්සතන් තුල ඇතිවෙන්නාවූ අපේ කම කියා නිමකළ නොහැක. ඔබ සැමට තුනුරුවන් සරණ ලැබේව. දීර්ගාවූ වේවි පතමි. (අ)
මේක හොඳ දෙයක් (නි)
අසෝකා නැගණියනි හොඳහැටි අහගන්න..... නැටුමද හෙළ අපේකම ඔබ දන්න..... හෙළවිරු බවින් දම් පදයෙන් ඔදවැඩුන..... යහජීවන රටාවයි අපේකම මා දන්න... (නි)
මේ හැම දෙයක්ම ඇත්ත. අපේ උරුමයන් ඕනෑවටත් වැඩිය මෙහෙ තිබෙනවා. (නි)
හරිම ලස්සනයි (නි)
බොහොම හොඳයි (බ)
වැහැරෙන්නට නොදී අපේ කම රැකගන්න - උත්සහ දරන නුඹලට මගෙ තුති මෙන්න!............ නට නට ඉන්න රටකම නුඹ උපදින්න ...........පෙරකළ පිනක් බව පිටිගල දැනගන්න! (බ)
වැහැරෙන්නට නොදී අපේ කම රැක ගන්න ............. උත්සහ දරන නුඹලට මගේ තුති මෙන්න!!...........නට නට ඉන්න රටකම නුඹ උපදින්න.............පෙරකළ බවක් බව පිටිගල දැනගන්න!!!! (ම)
ඉ තා සතුටු දනවන සුබ දෙනෙත් පිනවන සුලබ දසුනක් . (ම)
පිටිගල මිලානෝ ,ඔබ අසා ඇතයි මා සිතමු ,නටන්න බැරි කෙනාට පොලොව ඇදයි යන පැරනි වැකිය...(ම)
පැරිස් වල ,ශ්‍රී ලාංකීය කුසුම් පිපිලා තුරුමතේ සුවද හමනවා යුරෝපයේ දස අතේ.ඉතා සතුටුයි ...(බ)
ඒවා අපේ සිංහල චාරිත්‍ර.අපි කොහේ හිටියත් ඒවා ඉෂ්ට කරනවා.අනික ඔයාට පේන්නෙම අපේ වැඩි පැරිසියේ කරන දේවල් .ඔයාට තේරුම් කරන දෙන්න තිබුනානේ සිංහල දේවල් ගැන.මෙහෙ ඉන්න ප්රංස කාරයෝ ගොඩක් ආසයි සිංහල නැටුම් ගැයුම් වලට. (බ)
මා සමග වරක් ලංකාවට ගිය ඉතාලි ජාතිකයෙක් මගෙන් ඇසුවේ, ඔබලා ගොඩනැගිල්ලක්, පාරක් විවෘත කලත් නටනවා, අමුත්තෙක් පිලිගන්නත් නටනවා, පන්සලක, පාසලක කොහේ හෝ උත්සවයක් තිබ්බත් නටනවා, නට නටා ඉන්නවට වඩා දෙයක් මේ රටේ මිනිස්සු කරන්නේ නැද්ද යන්නයි.(ම)