එක්සත් ජාතික පක්ෂ පැරිස් ශාඛාවේ මහ සභා රැස්වීම සහ නිලවරණය පසුගිය පෙබරවාරි 28 වැනි දා පැරීසියේ සෙන්ට් මොන්දේ නගර ශාලාවේදි පැවැත් වුයේය. පසුගිය ජනාධිපතිවරණයේදි යහ පාලනයක් සදහා පැරීසියේ එකමුතුවට ශක්තිය දුන් එජාප පැරිස් ශාඛාවේ සමාජිකයෝ විශාල පිරිසක් මෙදින සභාව නියෝජනය කළේය. එහිදි 2015 නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනිණි.
ඒ අනුව සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, සංවිධායක, සාමාජික ප්‍රවර්ධන ලේකම්, යුරෝපා සංවිධායක යන ප්‍රධාන තනතුරු සදහා අනුපිළිවෙළින් නාලක දෙවේන්ද්රන්, තිලිණ රණසිංහ, රෙක්ස් හෙට්ටිආරච්චි, නීල් මනෝහර, අජිත් පෙරේරා, රාජ් ප්‍රනාන්දු තේරී පත් කරගනු ලැබූහ.
උප තනතුරු සදහා සාලිය කොටිගලගේ, ධර්මසිරි ලියනවඩුගේ, ප්‍රභාත් පුන්නජිද සුබ සාධක ලේකම් ලෙස චන්ද්‍රසිරි චන්ද්‍රසේන මහත්වරු තෝරා පත් කර ගැණුනාහ.11 දෙනෙකුගෙන් සමන්විත කාරක සභාවක් සමග හිටපු සභාපති අජන්ත කල්දේරා මහතා හා වොෂිතා සේනානායක මහත්මිය අනුශාසකවරු ලෙස පත් කර ගනු ලැබූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පතනවා! (නි)
නිලධාරින් විතරයිනේ ඉන්නේ?? (නි)
වාසි පැත්තට හෝයියා! (නි)
සියල්ලටම වඩා වැදගත් වන්නේ ජාතික අභිමානයයි (නි)
මගේ අදහස ප්‍රංශයේ සිටිනා සියලු ලක්වැසියන් එකමුතුවී පක්ෂ බේද , ආගම් බේද ජාති බේද දුරලා එකම සමිතියකින් ලංකාවට සේවයක් කිරීමේ ක්‍රමයක් ඇතිකිරීම බොහෝ වටිනවා කියායි (නි)
දේශපාලනයට තැන වැදගත් නැහැ .ක්‍රියාවයි වැදගත් වෙන්නේ. නව සභාපති තුමා ඇතුළු නිලධාරී මඩුල්ලට ගෞරවනිය වැදගත් නිහතමානී ගමනක් යාමට හැකි වේවායි මා හද පතුලින්ම සුබ පතමි. මේ කණ්ඩායමේ එකමුතුකම නිහතමානී සහෝදරත්වය පිලිබදව මා සාක්ෂි දරමි. ඔබලාට දෙවි පිහිටයි (නදී)
ලංකාවෙන් පිට වෙන රටක ජීවත්වන අපට මොන පක්ෂ සහ පාටද? මේවායින් වන්නේ මේ රටවල අයගේ බේද ඇතිවීම සහ එකමුතුකම නැතිවීමය. පිටරටකදී එක ජාතියක් සැටියට මිස පක්ෂ වලට බෙදීම මම අනුමත නොකරමි (නි)
රණසිංහ, ලක්මාල් මහතුනි, එ.ජා.ප හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව, ඕනෑම සංවිධානයක බහුතරයගේ මතය මත පත්වීම් ලබයි. එය ප්රජාතන්ත්රවාදයයි. මෙලොව නොවෙනස්වන එකම දෙය වෙනසයි. සමගියෙන්, සමාදානයෙන්, කරුණාවෙන්, ඉවසීමෙන් කටයුතු කරන්න. එවිට සැනසීම ලැබෙයි. (නි)
මේවා කොච්චර හොඳද? (නි)
ජය .ජය .ජය .වේ .ශ්‍රී ලංකා ......! (අ)
ඒ.ජ .ප සබා. උඩ.පැන්නා බිම වැටුනා (නදී)
හිටපු සබාපතිට මොකද උනේ ? (නදී)
ඒ .ජා.ප. පැරිස් පිරිස නියම ජය සතුට. (නදී)
ඔබ සැමටම ජයවැව *අප රට වනුවන් (අ)
සල්ගාදු මහතානනි, පක්ෂයේ කටුස්සන් පාට මාරු කරනවා (නදී)
ලංකාවේ ආණ්ඩු වෙනස් වෙන විට ප්‍රංශයේත් සමිති සමාගම් වල නම සහ මුහුණු වෙනස් වනවා. කාගේත් සහය බලය ඇති පැත්තට (නදී)
එ.ජා.ප.පැරිස් .ශ්‍රී ලංකා පිරිසට ජය .ජය .ජය ..! (අ)