පරසිත් දන්නා නුවනින් එකිනෙකා හා සංවාදයේ යෙදීය හැකිදැයි සොයාබැලීමට සිදුකළ පර්යේෂණයක් සාර්ථක වූවේයැයි ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
පර්යේෂණයේදී ඔවුන් ඉන්දියාවේ හා ප්‍රංශයේ ජීවත්වන පුද්ගලයින් දෙදෙනෙකු තෝරාගෙන ලොව දෙකොනේ සිටියද ඔවුන් දෙදෙනා අතර සිතුවිලි හුවමාරු කරවිය හැකිදැයි සොයා බලා ඇත.
මේ සදහා ඔවුන් එක් එක් පුද්ගලයෙකුගේ හිසට විශේෂ සංවේදක සවිකරන ලද ශීර්ෂාවරණ පලන්දවා ඒවා අන්තර්ජාලය ඔස්සේ එකිනෙක හා සම්බන්ධ කර ඉන්දියාවේ සිටින පුද්ගලයාට ‘‘හලෝ‘‘යැයි සිතෙන් පවසන්නැයි උපදෙස් දී ඇත.
පුදුමාකාර ලෙස ප්‍රංශයේ සිටින පුද්ගලයා මෙම ‘‘හලෝ‘‘යන වචනය ඉන්දියාවේ පුද්ගලයාගේ සිතෙන් පැවසෙනු ග්‍රහණය කරගෙන ඇත.ඔහුගේ ශීර්ෂාවරණයට සවිකර තිබූ සංවේදක වලින් ලබාගත් තොරතුරු අනුව අනෙක් පස සිටි පුද්ගලයා ‘‘හලෝ‘‘ යැයි සිතත්දී එයට අනුරූප ලෙස මේ පුද්ගලයාගේ මොළයේ තරංග උපදින රටාව වෙනස්වූ බව නිරීක්ෂණය කිරීමට හැකිවූ බව පර්යේෂකයෝ පවසති.
එයින් පෙනෙන්නේ දෙදෙනා අතර කුමන හෝ ආකාරයක සන්නිවේදනයක් සිදුව ඇති බව යැයි ඔවුහු කියති.
මේ පර්යේෂණය සදහා අන්තර්ජාලයද මාධ්‍යයක් ලෙස භාවිතා කළත් ඉදිරියේදී අන්තර්ජාලය හෝ වෙනත් කිසිදු බාහිර සම්බන්ධතාවක් නොමැතිව සිතුවිලි පමණක් ආධාරයෙන් එකිනෙකා හා සන්නිවේදනයේ යෙදිය හැකිදැයි සොයාබැලීම පර්යේෂක පිරිසගේ අපේක්ෂාවයි.
කටයුතු සාර්ථක වුවහොත් මෙම තාක්ෂණය භාවිතයෙන් අත්පා අහිමි වූවන්ට තම මනසේ සිතුවිලි වලින් ක්‍රියාකරවිය හැකි කෘතිම අත්පා ලබාදිය හැකිවනු ඇතැයි ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතයේදී සමහරු ගංජා ගහලා වගේ තැන තැන වාඩිවෙලා ඉඳීවීද දන්නෙ නැහැ (නි)
නියම සොයාගැනීමක්නේ (නි)
මේ ක්ෂේත්රය, මේ ටෙලිපති අදි මානසික බලය, මනෝකාය ගැන තවම පර්යේෂණ කරලා ඉවර වෙලා නිගමන වලට ඇවිල්ල ඒවා සිද්දාන්ත විදියට තවම පිලි අරගෙන නැහැ. මතකද ඉස්සර හිටිය යුරි ගෙලර් එහෙම ?එයාගේ වංචාවන් පස්සේ කලෙකදී එලියට ආවා නේද ? ඒ නිසා ඉක්මන් වෙන්න නරකයි (නදී)
භාවනාවෙන් මනස උසස් කරගත් අපේ ආර්යන් වහන්සේලා මීට වැඩ ප්රාතිහාර්ය පාලා තියෙනවා (නි)
ඉස්සර චිත්‍රපටි වලින් දුටු දේවල් දැන් ඇත්තටම වෙනවා දැක්කම මිනිස් වර්ගයා ගැන ආඩම්බර හිතෙනවා නේද? (නි)
අපි කාටත් ඔය දේ පුලුවන්. ඒකට සිත එකග කරගන්න විතරයි ඕනේ (නදී)
ගොඩක් අප්‍රිකානු මිනිස්සු අවුරුදු සිය ගණනකට පෙර පරසිත් කියවීමේ නුවණ යොදාගෙන තියෙනවා (නි)
දැන් ඔය විදිහට දියුනුයි කිව්වට අපේ බුදුහාමුදුරුවන්ගේ දේශනා වලින් එයාලා ප්‍රසිද්ද වෙන්න හදන්නේ (නදී)
මේ පිලිබදව හොදම සාක්ෂිය තියෙන්නේ ලංකාවේ. යක්කල ප්‍රදේශයේ ජීවත් වන කලුආරච්චි නැමැති අය පිලිබදව ඔනෑ තරම් බටහිර අය පර්යේෂණය කර තිබෙනවා. සිතුවිලි මගින් සන්නිවේදනය කල හැකි හොදම පුද්ගලයා ඔහුයි. මේ පිලිබදවත් සොයා බලන්න. මා විසින් මීට අව්රැදු 20 කට පමණ පෙර සොයා බැලුවා. ඔහු පිළිබදව ඉංග්‍රීසියෙන් ඔනෑතරම් පොත් ලියැවී තියෙනවා. (නදී)
කුමාර්, අශුද්ධ ආත්ම සම්බන්දයක් මේකට නෑ. මනස ඒකාග්ර වී මෙන් හටගන්නා මනසේ ප්‍රභල අවස්ථාවක් (නදී)
මුලු ලෝකයම බුදු දහමින් ආවරණය උන දවසක මේ හැමදේම හොදින් සිදු වේවි (නදී)
බොහොම අගෙයි පුදුම සොයා ගැනීමක් (දිල්)
"අපේ ලංකාවේ පේනකාරයෝ කරන්නෙත් ඔයදේමයි " එමනිසා වෙන්න ඇති හොරාගේ අම්මාගෙන් පේන අහන්නේ. (නි)
මේකට කියන්නේ "ටෙලිපති" කියලා. මෙය සිදුවන්නේ අශුද්ධ ආත්ම හරහා සිතුවිලි සම්බන්ධ වීමයි. අපේ ලංකාවේ පේනකාරයෝ කරන්නෙත් ඔයදේමයි (නි)
ජංගම දුරකථන සමාගම් වලට තමයි වැඩේ වෙන්නේ..කොල්ලෝ කෙල්ලන්ට නියමයි..කිසි තහංචියක් නැතුව ප්‍රේම කරන්න පුළුවන්..ආයේ එස් එම් එස් කර කර දගලන්න ඕනේ නැහැ.. (නදී)
මොන දේ පරීක්ෂණ මඟින් කළත් බුදුදහමේ උගන්වන පරචිත්ත විජානන ඥානයට සමකළ නොහැකි බව මගේ විශ්වාසයයි (නි)
බුදු දහම නව තාලෙකින්, 21 වෙනි ශත වර්ෂයට. (නදී)
අනේ අනේ දයා අලහකෝන්? මේක කොහොමද පුදුම සොයාගැනීමක් වෙන්නේ? මේක බෙෳද්ධයින්ට නම් කිසිම ආකාරයකින් නව සොයා ගැනීමක් නෙවෙයි. (නදී)
බුදු දහමේත් සිත දියුණු කිරීමෙන් ලද හැකි උසස් ඥාන ගැන විස්තර වෙනවා. (ඉන් කිහිපයක් ත්‍රිපිටකයෙන් උපුටා පහත දැක්වේ.(දීඝනිකාය- 2සාමඤ්ඤ ඵල සූත්රයයෙන්") /* "ඔහු ඊට පසු දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්ධයන් අසයි. ඔහු මෙසේ මිනිස් කණ ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්ධයන් අසයි."/ /*"ඔහු පර සිත් දැනගන්නා ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දනියි. ලෞකික හිත් අතුරින් උසස් වූ සිත අනුත්තර සිත යයි දනියි. සමාධිගත වූ සිත සමාධිගත යයි දනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිත යයි දනියි./ /*"´´ඔහු සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්තිය දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුවූ, දුක්වූ, නිරයට පැමිනෙත්, නැතහොත් යහපත් පැමිණීමවූ ස්වර්ග ලොකයට පැමිණියෝය. "/ /*" හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහිකෙරෙයි. එක් ජාතියක්ද, දෙජාතියක්ද ආදී වශයෙන් නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන්ද, මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි."/ /*"´´ඔහු සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්තිය දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ, නපුරුවූ, දුක්වූ, නිරයට පැමිනෙත්, නැතහොත් යහපත් පැමිණීමවූ ස්වර්ග ලොකයට පැමිණියෝය."/ /*"´´ඔහු සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගනී. මේ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගනී, "/ (නදී)
මෙම ශිල්පීය තාක්ෂණය ලොවටම බෙදා හරින්නේනම් ,ලොවෙහි ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් කරනු ලබන මහඟු ,උතුම් සේවයක් ! (අ)
මම බෞද්ධයෙක් වශයෙන් ආඩම්බර වෙනවා මොකද අපගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ගේ ඇත්ත මුළු ලෝකෙටම පිළිගන්න වෙනවා අකමැත්තෙන් උනත්. (නදී)
ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ භාවනාව ප්‍රගුණ කලානම් ඕවට වඩා දේවල් කරන්න පුළුවං.(නදී)