වර්ෂ 2007 සිට 2012 දක්වා පස් වසරක් ජනාධිපති ධූරය දැරූ ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මහතාගේ ලේකම් ලෙස කටයුතු කළ ක්ලෝඞ් ගෙයියොන් මහජන මුදල් අනිසි ලෙස අවභාවිතයේ යොදවා ඇතැයි චෝදනාවට වැරදිකරු විය.
නඩු විභාගය සාක්කි සහිතව ඔප්පු වීමෙන් අවුරුදු දෙකක සිර දඬුවමකට යටත් කොට පැරීසියේ ඉහළ අධිකරණ තීන්දුව දුන්නේය. ඊට අමතරව යුරෝ 75000ක ( රුපියල් ලක්ෂ 12) මුදලක දඩයක් හා වසර පහකට දේශපාලනයේ හෝ වෙනත් සමාජ කටයුතු වල යෙදීමද සපුරා තහනම් කොට ඇත.
වර්ෂ 2002 සිට 2004 දක්වා පැරීසිය අයත් කලාපයේ ප්‍රධාන පොලිස් කොමසාරිස් ලෙස ගොයියොන් සේවය කළ කාලයේ එසේ මුදල් අවභාවිත කර ඇත. එවකට ජැක් සිරාක් රජයේ ප්‍රංශ පොලිස් සේවය අයත් අභ්‍යයන්තර ආරක්ෂක කටයුතු ඇමති ලෙස නිකොලා සාර්කෝසි මහතා කටයුතු කළේය.
පොලීසියට රහස් තොරතුරු සපයන පුද්ගලයන්ට ත්‍යාග මුදල් ලබා දීම ලෝකයේ බොහෝ රටවල මෙන් ප්‍රංශයේද සිදු වන්නේය. ප්‍රංශ පොලිස් සේවයට අයත් එම මුදල් පොලිස් රහස් අංශයට අයත් ගිණුම් වල තැන්පත් කොට ඇත. මෙම තැන්පතුවේ මුදල් හුවමාරු වන්නේ නෝට්ටු ලෙසය. අනිසි ලෙස අවභාවිතයට ගෙන ඇත්තේ ඉහත ගිණුමේ ඇති මුදල් බවට ඔහුට චෝදනා එල්ල විය. පැරිස් කලාප අංක 16හී පිහිටි ඔහුගේ නිවසේ තිබී යුරෝ ලක්ෂ පහක මුදල් නෝට්ටු සොයා ගැනීමට පරීක්ෂකයන්ට හැකිවූ අතර එම මුදල් උපයා ගත් අයුරු ඔප්පු කිරීමට ඔහු අපොහෝසත් විය. පැරීසියේ පිහිටි එක්තරා බැංකු ශාඛවකට අයත් පොලව යට ආරක්ෂක යකඩ අල්මාරියක ඔහු විසින් සඟවන ලද මුදල් නොට්ටු තොගයක්ද සොයා ගැනීමට පරීක්ෂක නිලධාරීන්ට හැකි විය. සිව් වසරකට ආසන්න කාලයක් මෙම නඩුව අධිකරණය ඉදිරියේ පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝ සහ ඔවුන්ගේ හෙන්චියල ඔක්කොම හොරු. (බ)
ඔක්කොම හොරු ජනතා මුදල් අවභාවිතය හිතෙන හිතෙන විදියට. (හේ)
මට මතකයි අපේ රටේත් මෙහෙම කෙනෙක් හිටියා. අනේ මෙහෙම සිරි ලංකාවක්! (නි)
අප්පොච්චියේ! ප්‍රංශයේත් මෙහෙම හොරු ඉන්නවාද? ප්‍රංශයේ නම් හිරගෙදර යවනවා. අපේ හොරු ටික හිරගෙදර ඉස්පිරිතාලයේ නවතිනවා (නි)
අපේ නම් හිටපු ලොකු ලොක්කෝ හෙංචයියෝ බලන්න වැලිකඩ එනවා. ප්‍රංශයේත් මෙයාව බලන්න ආවද? දන්නේ නැති නිසයි ඇහුවේ (නි)
ප්රංශයෙත් හොරු හිරගෙට දානකොට එයාලගේ හිතවත් අය උසාවිය ළඟට ඇවිල්ලා කලබල කරනවාද? පහුගියදා අපේ කට්ටියක් කරපු නාඩගම දැක්කානේ! ප්‍රංශයේ එහෙම ඒවා නැතුව ඇති නේද? (නි)
අනේ! ප්‍රංශයේ ලේකම්ලා ඔහොම හොරකම් කළාට, අපේ ලේකම්ලා එහෙම වැඩ කරන්නේ නැහැ. උසාවියෙන් වැරදිකරු වෙනකම් එයාලා තොත්ත බබාලා (නි)
අනේ! අපේ අය නම් ඔහොම හොරකම් කරලා නැහැ. අපේ අය හොරකම් කළේ වැලි විකුණලා, කුඩු විකුණලා, එතනෝල් විකුණලා, පාරවල් හදලා, අවි විකුණලා, රත්තරන් විකුණලා, අපේ ඉඩම් විකුණලා... ඉතින් මදැයි නේද? ප්‍රංශයේ අයටත් අපේ අයගෙන් ඉගෙනගන්න කියන්න (නි)
මොවුන් හිරේ හරි යනවා. අපේ අය තාම එළියේ. (නි)
ඕවා වෙන්නේ ප්රංශයේනේ. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)
වසර හතරක් නඩු අහලා. (බ)
අපේ රටෙත් ඉන්නවා රජ පවුලක් සැපසේ.... (නි)
විජිත හිමි කියනවා ලංකාවේ එහෙම වෙන්නේ නැතිලු. එහෙනම් පහුගිය දිනවල මාළිගා වගයක් මගේ නොවෙයි කියලා ආණ්ඩුවට ගත්තේ. හැබැයි එහෙම වෙන්නේ නම් ලංකාවේ පමණයි (නි)
ප්‍රංශයේ අය හිරේ ගියාට අපේ අය ගියත් යන්නේ ඉස්පිරිතාලෙට. (නි)
ඒත් සිර ගෙදරට යැව්වේ නැහැනේ. ඔහුට එළියේ සිටින්න හැකි ලෙස නේද සිරදඬුවම දුන්නේ අවුරුදු දෙකකට. (නි)
ගලගෙදර විජිත හිමි සඳහන් කරන දේ වඩාත් නිවැරදිය. අපේ අය වැරදි කරන්නේ පන්සල් වල වටවන්දනාවේ යමින් බුදුන් වඳිමින්, බෞද්ධ පුත්‍රයන්ගේ ආශිර්වාදයද සමඟය. මේ නිසා ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)