තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතාවලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගත හැකි සේවාවක් ආරම්භ කර තිබේ.
පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැක.
මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කළ හැක.
දිනයක් වෙන් කරවා ගෙන ඔහු හමුවී තමන්ට අවශ්‍ය සේවය පවසා මුදල් ගෙවීමට පෙර අවශ්‍ය නම් පෙර පුහුණුවක් ලබා දීමට දිනයක්ද තරුණියට ලබා ගත හැකිය.
එක් පෙම්වතෙක් බද්දට දෙන අවම කාලය දින 3කි. ඊට අමතරව ගත වන සෑම පැයක් සඳහාම යුවාන් 30ක් අය කෙරේ. ඒ දින 3 ඇතුළත රාති‍්‍ර භෝජනය තරුණිය විසින් සපයා සේවය සපයා ගැනීමට යුවාන් 50ක් අය කරයි. සාප්පු සවාරි යාමට යුවාන් 30ක් හා චිත්‍රපටියක් නැරඹීමට යුවාන් 50ක් වේ. එය ත්‍රාසජනක චිත්‍රපටයක් නම් මුදල දෙගුණ වේ. තොල් සිප ගැනීමට යුවාන් 50 කි. දෑත් පටලවා යාම, වෙන්වෙන විට නළලට හෝ කම්මුලට හාද්දක් දීම නොමිලේ ලබා ගත හැකිය.
මව්පියන් ගෙන එන යෝජනාවලට විරුද්ද වීම හා ඒවායින් බේරීමට, යහළුවන්, නෑදෑයින් ඉදිරියේ පෙම්වතකු ඇති බව ඇගවීමට, පෙම්වතෙකු නොමැතිව සහභාගි විය නොහැකි අවස්ථාවල් වලට, රාති‍්‍ර සාද සඳහා සහභාගි වීමට බොහෝ විට තරුණියන් පෙම්වතුන් බද්දට ගනු ලබයි.
මෙම සේවය චීනයේ ඉතා ජනපි‍්‍රය සේවයක් බවට පත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනේ දේවල අගය, ගුණය අඩු උනාට, හැමදේම නරකම නැහැ නේද? (ස)
මේකේ අනික් පැත්ත ලංකාවේ කරන්නකෝ (නි)
ෂාහ්! මරුනේ. මමත් දැන්මම ඉල්ලුම් කරන්න ඕනෑ. ඒත් ඉතින් පොඩි බයකුත් තියෙනවා. මොකද අර ලෙඩ තියෙන කට්ටියද දන්නේ නැහැනේ. (නි)
ඔයවගේ වැඩ ලංකාවේ කරන්න නම් මන්ත්‍රී කෙනෙක් අල්ලගන්න වෙනවා. නැත්නම් හිරේ තමයි. පටන්ගත්තත් පහුවදාට හතු පිපෙන්න වගේ කට්ටියම ඒ ව්යපාරේම කරන්න යනවා. අන්තිමට එක් කෙනෙකුටවත් හරියට කරගන්න බැහැ. (නි)
අපේ කොල්ලෙක් බදු ගත්තොත් , කෙල්ලවත් බදු දීල ඒවි.... (දී)
මේකට අකමැති කව්රුවත්ම නෙතිදෝ (දී)
''රෝග මාරයාගෙනුත් ප්‍රවේශම් වන්න '' (නි)
චීනයේ සංස්කෘතිය බෞද්ධ. ඉතිහාසය බෞද්ධ. ඒත් දැන් ඉන්න තරුණ අය බොහෝ දෙනෙකුට ආගමක් නැහැ. ඒ අය ඇමරිකාවෙන් එන්ගලන්තෙන් එන සුද්දන්ට තමයි කැමති.බෞද්ධ ආගමට තරුණයන් ආකර්ශනය කිරීමේ වැඩපිළිවෙලක් නැහැ.ආගමික සංවිධානවලට ඉඩ දෙන්නේ නැහැ. ඇමරිකන් ක්‍රිස්තියානි අය ශිෂ්‍යත්ව ලබාගෙන ඇවිත් ඒ ආගම ඉතා සූක්ෂම විදිහට ප්‍රචාරය කරනවා. ලංකාවේ වගේමයි.ඉංග්‍රීසි උගැන්වීමට තමයි එන්නේ. විශ්ව විද්‍යාලවලත් මේ අය ඉන්නවා. ඒ අය රැකියාවක් කරන්නේ. ආගම ප්‍රචාරය කිරීම. චීනය බෞද්ධ කියන මිත්‍යාව තව බොහොම ටික කාලයයි. වයසක මිනිස්සු ටික මැරුණාම ඊළග පරම්පරාව තනිකරම ක්‍රිස්තියානි හරි කතොලික හරි වෙයි. (නි)
මේකට කියන්නේ ප්‍රේමය නෙමෙයි (නි)
ඇයි මේ වගේ හොඳ දේවල් අපේ රටෙත් පටන් ගන්න බැරි. (ස)
චීනයට ගිය වෙලාවෙ මමත් ගත්තා, නියමයි. (ස)
කුමාර් චිනේ බෞද්ධ රටක් තමයි හොඳ බෞද්ධයෝ වගේම ඒක හරියට තේරුම් ගන්න බැරි මේ වගේ හරකුත් ඉන්නවා. ඒකට මොකද කරන්නේ, ඒක කොයි ආගමට උනත් පොදුයි .. (ස)
මමත් ඉස්සෙල්ලම මගේ මහත්තයව ගත්තේ බද්දට, පස්සේ ගෙවපු යුවාන් සේරම එයාගෙන්ම ආපහු ගත්තා.(නදී)
ලංකාවේ වෙන්නේ ඔකේ අනික් පැත්තනේ. (නදී)
මේක මාර වැඩක්නේ මන් දැන් අදහස් පලවෙනකොට වෙනස් වෙනවා .ඉතින් මගේ නමින් ඔයාම අදහස් දාන්නකෝ ඉවරයිනේ වැඩේ.(නදී)
තනිකඩ මට බද්දට හරි කමක් නෑ පෙම්වතෙක් වෙන්න ඇත්නම්. (ස)
ඔන්න කරනවා නම් වැඩ.... (ස)
පුදුම වැඩ(දී)
බදු ගන්න තරම් වටිනවාද? (දී)
චීනා කොහාමත් බදු දීමට රුසිය .ඔය අපේ රටටත් නොයකුත් දේවල් බදු දෙනනේ . (දී)
මම තීරණය කළා මගේ හාමිනේව බද්දට දෙන්න. ඕනෑ අය ඉන්නවා නම් කියන්න (නි)
ලංකාවේ අය චීනේ බෞධ රටක් කියා උදම් අනනවානේ, මේ කරන්නේ සදා චාරය විනාශ කරන පව් කාර වැඩක්, ඉතින් ලංකාවේ බෞදයොත් එක උඩින්ම පිළිඅරන් කරුණු පළකිරීමෙන් පේන්නේ ඔව්න් තුල ඇති කාමුක පාපයේ සොභාවයය්. කුමාර්. (දී)
අනේ ලංකාවෙත් මේ සේවය දෙන්න කෝ. මරු. (ස)
චීනයේනේ ඉන්න තිබුනේ! (නි)
අනේ ලංකාවෙත් මේ සේවය දෙන්න (නි)
වයසක මටත් පුලුවන්ද මේකට අයදුම් කරන්න ? (නි)
ආතෝ, ප්‍රශ්නයක් නැහැ. වැඩේ ෂුවර්.දාන්න..දාන්න.. (නි)
මමත් දැන්මම දානවා දැන්වීමක් (නි)
පටපිළි විකුණලා, දත් ගලවලා,ලෝකයේ සැරිසරපු චීන්නු හොඳ, හොඳ අලුත් සෙල්ලම් පෙන්නලා ලෝකයම ආක්රමනය කිරීමට උත්සාහ කිරීම එක්තරා අභියෝගයක් බලනකොට... (නි)
දැන් හැම දේම බද්දට තියෙනවානේ ........... (දී)
මරු මරු මරු.. දානවා මාත් දැන්ම එකක්.... (දී)
වාසනාවන්ත චීන කොල්ලෝ. (ස)
බද්දට හෝ විකිනීමට වෙයි තව ටික දවසකින් (දී)
ඔය කතා හොදයි ක්පොන්ද බැදපු චිනන්ට (දී)
මේ පෙත්තා, ඔයා අර අහවල් පෙත්තාද ? (නි)
චීන්නුන්ට ගානක් ලැබෙනවා නම් මොනවද නොකරන්නේ. අනික අපි හැම දෙයක්ම දැන් කරන්නේ චීන විදියට නිසා වැඩිකල් නොගිහින් ඕවා මෙහෙදී බලා ගන්න පුළුවන්. (නි)
බොහොම හොද ස්ව්යං රැකියාවක්. නියමයි ඔහොම යනකොට තව මොන මොන දේවල් කරයිද දන්නේ නැහැ.(නදී)
ලෝක විනාශය. (අසිනි වැස්ස) (ස)
පටිට පට පට යමු චීනෙට .... (ස)
මාත් මේ වැඩේට කැමති. හැබයි හාමිනේ ගෙන් තමා පුරස්නේ (ස)
දැනට තිබෙන බෞද්ධ රටවල් බුද්ධාගමෙන් එලියට ගිහිල්ලා ඇත්තටම සත්‍ය බුදු දහමක් ලංකාවේ තියා කිසිම තැනක දැන් නැහැ.(නදී)