උපත්පාලන පෙත්තක් පුරුෂයන් වෙනුවෙන් නිපද වූ බව පර්යේෂකයෝ කියති. එම පෙත්ත නිපදවීමට පෙර උපත් පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස පුරුෂ හෝමෝන වෙනස් කිරීම හෝ ශුක්‍රාණු උදාසීන කිරීම සිදු කළ ද නව තාක්ෂණයේදී සිදුවන්නේ තාවකාලිකව වාසෙත්තමී සැත්කම හා සමාන ක්රමයකි. මෙම නව උපත්පාලන පෙත්තෙන් සිදුවන්නේ ලිංගික එක්වීමක දී ශුක්‍රාණු පිටවීම වැළැක්වීමයි.
කාන්තාවන් සදහා භාවිතාවන උපත්පාලන ක්රමවලදී හෘදයාබාධ වැළදීමේ අවධානම, අඝාතය හා ලේ කැටි ඇතිවීම වැනි අතුරු ආබාධ හටගන්නා බැවින් මෙම ක්‍රමය වඩාත් සාර්ථක වනු ඇතැයි විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.
මේ පුවත කාන්තාවන්ට එතරම් සතුටුදායක නොවනු ඇතැයි ද පර්යේෂකයෝ කියති. 2011 වර්ෂයේ දී ඇන්ග්ලියා රස්කින් විශ්වවිද්‍යාලයේ කරන ලද සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ කාන්තාවන්ගෙන් අඩකට වැඩි පිරිසක් පිරිමින්ට උපත්පාලන පෙති ලබාදී සම්බන්ධයෙන් එතරම් විශ්වාසයක් නොදක්වන බවයි. මේ පෙත්ත දිනපතා ගැනීම පිරිමින් විසින් අමතක කරනු ඇතැයි ද ඒ හේතුවෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් සිදවනු ඇතැයි ද සමීක්ෂණයට ලක්වූ කාන්තාවන් බහුතරයකගේ අදහස වී ඇත.
වෛද්‍ය
වෛද්‍ය සබටිනෝ වෙන්ටුරා සහ ඕස්ට්‍රේලියාවේ ඔහුගේ පර්යේණ කණ්ඩායම පවසන්නේ මේ නව පෙත්ත මගින් ශුක්‍රාණු නිදහස් කරන ප්‍රෝටීන වර්ග දෙකක් අවහිර කරනු ලබන බවයි. එමගින් ශුක්‍රාණු මරණයට පත්කිරීමට හෝ හෝමෝන වල තත්ත්වය වෙනස් කිරීමට ගන්නා ඖෂධ මගින් ඇතිවිය හැකි අතුරු ආබාධ වලින් වැළකී සිටිය හැකි බව ද ඔවුන් පෙන්වාදෙයි.
වෛද්‍ය වෙන්ටුරා වැඩිදුරටත් මෙසේ පවසයි.
'' මෙහි සුවිශේෂීත්වය වන්නේ මේ තාක්ෂණය මගින් මිනිසාගේ ලිංගික ක්‍රියාකාරීත්වයට බලපෑමක් සිදුවන්නේ නැහැ. එමෙන් ම පෙති ගැනීම නැවැත්වූ විට නැවත සඵල බව ලැබෙනවා. පුරුෂයන්ගේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය වෙනස් කරමින් ගැබ් ගැනිම් නැවැත්වූ ක්‍රමයක් තිබුණා. එයින් ලිංගික අතුරු ආබාධ සහ ශුක්‍රාණු ක්රියාකාාරීත්වය හීනවීම වැනි ගැටළු තිබුණා. නමුත් මේ ක්‍රමයෙන් ඒ ගැටළු ඇතිවන්නේ නැහැ.
මේ පෙති භාවිතා කරන පුරුෂයකු ලිංගික තරල විසර්ජනය කළ ද එහි ශුක්‍රාණු අඩංගු නොවේ. ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ සාඵල්‍යතාව පිළිබද විශේෂඥ ආචාර්ය ඇලන් පැසි පවසන්නේ මේ සොයාගැනීම පිළිබද විශ්වාසයක් ඇතත් එය තවදුරටත් දියුණු කළ යුතු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව හදල එනකොට බැරිය ඔය දැනට කරගෙන යන විදියට වැඩපිළිවල කරගෙන යන්න. අව්ලක් කරගන්න ඕන නැ. (ස)
අපට බය වෙන්න දෙයක් නෑ. (ස)
හුගාක් හොඳින් මුහුණ දෙන්න පුළුවන්. (ස)
චමත් ඉතාලිය, මාර අදහස්නේ තියෙන්නේ.හරියට සමනලයා කියල අදහස් දාන කෙනා වගේමයි.හොඳයි හොඳයි.අපිටත් බලල සතුටු වෙන්න එක්කම තව තවත් ලියන්න. (ස)
දැන් මට බය වෙන්න දෙයක් නැහැ (නදී)
වෙන විදිහක් නැද්ද? (නදී)
පිස්සුද එහෙම කරලා හරිද ? (නදී)
හොදම දේ ගැහැනු ආශ්‍රය නොකර ඉන්න එකයි (නි)
ගැමි සහ නිමල් කියන දේ හරියටම හරි .අනිත් එක අපිට ඕක දවසක් මග හැරුනොත්? ගැහැණු ලේසියෙන් අමතක කරන ජාතියක් නෙමෙයි පුතෝ. (නි)
මානව හිමිකම් වලට බලන්න යවන්න වෙයි (නි)
මට නිකන් මැවිලා පේනවා නෝනා මහත්තයා කෑම පිගාන අයිනෙන් පෙත්ත ගෙනල්ලා තියලා යනවා.... (නි)
රන්ජනී නමින් ලියු කෙනා අඩන්නේ නැතුව ඉන්නකෝ (නි)
මේක හොඳ දෙයක් නෙවෙයි. මම හිතන්නේ අපේ ස්ත්‍රී පාර්ශ්වය වුනත් මම කියන දෙයට එකඟ වෙයි. . .(නදී)
මධු සිංහල කොල්ලන්ට ඕව පොවන්න ඕනි නැහැ ඉබේම අරන් බොන්න ගනී. දැක්ක ගමන් මොකද අද කාලේ ඉන්නේ අලි බබාලා නිසා.(නදී)
ෆාමසි මාෆියාව ඉතාම දරුනුයි. බටහිර මරණ වලට මුල ඔය ටොන් ගණන් හදන පෙති වර්ග. ගැහැණු වඳ කරලා දැන් පිරිමිත් වඳ කරන්න හදනවා. පස්සේ උපදිනකොටම වඳ පෙති දෙන්නත් උපක්‍රම යෝදාවී. දියුණුයි කියන ලෝකය ඉතාම අවදානම්. හදාගත්තු අයටම බොන්න කියන්න. අපට එපා. ඉපදෙන්නත් කලින් ඝාතනය කරන ඝාතකයන් බංග විය යුතුයි.(නදී)
ශරීරයේ හෝ මොනයම් දෙයක සිදුවන ස්වබාවික ක්‍රියාවලියට යම් බාධාවක් (වර්ධනයක්, මර්ධනයක්, පාලනයක්),සිදුකරනු ලබන යම්දෙයක් වේ නම් එය නිසා පසුකාලීනව "අතුරු අබාධ" ඇති නොකරයි කියල කියන්න පුළුවන් කාටද? (නදී)
පුංචි පවුල රත්තරන් කියල කරවගත්ත මදිද. රුපියල් 500/= අරගෙන වාසෙත්කමී කරගත්ත අය ටික කාලෙකින් අංශභාගය හදාගත්ත නේද. ඔබ දන්නා කෙනෙක් ඉන්නව නම් හොයල බලන්න බොරුද කියලා.(නදී)
අම්මෝ දැන් කන්ටේනර් පිටින් අර ගොල්ලෝ ලංකාවට මේවා අරන් ඒයි. සිංහල කොල්ලනි, උඹලා එහෙම අහු වෙනවා නෙමෙයි. (ස)
අපෝ ඕවා බෑ.. අපිට සුද්දවූ යුද්දෙට ළමයි හදන්න ඕනා.. එහෙමයි තුමා දේසනා කලේ...(ස)
අනේ මන්දා චන්දි අක්කා රූපවතී අක්කා බොන්න කිව්වොත් බොනවා. (ස)
කොපුත් එපා, පෙතිත් එපා. ඉන්නකම් හිටියම ඉවරයිනෙ.දෙමව්පියන්ට පින්සිද්ධ වෙන්න ඉපදිලා තියෙන්නෙ නැති ලෙඩ හදා ගන්න නෙවෙයි. (ස)
දැනට තියෙන හොඳම දේ උපත් පාලන කොපු. මෙය ගැහැණු පිරිමි කියලා දෙවර්ගයක්ම තිබෙනවා.පෙති ගැනීම අපේ අයට සුදුසු නැහැ කියන මතයේ ඉන්නේ. පෙති වල ඇත්තේ බොහෝවිට හෝමෝන සහ රසායනික ද්‍රව්‍යය. (ස)
අපෝ මට නම් බැ මේවා බොන්න වෙන ක්‍රමයක්...බලමු. (ස)
හොඳ නිවුස් එකක්. ඕක ලංකාවට කවද ගෙන්නයිද දන්නේ නැහැ නේද..? හි..හි..(දිල්)
මේක අවුරුදු 10 විතර පාවිච්චි කරාට පස්සේ කියයි මේකේ අතුරු ආභාධ තියෙනවා කියලා. එතකොට වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි. මේක හොයා ගත්ත අයටම කියන්න අවුරුදු 10 ක් එක දිගට පාවිච්චි කරලා බලල කියන්න කියල හොඳඳ නැද්ද කියලා. ඊට පස්සේ අනිත් අයට දෙන්න. (ස)
පෙති ගන්න අමතක උනොත්.....අනේ මන්දා. මම නම් හිතන්නේ පෙනෙන දෙයක් උපයෝගී කර ගැනීම දෙපාර්ශවයටම හොඳයි. (ස)
බලාගෙන ඔක්කොම උදා සීන වෙන්න පුලුවන්.(නදී)
ගැහැනුන්ට පෙති දෙන එක නවතන්න එපා... පිරිමින්ටයි ගෑනුන්ටයි ටොන් ගණන් පෙති හදල ආසියාවට අහසින් බෙදන්ට. මේ ලෝකේ ජනගහනෙන් බාගයකට වඩා ඉන්නේ ආසියාවේ. (නදී)
ඕස්ට්‍රේලියාවේ ජනගහණයට සමාන ජනගහණයක් ලංකාවේ ඇත. නමුත් රටේ ප්‍රමාණය ඉතා කුඩාය. සිංහල, දෙමල, මුස්ලිම් සියල්ලම ජාතිවාදී මත දරමින් තම තමන්ගේ ජාතිය වැඩි කර ගැනීමේ පහත් උත්සහය නිසා රැකියා, වසංගත, යුද, අහාර හිඟයන්ට මුහුණ දීමට වනවා ඇත. (ස)