2015 වසර වන විට ‘‘පියාඹන‘‘ මෝටර් රථයක් වෙළදපොළට නිකුත් කිරීමට ඇමරිකාවේ ටෙරාෆියුජියා නම් මෝටර් රථ නිශ්පාදන සමාගමක් සැළැසුම් කර ඇතැයි වාර්තා වේ.
ටී-එෆ් එක්ස් නම් වන මේ පියාඹන මෝටර් රථය වචනයේ අර්ථයෙන්ම පියාසර කිරීමේ හැකියාවෙන්ද යුක්තය. මෙය ප්‍රයෝජනවත් වනු ඇත්තේ අධික රථ වාහන තදබදයකට සිරවී සිටින අවස්ථාවකදී බව නිශ්පාදකයන් කියයි.එවන් අවස්ථාවකදී කිරීමට ඇත්තේ තදබදය මගහැර ‘‘පියඹා‘‘ යාමයි.
වේගවත් බවත් සුවපහසුවත් මේ මෝටර් රථය පදවන්නාට උපරිම ආකාරයෙන් ලබා ගත හැකි බවද සදහන්ය.ජෙට් යානයක මෙන් තටු දෙකක්ද මේ රථයේ වන අතර ඒවා පියාසර කිරීමට උපකාරී වේ.විශේෂ කරුණක් වන්නේ මේ මෝටර් රථයට පියාසර තත්ත්වයට එළැඹිමට සාමාන්‍ය ගුවන් යානයකට මෙන් ධාවන පථයක් අවශ්‍ය නොවීමයි.රථයේ දෙපස සවි කර ඇති රෝටර කි‍්‍රයාත්මක කිරීම මගින් රථය ඉහළට එසවිය හැක.ගුවනේදී තටු දිගහැර පියාසර කළ හැකිය.
තාක්ෂණය ඉහළම තත්ත්වයේ නිසා මිලත් පවතිනුයේ ඉහළය.මේ රථයක් ඩොලර් 300,000 පමණ මිල වනු ඇතැයි කියැවේ.
[

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිහා මෙහෙම බලද්දී නම් විහිළුවක් වගේ. ඒත් ඉදිරියේදී මේකත් සාමාන්‍ය දෙයක් වෙයි (නි)
සුද්දගේ වැඩ නම් වැඩ.... සුද්ද වගේ කියන්නේ නිකන්ද...(ස)
මුරුගා බඩ උලාගන බලන් ඉදපන්. ඌරෝ කැකුණ තලනවිට හඹන් කුකුළන්ට මගුල් කිවුවා වගෙයි.(නදී)
මිනිස් මොලයේ අනර්ග නිමයුමක් ඇති විශිෂ්ටයි.(නදී)
වැඩේනම් හොදා අපේ අත්තලා කටින් බතල හිටවනවා මිස්ස රෝද දෙකේ බ්ය්සිකලයක් හදන්න වත් උවමනාවක් නැහැ? මොනා උනත් සුද්දා රේල් පාර හැදුවේ නැත්නම් ලංකාවේ මිනුස්සු කෝච්චියක් තවම දැකල නැහැ මාරු නේ ?(නදී)
ඒ රටවල තාම නැද්ද? මෙහෙ නම් මොටෝර් රථ පියාඹනවා.(නදී)
ලොවේ කවුරුත් නොකරන දේ අද අපේ රටේ සොයා ගන්නවා. කාටද ආඩම්බර? (නි)
සිල්වා,මට ඇතුළු අනෙකුත් ලාංකිකයන්ට උඩ බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ ඔහේ ඇතුළු අනෙකුත් "උතුම්"ජනතාව ඡන්දෙ දීලා පත්කරන අයගේ මහිමෙන්.මොකෝ මේ රට පැන්සලක්,පාපැදියක් වත් හදා ගන්ට බැරි අධම තත්වෙට පත්කළේ ඔහෙලගෙ ඡන්දෙන් ආපු අය. (නි)
වාහන තද බද අස්සේ කොහොමද තටු දිගහැර ගන්නේ.(නදී)
තාක්ෂණයේ තවත් මිනිසාගේ දියුණුවට යොදා ගැනීමක්. අගය කල යුතුයි. අපිද මෙවැනි නිර්මාණ කරන්න ඕනේ. අපගේ හැකියාවන්ද ඉතාමත් ඉහල මට්ටමක ඇත.(නදී)
මේවා බලලා විතරක් මදි.අපිත් බලන්න ඕනෑ මොනවද අපිට කරන්න පුළුවන් කියලා.අඩු ගණනේ ඉදිකටුවක් වත් හදාගන්න පුලුවන්ද අපිට? මේ රටේ කයිවාරු විතරයි.තමන්ගේ කුස පිරෙනවා නම් එච්චරයි.දේශපාලකයෝ බණ කියනවා. අනෙක් අය වලිගෙ වන වනා පස්සෙන් යනවා. (නි)
ගාන සැරයිනේ? ලම්බෝර්ග්හිනි වලට අඩු කරා වගේ මේකටත් බදු අඩු කරන්න වෙයි. නැත්තම් උත්තමයෝ ටික යන්නේ කොහොමද?(නදී)
මේ වාහනය හොඳ අපේ ලංකාවේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට. මොකද පාරේ යන අය යට කරන කට්ටියනේ. මේ වගේ එකක් දුන්නොත් උඩින් යන නිසා අහිංසක පාරේ යන දුප්පත් අපිට නිදහසේ නොමැරි යන්න පුළුවන්. කොහොමත් අපේ මැති ඇමතිලා යන්නේ උඩින්නේ (නි)