කාන්තා විවේකාගාරයේ පැය 8ක් හිර වී සිටින්නට වූ කතක් ඇමරිකාවේ සිටියි. කරින් පෙරීන් නැමැති ඇය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ජ්‍යෙෂ්ඨ සහකාරිනියක් ලෙස සේවය කරයි.
තම ප්‍රධානියාගේ පිටරට සංචාරයක් සැලසුම් කිරීම සඳහා ඇය සිකුරාදා දින රාති‍්‍ර 10 වන තෙක් කාර්යාලයේ රැදී සිටියහ. වැඩ නිමවී ස්වාමිපුරුෂයාට දුරකථන ඇමතුමක් දී ඇය මිනිත්තු 15 ක් ඇතුළත නිවසට යන බව කීවාය. බෑගය සූදානම් කර ගත්තත් ඇයට විවේකාගාරයට යාමට අවශ්‍ය විය. පසුව ජංගම දුරකථනයත් මේසය උඩ තබා ඇය එහි ගියාය.
තම කාර්යන් නිමවී දොර ඇරීමට තැත් කළත් ඇයට එය නොහැකි විය. දොර අගුළු වැටී තිබිණි. අසරණ වූ ඇයට කිසිවක් කර කියා ගත නොහැකි විය. මන්ද එවෙලෙහි කාර්යාලයේ කිසි කෙනෙක් නොසිටි හෙයිනි. දොරට වැරෙන් පහර දුන්නත් එය කැඞීමට නොහැකි විය.
පසුව ඇය කඩදාසි සළු 200 ක් පමණ දොර යටින් එළියට දැම්මේ එය ආරක්ෂක කැමරාවක සටහන් වී ආරක්ෂක භටයින් දකීනු යැයි සිතමිනි. එයිනුත් ඵලක් නොවුනු තැන ඇය පුටුවක් උඩ නැග සිවිලිම ගලවා බලද්දී එහි තිබී යකඩ පොල්ලක් හමු විය. එය රැුගෙන පැය 2 ක් පමණ බිත්තියට ගසා යන්තම් අත දාමා දොර ඇරිය හැකි පරිදි හිලක් සදා ගත්තා.
පැය 8 ක් පමණ විවේකාගාරයේ හිර වී සිටිමින් එළියට ඒම නපුරු සිහිනයකින් අවදිවූවා වැනි යැයි ඇය පැවසුවේ අඩමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සාමාන්‍ය දෙයක්.(නදී)
පැය ගණනක් වැසිකිලියේ ඉන්නේ කව්ද? මොන රටේද..ඇමරිකාවේ..ඇමෙරිකාවේ..ලංකාවේ එහෙම වෙන්නේ නැ..(නදී)
සමහර කරකවන වැසිකිලි දොර ලොක් වල මේ ප්රශ්නය වන්න පුළුවන්.(නදී)
ඉතින් අනේ එයාගේ මහත්තයා හොයලා නැද්ද මිනිත්තු 15න් එනවා කීව නෝනට මොකද උනේ කියලා පැය 8ක් යනකල්.(නදී)
වැසිකිලිවල පුටු තියෙන රටක් නම් මම දන්නේ නැහැ. දෙයියෝ සාක්කිම තමයි.(නදී)
අපිව හිර කරන්න කවුරුත් නැද්දෝ ? (නදී)
ඕක සුළු දෙයක්.(නදී)
සෙනසුරාදාට ඇමරිකාවෙත් නිවාඩු දිනයක්ද? (නි)