යෝගේෂ් තාරේ ඉන්දියාවේ මුම්බායි නුවර සිට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි විරාරා ග්රාමයේ ජීවත්ව ගොවියෙකි.
පසුගියදා යෝගේෂ් තම ගොවිතැන් නිම කැර නිවසට පැමිණෙන විට ඔහුගේ මවත් බිරිදත් බියෙන් නිවාස ඉදිරිපිටට වී සිටිනු දුටුවේය. යෝගේෂ්ගේ මව ඔහුට කියා සිටියේ අඩි 10ක පමණ දිග පිඹුරෙක් තම නිදන කාමරය මතට රිංගා ඇති බවය.
වහා ක්රියාත්මක වූ යෝගේෂ් වනජීවීන් ආරාක්ෂා කරන ස්වෙච්චා සංවිධානයකට ඒ බව දැන්විය. ඔවුන් පැමිණ පිඹුරා නිවසින් පිටතට ඇද දැමිය.
සත්ව ආරක්ෂිත සංවිධානයේ නියෝජිත චන්ද්රකාත් තාරුක් කියනුයේ මාස කිහිපයකින් ආහාර නොගෙන සිටි පිඹුරා කුසගින්නට ආහාර සොයා නිවසට ඇතුළු වී ඇති බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් එවෙලෙම පිඹුරා මරලා ( දිල්)
ඇයි ප්රදීප් ඔබේ රට ගැන ඔබම ඔය තරම් පහත් විදියට හිතන්නේ? අපිම අපේ රට ගැන ඔය විදියට හිතන්න ගියොත් පිටරැටියෝ අපි ගැන මොනවා කියයිද?(අ)
පිටරැටියන්ට ඕක තේරෙන්නේ කොහොමද? එයාලට සිංහල කියවන්න තේරෙන්නේ නැහැනේ (නි)
ප්රදීප්, මරා නවතියි කියලා හිතනවද? (නි)
දුම්මලසූරිය, පිටරැටියෝ අපි ගැන කියන්න ඕනෑ දේවල් කියලා බොහොම කල්. (නි)
එහෙම මරනවා නම්, ප්රදීප් වගේ අයත් පරිස්සමින් ඉන්න (නි)
සාලිය,ඔයා හරි. ප්රදීප්ට ප්රවේශම් වෙන්න වෙනවා. (නි)
අපේ රටේ ඕන තරම් සත්තු නිදහස් කරලා යවනවා අපි දැකලා තියනවා.(හේ)