පෙම්වතියක් නොමැති අඩුව පුරවා දීමේ සමත් ‘‘ජැකට්ටුවක්‘‘ජපානයේ ට්සුකුබා සරසවියේ සිසුන් පිරිසක් නිපදවා තිබේ.
මේ ජැකට්ටුව පැළද සිටින්නෙකුට කිසිවකු තමන් වැළදගෙන සිටිනවා යැයි දැනේ.ජැකට්ටුවේ ඉන ප්‍රදේශයේ සවිකර ඇති විදුලි මෝටර පද්ධතියක් මේ හැගීම පැළද සිටින්නාට දැනැවීමේ සමත්ය.
ඊට අමතරව පැළැද සිටීමට ඉස් බණුවක් ද ඇත.එයින් කාන්තා කටහඩකින් ‘‘අනේ මම පරක්කුයි නේද?‘‘මම ඔයාට ආදරෙයි‘‘වැනි පෙම්වතියන් පවසන වදන් නික්මේ.
මෙය තවමත් වෙළදපොළට නම් නිකුත් කර නොමැත.මෙයින් පෙම්වතියක් ඇතිවිට දැනෙන හැගීම කෙබදු වේදැයි යම්තරමකට හෝ දැනගත හැකි වෙතැයි මෙය නිපදවීමට මුල්වූ ශිෂ්‍ය පිරිස පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන්නුන්ට මෙච්චර අසහනයක් ?(නදී)
වැඩක් නැහැ, වැඩක් නැහැ.(නදී)
ජැකෙට්ටුව පැළදගෙන ජපන්නු එහෙනම් දිගටම සිටීවි. (නි)
මේවා හොඳයි නපුන්සකයන්ට. (ස)
නියමයිනේ පාළුව මකාගන්ඩ පුළුවන් වගේ දැන් කොල්ලන්ට බූට් වැදුනට කම්පාවෙන්න ඕනේ නෑ....... (ස)
ජපන්නු හපන්නු කියන කතාව ඇත්ත වගේම අසහන කාරයෝත් ඉඳලා හිටලා ඉන්නවා.(නදී)
එහෙම කරන්නෙපා චම්පිකා.(නදී)
මොකද මම නම් ආසා නේටිව් පෙම්වතියන් දෙන්නෙක් මව බදාගෙන ඉන්නවට. ඒ නිසා මට ජැකට් දෙකක් ඕනෑ. (නි)
මොන විකාරයක්ද මේක. ජපන් කෙල්ලෝ මේකට විරුද්ද වෙන්න ඕන.(නදී)
"විනාශ කාලේ විපරීත බුද්ධි" කියල තියෙන්නෙ නිකම් නොවෙයි (අ)
ජපනාෙග් අර පැමිපස් ඒක වාගේ තමයි මේකත්.(නදී)
කෙල්ලන්ටත් මොකක් හරි සමාන උපකරණයක් හදලානම් ජයට විකිනෙයි.. කොල්ලන්ට මේවා වැඩක් නැහැ.. (ස)
ජපන්නුන්ට මොකද වෙලා තියෙන්නේ? (නි)