පෙම්වතිය සමග දබර කර සාප්පු සංකීර්ණයක තට්ටු හතකින් බිමට පැන්න පෙම්වතෙක් චීනයේ ජියැංග්සු ප්‍රාන්තයේ සිටියි. ඔහු තවෝ ෂියෝ (38) නැමැත්තෙකි.
සාප්පු සවාරි ගොස් පැය 5 ක් පමණ ඇවිදීමෙන් හෙම්බත්ව සිටි තවෝ තවත් නම් යාමට නොහැකි බව පෙම්වතියට පැවසීය.
නමුත් පාවහන් අඩුවෙන් විකුණන තව එක් සාප්පුවකට පමණක් යාමට අවශ්‍ය බව පවසමින් ඇය ඔහු කී දේ නොසලකා හැරීයාය.
ඒ වන විටත් ඔසවාගෙන යා නොහැකි බෑග් ඔසවා සිටි ඔහු එය ප්‍රතික්ෂේප කරමින් අදට ඇති බව පැවසීය. එයින් කෝපයට පත් ඇය ලෝබ කම යැයි කියමින් ශබ්ද නඟා ඔහුට බැන වැදීමට පටන් ගත්හ.
එයින් කිපුණු ඔහු හිටි තැනම බෑග් බිම දමා දුවගෙන ගොස් හත්වන තට්ටුවේ සඳළුතලයෙන් බිමට පැන්නේ කිසි කෙනෙකුට නවතා ගන්නා හෝ සිතීමටවත් කාලයක් නොතබාය. සාප්පු සංකීර්ණයේ හදිසි අනතුරු ඒකකයේ පිරිසක් පැමිණ ඔහු වහා රෝහලට රැගෙන ගියාය.
සිද්ධිය සියැසින් දුටු සියල්ලන් පවසනුයේ සම්පූර්ණ වරද ඔහුගේ පෙම්වතිය සතු බවය. උත්සව සමයේ සාප්පු සවාරි යාමෙන් සෑම කෙනකුටම ඇති වන පීඩනය සිතා බැලීමට කාන්තාවන්ට මෙය අවස්ථාව උදා කළ දුන් බව බලධාරීන් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩයෙක්... (ස)
මෝඩයෙක්නෙ. හරි නම් කෙල්ලනෙ උස්සල පහලට දන්නා තිබුනේ. (ස)
අනේ පිස්සෙක්. දාන්න තිබ්බේ කෙල්ලව නේ පල්ලෙහාට. (ස)
ඇත්තනේ. එයා හොඳට නෝනා වගේ යයි. අර මනුස්සයට හුස්ම ගන්ඩවත් බැරි වෙන්ඩ බඩු පටවලා. (ස)
මේ වගේ ගෑණියෙක් එක්ක ඉන්නවට වඩා තට්ටු හතකින් පනින එක සැපයි කියල හිතෙන්න ඇති. (ස)
කසාද බඳින්න කලින් හොඳ තීරණයක් අරන්.... (ස)
මදැයි සාප්පු සවාරි ගියා (නි)
හැම රටකම කාන්තාවන් එක සමානයි. චීනයේ කාන්තාවන් පිරිමින්ට සාපෙක්ෂාව අඩුයිලු. එම නිසා එයාල ගණන් උස්සනවා ඇතී.(නදී)
හරිම නුවණක්කාර වැඩක් (නි)
ලංකාවේ කෙල්ලොන්ට හොද පාඩමක්.(නදී)
කෙල්ලෝ එක්ක සාප්පු සවාරි යන එක තරම් තවත් මෝඩ වැඩක් තියනවද? (නදී)
මටත් එහෙම හිතුන අවස්ථා 3 ක් 4ක් ම තියනවා .(නදී)
සාප්පු සවාරි ගැහැනු අය එක්ක චීන්නු ගියාට අපිනම් යන්නේ නැහැ. මේ කොන්ඩෙ බැදපු චීනෙක්ද කොහෙද? (නදී)