තම ආසියා සංචාරය ආරම්භ කරමින් පළමුවන ෆැන්සිස් පාප්වහන්සේ පසුගියදා දකුණු කොරියාවට පැමිණියහ.
දකුණු කොරියාවට කතෝලික සභාවේ උත්තරීතරම නායකයා පැමිණ ඇත්තේ වසර 25 කට පසුවය.
උන්වහන්සේ පිළිගැනීමට දහස් ගණන් දකුණු කොරියා ජාතිකයෝ මග දිගට පෙළ ගැසී සිටියහ.
වාර්තා වන ආකාරයට තමන්ට ගමනේ යෙදීමට කොරියාවේ සාමාන්‍යය ජනතාව භාවිතා කරන කුඩා මෝටර් රථයක් ප්‍රමාණවත් වන්නේ යැයි පාප්වහන්සේ දැඩිව අවධාරණය කර තිබෙන අතර මෙනිසා වෙඩි නොවදින විසල් මෝටර් රථයක නොව කුඩා හුරුබුහුටි මෝටර් රථයක උන්වහන්සේ ගමන් කරනු දැකගත හැකි විණ.
කතෝලික සභාවේ පියතුමන්ලා සාමාන්‍ය වාහන භාවිතා කරද්දී තමන්ට වැඩි සැළකිලි අවැසි නැතැයි උන්වහස්සේගේ මතයයි.මෙනිසා පෙර සිටි පාප්වහන්සේලා මෙන් නොව ජනතාවට වඩාත් සමීප වීමට උන්වහස්සේට හැකිව ඇත.
‘‘ජනතාවගේ පාප්වහන්සේ‘‘ ලෙස උන්වහන්සේව හැදින්වේ.
වතිකාන ආරංචි මාර්ග වලට අනුව පාප්වහන්සේගේ දකුණු කොරියා සංචාරයේ අරමුණ දකුණු කොරියාවේ කතෝලික සභාවේ කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමයි.
පසු අවස්ථාවකදී සියොල් නගරයේ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජාවක්ද පැවැත්වීමට නියමිතව ඇතැයි සඳහන්ය.
උතුරු හා දකුණු කොරියාව අතර ඇතිව තිබෙන අර්බුදය ගැනද විමසා බැලීමට උන්වහන්සේ අදහස් කරගෙන සිටින බව පැවසේ.කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් උතුරු කොරියා බළධාරීන් හා සාකච්ඡා පැවැත්වීමට ගත් උත්සාහයන් අසාර්ථකව ඇත.
උතුරු කොරියාව පාප්වහන්සේගේ පැමිණීම නිමිත්තෙන් සිදුකළේ කෙටි දුර මිසයිල අත්හදා බැලීමක යෙදීමයි.උන්වහන්සේ පැමිණීමට පෙර එක් වරකුත් පැමිණි පසු තවත් වරකුත් ලෙස අවස්ථා 2 ක දී උතුරු කොරියාව මිසයිල අත්හදා බැලු බව දකුණු කොරියා ආරක්ෂක අංශ කියයි.
දකුණු කොරියා ජනපති පාක් ජින් හයේ සමග පැවැති හමුවේදී පාප්වහන්සේ කියා සිටියේ ‘‘කොන් කිරීමක්,විවේචනය කිරීමක්,හා බලය භාවිතා කිරීමක්‘‘ නොමැති රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇති වන්නේ නම් ලෝකයේ සාමය පවත්වා ගැනීම ගැටලූවක් නොවන බවයි.
ආසියා සංචාරයේ පියවරක් ලෙස එළැඹෙන ජනවාරි මාසයේදී උන්වහන්සේ ශ්‍රී ලංකාවටද පැමිණීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවු පියාණන්ගේ ආදරය ලොවට බෙදන අපගේ ආදරණිය නායකයන්ට මගේ ගෞරවය පුදකරමි. (නි)
අපගේ ප්‍රණාමය. (අ)
අපගේ උත්තරීතර නියමුවාණනි...ඔබගේ යහපත් සිතුවිලි ජන හදවත් තුලට කාවැද්දීමට ඔබට හැකිවේවා...(අ).
මෙලෙසම ලංකාවට ඒමට එතුමානන්ට නිරෝගි සුව දේව ආශිර්වාදය ලැබේවා! (නි)
ඔබතුමාට දිගාසිරි වේවා! (නි)
පපා ප්රැන්සිස්කෝ මම ඔබට ආදරෙයි. (නදී)
ඔබගේ සිතුම් පෙතුම් තුලින්, මම අප දෙවිදුන් දකිමි (දී)
ජේසු පිහිටයි (දී)
දුප්පත් කම දන්නා , දේශපාලනය නොකරන , අවංක සිතින් ක්‍රිස්තු දරමය අනුව කටයුතු කරන කෙනෙක් ෆ්‍රැන්සිස් පාප් තුමා , ඔබගේ සිනහව තුලින් දකිනා ආලෝකයත් අපිට සිසිලය , ඔබට දිර්ගායුෂ (දී)
අපිටත් අපේ රටට අවශ්‍ය මෙවැනි ආගමික නායකයන් , සියලුම ලෝක වාසින් සමග සාමය සහජීවනය පතුරුවන , අපේ ආගමික නායකයන්ට මොහුගෙන් ඉගෙන ගන්නට බොහෝ දේවල් තිබේ (ස)
ඔබතුමාට සියළු දෙවි රැකවරණයි! (නි)
මම බුදු දහම අදහන කෙනෙක්මි. මගේ දුටු පාප් වහන්සේලාගෙන්, මෙතුමාට හිමිවන්නේ පළමුවැනි ස්ථානයයි. ඒ මෙතුමාගේ නිහතමානිකම සහ කරුණාවන්තකම නිසයි. (නි)
මෙතුමා ලංකාවට සම්ප්‍රාප්ත වෙනවා කියන්නේ, ලංකාවට ලොකු ආශිර්වාදයක්. (නි)