ලෝ සුපතල ටයිම්ස් සගරාව ‘වසරේ මිනිසා’ ෆ්‍රැන්සිස් පාප්තුමා (76)තෝරා ගත් බව එහි කර්තෘ නැන්සි ගිබ්ස් නිවේදනය කර තිබේ. ඇමරිකා රහස් ලොවට හෙළි කළ එඞ්වඞ් ස්නෝව්ඩන් දෙවැනි ස්ථානයට පත් විය.
කෝටි 120 ක කතෝලික ජනතාවගේ ප්‍රධානත්වය හිමි කර ගනිමින් පාප් පදවියට හිමිකම් කීමට සමත් වීමත්, මාස නමයක් ඇතුළත ඔහු කර ඇති සේවයත්, ඉතා කෙටි කාලයකින් ලොකයේම අවධානය දිනා ගැනීමට සමත් වීමත් මෙම ජයග්‍රහණයට හේතු වී ඇත.
මෙම වසර සඳහා 10 දෙනෙකුගේ නම් යෝජනා වී තිබිණ. සිරියානු ජනපති බෂීර් අල්-අසාද්, ඉරාන ජනපති සහන් රොහානි, ඇමරිකා සෙනට් සභික ටෙඞ් ක්රස්, සමලිංගික අයිතීය ලබා ගැනීමට සටන් කළ එඞී වින්ඩ්සර්, ඇමරිකා ජනපති බරක් ඔබාමා, පාප්තුමා, එඞ්වඞ් ස්නෝව්ඩන් සහ පොප් ගායක මිලී ඒ අතර වෙති.
2027 වසරේ සිට ටයිම්ස් සගරාව විසින් වාර්ෂිකව පුද්ගලයෙක් ‘වසරේ මිනිසා’ ලෙස තෝරා ගනු ලැබේ. මේ සඳහා ඔවුන් අදාල වර්ෂයේ හොඳ හෝ නරක ප්‍රධාන පුවත් මවන්නන් තෝරා ගනී. 2012 වසරේ තේරී පත් වූයේ ඇමරිකාජනපති බැරක් ඔබාමාය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලොවට පහල වු අග්‍රගන්‍ය නායකයෙක්. පිප් තුමනි, ඔබ තුමාට මගේ සුභ පැතුම්.(නදී)
ඔබට අපගේ සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)
අනේ! අපටත් මෙවැනි බෞද්ධ නායකයෙක් පහළ වෙනවා නම්.... (නි)
සුභ පැතුම්! (නි)
මෙම පාප්තුමා අනෙක් සියල්ලන්ටම වඩා යහපත්ය.එතුමාගේ නිල කාලය තුළදී වතිකානුවේ ඇති බොහොමයක් දුෂිත කටයුතු වලට වැටකඩොලු බඳිනු ඇතැයි විශ්වාස කළ හැකියි. (නි)
දෙවියන් වහන්සේට ප්‍රශංශා වේවා! (නි)
අපෙන් සුභ පැතුම්!. (නදී)
දෙවියන් වහන්සේට ප්‍රශංශා වේවා . එතුමා තෝරා ගැනීම අගය කරමි. (නදී)
අපෙන් සුභ පැතුම්! (නි)
එතුමා සැබෑ වෙනසක් කරන බව පේනවා. ලංකාවටත් මෙතුමා එන බව ආරංචියි.(නදී)
එතුමා හැබෑබැවටම ඒ තත්ත්වය ලබන්නට සුදුසුය. ඒ ඔහු සැබෑම මිනිසත් බවින් පොහොසත් මිනිසෙකු බව මේ කෙටි කාලය තුළ ඔප්පුකර පෙන්වීම නිසාවෙනි.(නදී)
මධු, ඔලුව ගලක වත් හැපුනද ? (නදී)
එතුමාගේ මුහුණේ තියෙන සිරියාවට සමාන කල හැකි තව කෙනෙක් මේ ලෝකේ ඉන්නවද ? (නදී)
මම නම් යෝජනා කරන්නේ අපේ සභාපති තුමාව.(නදී)
මගේ උණුසුම් සුභ පැතුම් ගරු පියතුමණි (දිල්)
මම බෞද්දයෙක්. අපේ ආගමටත් මෙවැනි නායකයෙක් බිහිවේවා. ඔහු ශ්‍රේෂ්ටයන් අතරේ ශ්‍රේෂ්ටයෙක්. (නදී)
අපේ සුබ පැතුම්. සුදුස්සාට සුදුසු තැන.(නදී)
සුභ පැතුම්! මම කතෝලිකයෙක්. මට ආඩම්බරයි (නි)
උපාලි ඔබට එකඟ වෙන්න බැරි නම් ඔයා තෝරන්න වසරේ මිනිසා කව්ද කියලා ? සතුටුයි නේද ? (ස)
උපාලි, මෝඩ අදහස් එපා හොඳේ. (ස)
උපාලි, මනුස්සයෙකුට ගරු කරන්න දන්නේ නැහැ. (ස)
මේම ලැයිස්තුවෙන් මගේ තේරීම වසරේ මිනිසා ස්නොදන්. තම ජීවිතය පවා පරදුවට තබමින් ලෝකය වෙනුවෙන් ඔහු කල සේවය අමිලය. (ස)
සිල්වා... ජිවිතේ පරදුවට තියල ස්නොව්දන් කරපු සේවයක් නැත.කලේ හතුරන්ට තමන්ගේ හමුදාව, රට පවා දීමයි.ඇමරිකාව ගැන අපි හැමෝටම ප්‍රශ්න තිබුනත් හමුදා සෙබලා කියන කෝණෙන් බලද්දී ඔහු කලේ ද්‍රෝහී කමක්. (ස)
යදම් බිදිමින් විප්ලවයක් කලා වූ ද, මානුෂික තත්වයට ගරු කලා වූ ද, එතුමා තෝරා ගැනීම අගය කරමි. (ස)
මම කතෝලිකයෙක්. ඒ නමුත් මම ආඩම්බර වෙන්නේ මෙතුමා අපේ සහාවේ නායකයා නිසා නෙමෙයි මේ තුමා යම් මනුස්සයෙක්ට පිහිටක් වුනා නම් ඒ ගැන හිතලා.(නදී)
මිට වැඩිය දිවි පරදුවට තියල ලෝකෙට සේවය කරපු මිනිස්සු ඉන්නවා. (නදී)
දැන් අපි මේ තේරීමට එකග වෙමුද? (නි)
පාප්තුමා මෙතෙක් පහළ වූ උතුම් මිනිසෙකි. මොහු මිනිසුන් අතර සිටිනා දෙවියෙක් වැනිය (නි)
අපේ සුභ පැතුම්! (නි)
මෙතුමා යම් යහපත් වෙනසක් කරන්න උත්සාහ කරනවා.අපි සියල්ලෝ එක්ව සහයෝගයෙන් කටයුතු කරමු. (නි)
මගේ තේරීම නම් ගලබොඩ අත්තේ ඥානසාර හිමිපාණන් වහන්සේවයි. ඒ හිමියෝ රටට කර ඇති අමිල සේවය ඉතා විශිෂ්ටයි.(නදී)
සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)
මම බෞද්ධ වුවත් මමත් එතුමාගේ අදහස් වලට කැමතියි. මින් පෙර සිට පාප්තුමන්ලාට වඩා ඔහු වෙනස් කෙනෙක්. (නි)
මෙතුමාට වඩා උතුම් පුද්ගලයෙක් ලොවේ නැත (නි)