කැරට් ආහාරයට ගැනීමට වඩා රතු මිදි යුෂ පානය කිරීමෙන් ඇස් පෙනීම දියුණුවන බව විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය මිලන් පාන්ඩේ පර්යේෂණයක් මගින් තහවුරු කැර ඇත.
මිදි ලෙල්ලේ ඇති සංඝටක හේතුවෙන් වයසට යාමේ දී පෙනීමට ගැටළු ඇතිකැරන පේෂි නැවත පණගැන්වෙන බව හෙතෙම සොයාගෙන ඇත.
ඇසේ රුධිර නාල වර්ධනය නැවතීම වයසට යාමේ දී ඇස් පෙනීම දුර්වල වීමට හේතුවක් බව පවසන වෛද්‍ය පාන්ඩේ පෙන්වාදෙන්නේ මේ තත්ත්වය බ්‍රිතාන්‍යයේ අන්ධභාවයට ප්‍රධාන හේතුවක් ද වන බවයි. විශේෂයෙන් ම දියවැඩියාවෙන් පෙළෙන්නන්ට මේ තත්තවය වඩාත් අන්තරායදායක බව ද ඔහු පවසයි.
ඇසේ පේෂීන් පණගැන්වීමට සමත් පොලිපිනෝල් නම් රසායනික සංඝටකය මිදි යුෂ හා මිදි ගෙඩියේ ඇති බැවින් මේ තත්ත්වයෙන් මගහැරි ඇසේ පෙනීම මියයන තුරු හොදින් පවත්වාගෙන යාමට මිදි යුෂ පානය ඉවහල්වන බව ද ඔහු කියා සිටියි.
එමෙන් ම ඔහු වැඩි දුරටත් දක්වා ඇත්තේ නිවිති වැනි පලාවර්ග හා කොළ පැහැති එළවළු ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම වර්ධනය වන බවයි. විටමින් ඒ, සී සහ ඊ සහිත ආහාර සහ මේදය සහිත ආහාර ද ඇස් රෝග වළක්වාලන බව පාන්ඩේ සිය පරීක්ෂණයෙන් පෙන්වා දී ඇත. මේ විටමින් වර්ග දීප්තිමත් වර්ණ සහිත පළතුරු සහ එළවළු වන ඉරිගු, දොඩම් සහ සියඹලාවල බහුලව ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ඇස් පෙනීම දුර්වල වේගෙනයි එන්නේ. ඒත් ඉතින් මිදී යුෂ බොන්න හිතෙන්නෙම නැහැනේ (නි)
හොඳ ලිපියක්. පරණ කරපු මිදී යුෂ (වයින් ) වලත් මේ ගුණය තිබෙනවද? (නි)
අයියෝ මේ පොටෝ වල තියෙන්නේ මිදී යුෂ නොවේ ..ඒ වයින් නේ. (ස)
මේවා බීවොක් උඩ යනවා (නදී)
ඔව් මිදී යුෂ කියන්නේ වයින් නෙමේ .ඒත් මිදී යුෂ පැණි රස වැඩිය බොන්න හොඳ නෑ දියවැඩියාව තියෙනවා අය.නිකන් අයත් වැඩිය බොන්න හොඳ නෑ ....වයින් වලත් සීනි මධ්‍යසාර තියෙනවා. (ස)
මාගලි, එහෙනම් ඔන්න මම බොන්නේ නැහැ හොඳේ. (ස)
බොන්න නම් ආසයි. ගාණනේ ප්‍රශ්නේ. (නි)
හොඳ ලිපියක්..!(දිල්)
චාමත් බිවුට කමක් නැහැ ගානකට ? මොනම දෙයක් වත් පමණට වඩා හොද නැහැ(දිල්)