මිය ගිය පුතාගේ සිරුර වළනොදමා වසර 18 ක් තිස්සේ සංරක්ෂණය කරමින් තබාගෙන සිටිනා මවක ගැන බි්රතාන්යයෙන් වාර්තා වේ'ජොනී බැකර්ඞ්සි මිය යන විට 22 වැනි වියේ පසුවිය.ඔහු එක්දරු පියෙකි.
ඔහුගේ මළගම දා සිරුර වළදැමිමට ඉඩ දුන්නේ නම් ඔහුගේ මව නොවේ.ඇයගේ අදහස වූයේ ජොනී ගේ පුත්රුවන එනම් තම මුණුබුරා ලොකු මහත් වනතෙක් ජොනීගේ සිරුර කල් තබා ගත යුතු බවයි.
‘‘මගේ මුණුබුරා තවම පොඩි එකෙක්.තාත්තාගේ ආදරය ලබන්න ඔහුට නොහැකි වුණා.සිරුර තියාගත්ත නිසා අඩු ගණනේ මගේ තාත්තා මේ වගේ කියලවත් හිතල ඔහුට සැනසෙන්න පුලූවන් වෙයි‘‘ ඇය කියන්නීය.
සිරුර කල්තබා ගැනීමට ඇය නොයෙක් ක්‍රම භාවිතා කරන්නීය.වසරක් පාසා ජොනීගේ උපන්දිනයද සමරන ඇය එදිනට ජොනීගේ සිරුරට අලූතින් ඇදුමක්ද අන්දවන්නීය.
‘‘මම දැන් වයසයි.ඉස්සර වගේ මගෙ ජොනීව බලා ගන්න අමාරුයි.ඒත් මම අත්හරින්නේ නැහැ.මගේ මුණුබුරා ලොකු වෙනකම්ම ජොනී මාත් එක්ක හිදීවි‘‘ ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා කිව්වොත් එක්කෙනයි බොරු නැති. (නදී)
කොහොමද වැස්ස දවසක ජොනීට පණ ඇවිත් අම්ම ලඟට ගියොත්?(නදී)
ආදරය වියෝව දර ගත නොහැකි වුන විට අප කව්රුත් නොයෙක් දේ කරන්න පෙළබේ (අ)
ඇත්තටම දරුවන් පණ පිටින් මහා මඟ දමලා යන අපේ රටේ අම්මලට තවත් අම්මා කෙනෙක් දරු දුකක.. නිම් නැති අගය කියාපාන හැටි හරිම දුක්බරයි..!! අම්මේ ඔබට සත්‍ය වැටහී ..දුකින් මිදී මේ භාවයේ සංසාරය කෙලවර කර ගන්නට වාසනාව ලැබේවා ... !!! (ස)
කිසා ගෝතමියට ජීවිතේ ගැන කියා දෙන්න බුදුන් වැඩ සිටියා. අම්මේ, ඔබට මේ සංසාර දුක ගැන, ජීවිතේ ගැන, කියා දෙන්න ඇති වෙන හැම දේම නැති වෙන බව කියා දෙන්න කවුද ඉන්නේ?. දරුවා රැක ගැනීමේ ඔබේ උත්සාහය මහමෙරක් තරම් අගේ කලත් දරු සෙනෙහස නිසා ඔබ බැදී ඇති භව තණ්හාව දුරු කරන්නත් සත්‍ය ඔබට පසක් කිරීමටත් කිසිවකුගේ අවධානය යොමු වේවා කියා පතනවා. (ස)
අම්මා වරුණේ..... අම්මා වරුණේ..... දරු වන්ගේ දුක් කදුළු දකින දා සුරලොව අත පා ඒ කදුළේ ........(අ).
ආදර කරුණා දයාගුණ සාගරය පරදයි නොමියෙන ගිනි උසුලන හද... (නි)
ආදර අම්මේ ..... (නි)
පුදුමයක්! එංගලන්තේ මිනිස්සු, විශේෂයෙන් ගැහැණු කව්රුහරි මැරුණහම ගෙටවත් ගන්නේ නැහැ.මිනිය බලන්නේවත් නැහැ. තරුණ අය මැරෙන්නෙත් කලාතුරකින්නේ.කොහොම වුණත් ඒ අම්මා ඉන්න තැනක් හොයලා අපේ පන්සලකට එක්කගෙන ගිහින් ධර්මය අවබෝධ කරලා දෙන්න තියෙන්නේ. (නි)
ධාරක ස්නේහය (දී)
මේකත් හරියට බුද්ධ කාලයේ හිටපු කිසා ගෝතමියගේ කතාව වගේ.(නදී)
දුක හිතෙන කතාව. මම ආගමක කෙනෙක් .අම්මා බුදු දහම චුට්ටක්වත් දැනගෙන හිටියා නම්? හීත් නිදහස් කරගන්ට. (ස)
මගේ අම්මා දැන් ඉන්නවා නම් කියලා හිතෙනවා. කොපමණ අපට ආදරේ කරන්න ඇතිද? (ස)
දුක හිතෙන කතාවක්, පව් අම්මා ..... (ස)
කොයි අම්මත් මෙහෙම තමයි. ලෝක ධර්මයට ගරු කරලා දරුවකුගේ සිරුර ගෙදරින් ගෙන යන්න ඉඩ දුන්නත්, හැම අම්මා කෙනෙක්ම කැමති, මමියක් ලෙස හෝ තමන්ගේ දරුවා ළඟ ඉන්නවා නම්. (ස)
ආදර මගේ අම්මා. (ස)
අනේ.............මෙයා බුදු දහම චුට්ටක්වත් දැනගෙන හිටියා නම්...... (ස)
සියලු සංස්කාරයෝ ඇති වෙන නැති වෙන බව මව්නි ඔබට වැටහේවා !! කායික මානසික සුවය ලැබේවා !! (ස)