සිය අට හැවිරිදි පුත්රයාගේ ඇදුම් පැළැදුම් වෙනුවෙන් පමණක් මසකට පවුම් 20,000 (රුපියල් 3900000) කට ආසන්න
මුදලක් වැය කරන මවක ගැන වාර්තා වනුයේ බි්රතාන්යයෙනි.
31 හැවිරිදි විකී ඇන්ටෝනියා නම් වන මේ මව වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවකි.ඇයගේ දෙමාපියන්
හා හිතවතුන් කොතෙකුත් අවවාද අනුශාසනා කළද සිය දරුවාගේ ඇදුම් පැළැදුම් වෙනුවෙන් මුදල් වැය කිරීම සීමා කිරීමට නම් ඇය සූදානම් නැත.
‘‘සමහරුනට පේනවා ඇති මම ඕනෑවට වඩා මුදල් වියදම් කරලා දරුවාව නරක් කරනවා කියලා.ඒත් මට ඕන වෙලා තියෙන්නේ මගේ පුතාව හොද පෙනුමට තියාගන්න‘‘ ඇය පවසන්නීය.
අට හැවිරිදි මේ දරුවාට මේ වන විට සපත්තු කුට්ටම් පමණක් 200 ක් තිබේ.පසුගිය මාසයේ ඇය
ඇදුම් වෙනුවෙන පවුම් 10,000 ක් රුපියල් 1950000අනෙකුත් පළදනා වෙනුවෙන් පවුම් 5000 ක් සපත්තු කුට්ටම් කිහිපයක් වෙනුවෙන් පවුම් 5000 ක් රුපියල් 9750000 ආදී ලෙස මුදල් වැය කර ඇතැයි සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි අප්පේ! මේ ළමයට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැනේ මේ ඇදුම් කන්දරාව අදිනවා ඇරුනම (නි)
පිස්සුද මන්දා? අපිට දෙන්න බැරිද ඔය සල්ලි? සල්ලි සබන් පෙන වගේ (නි)
කොලුවා වයස 8 දී ඔච්චර වියදම් කරනකොට වයස 18 තරුණයෙක් වුනවිට ගොඩක් වියදම් කරන්න සිද්ධ වෙනවාමයි.ඊට පෙර ගඩොල් බිත්ති ටික කපරාදුවක් කර ගන්න ඇඳුම් ටික මකුලුවන්ගෙන් ආරක්ෂා කරගන්න. (නි)
මමනම් මේකට වැරැද්දක් කියන්නේ නැහැ. එයා වියදන් කරන්නේ එයාගේ සල්ලි නැතුව රජයේ සල්ලි නෙවේ නේ.(නදී)
මම මේ කල්පනාකලේ දරුවාගේ පියාට මොකද වුණේ කියලා. වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් මෙච්චර මුදලක් හම්බකරන එක පහසු දෙයක් නම් නෙවෙයි. (නි)