මුදල් නෝට්ටු සපා විනාශ කර දැමිීමේ වරදට මීයෙකුට රජකාලයේ දඩුවම් දුන් පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ පලස්තීනයෙනි.
අත්පා වලින් ඉණිමගකට තබා ගැටගසනු ලැබ සිටිනා මිීයෙකුගේ ඡායාරූපයක්ද ඔහු තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.
මෙසේ මිීයාට දඩුවම් කිරීමට හේතුව ලෙස ඔහු දක්වා තිබුනේ තම මාසික චේතනය ලෙස ලද මුදල් සියල්ල මීයා සපා විනාශ කර තිබීමයි.අල්මාරියක දමා වැඩි පරිස්සමට සඟවා තිබු මුදල් නෝට්ටු සියල්ල මියා කා දමා විනාශ කර ඇතැයි ඔහු සදහන් කර තිබුණි.
මෙම පුද්ගලයාගේ කි‍්‍රයාවට එරෙහිව අවි අතට ගෙන සිටින්නේ සත්ත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයන්ය.සතුන්ට මෙසේ වද හිංසා පැමිණවීම පිළිකුල් සහගත බව එම සංවිධාන වල මතයයි.
නමුත් මෙම පුද්ගලයාට වූ අගතිය ගැන සිතා බලන විටදී ඔහු හැසිරුණු ආකාරයේ වරදක් නැතියි පවසන අයද සිටී.අනෙක් අතට පලස්තීනයේ ගාසා තීරයේ නිරතුරුව ඇතිවන ගැටුම් වලින් මිනිසුන් සිය ගණන් මිය යද්දී මුනිවත රකින්නන් මෙසේ මීයෙකු වද බන්ධනයට ලක් කළේයැයි හිස ගිනි ගත්තවුන් සේ හැසිරීම හාස්‍යජනකය යැයිද ඔවුන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දඬුවම් දෙන ඇමති කෙනෙකුත් ඉන්නවා නේද කොහෙද රටක? (නි)
සංසාරයේ තමන් කරපු අකුසල කර්ම විපාක දෙන හැටි හරිම පුදුමාකාරයි. මීයෙකුට මේ වගේ දඬුවමක් දුන්න කියලා කවුරුවත් විස්වාස කරන එකක් නෑ දැක්කේ නැත්නම්. මේක කරපු අයත් එක්ක ද්වේශ නොකර, තමුන් කරපු වැරදි කල්ප ගණන් යනතෙක් නැවත නැවත විපාක දෙන්නේ මෙන්න මේ විදියට කියලා සසරට බිය වෙන එක තමයි කල කරන්න පුළුවන් හොඳම දෙය. (ස)
මෙම මුදල් නෝට්ටු නැවත ඔවුන්ගේ ජාතික බැංකුවට දී මාරු කර ගත හැක. (ස)
ජීවිතෙට ආයේ සල්ලි කන්නේ නෑ නලින් .(නදී)
චන්ද්‍ර මෝඩ මීයා ගේ තමා එල්ලන්න ඕනේ.(නදී)
දිල්ෂාන් , චන්දි ඇර අනික් සේරම අමනුස්සයෝ නේද ඉන්දු අක්කේ: අනික් අය මනුස්සයෝ ඔක්කොම බැඳලද?.(නදී)
පැන්චියෝ වයසේ හැටියට ඉන්න දන්නේ නැතිද? ඕන නැති ප්‍රශ්න චන්දී නැන්දගෙන් අහන්නේ? දෙන්නේ නෑ ඔයාට සීනි බෝල..(නදී)
ඉන්දුගේ කතාව හරි මේ සතා මොනවා දැනගෙන ද මේවා කන්න ඇත්තේ පව් අහිංසක සතා . අපේ රටේ කොචර ඉන්නවද සාක්කු මියන් මුන්ව අල්ලලා ගස් බඳින්නේ කවදද? (නදී)
පැංචි, ඔයාගේ ප්‍රශ්නේ මට තේරෙන්නේ නැහැ, මොකක්ද මේ බැඳලද කියලා අහන්නේ, ඒකේ තියෙන වැදගත්කම මොකක්ද සත්තුන්ට සළකන විදිහේ? (නි)
පෙත්තා, දැන් ඔන්න මට ඔයාගේ කවිත් එපා වෙනවා. ඔයාවත් ඔය විදිහට එල්ලලා විනාඩි දෙක තුනක්වත් තියලා බලන්න ඕනෑ, කොහොමද දැනෙන්නේ කියලා. බුදු හාමුදුරුවෝ දේශනා කළා වගේ කෙනෙක් තව කෙනෙකුට දෙයක් කරද්දී එය තමන්ට විඳින්න වුණොත් එයට තමා කැමතිද කියලා හිතලා බලන්න ඕනෑ. (නි)
අන්න හොදයි (නි)
මම හිතන්නේ මොහු අපේ රජ කාලේ දෙන දඩුවමක් තමා මීයාට දීලා තියෙන්නේ.මට හිතෙන්නේ මොහු පලස්තීනයේ ඉපදුන නිසා මේ වගේ දඩුවමක් මීයාට දෙන්න ඇති.අවාසනාවන්ත මීයා! (නි)
ඔන්න ඉන්දු මෙල්බර්න් .., මොනවා කලත් අපේ පෙත්තව නම් එල්ලන්න එන්න එපා අපේ පෙත්ත පව් ව් ව් ව් ව් අයියෝ (නදී)
ඔය හරියටම හරි චන්ද්‍ර (ස)
නෑයෝ, වේයෝ, මීයෝ, මේ තුන් ඈයෝ අප කන ඈයෝ (නි)
රිෂාඩ්, තේරුම් ගැනීමට ශක්තියක් නොතිබුණත් හැගීම් දැනීම් ඒ සත්තුන්ටත් තිබෙනවා (නි)
මේ මනුස්සයට මී කලදක මොලේ නැ.මේකෙන් බලාපොරොත්තු වුණේ මොකක්ද? උගේ පුංචි අත් පය දුක නැතිව කොහොම බැන්ඳද අනේ.අරාබි කාරයන්ගෙ පව්කාර වැඩ. (ස)
මෙහෙමත් මිනිස්සු! (නි)
"මීපුර වැසියෝ" (නි)
මීයා පව්. මීයාට වැඩිය සල්ලි කන අය අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා (නි)
තමන් තමන්ගේ සල්ලි පරිස්සම් කර ගන්න දැන ගන්න ඕන. මෙයාට තේරෙන්නේ නැද්ද මීයා අකුරු කියවන්න දන්නේ නැහැ කියල? පරණ බෙලෙක් පෙට්ටියක්වත් නැද්ද ? ඇමරිකාවේ, රුසියාවේ ,යුරෝපේ හදපු පතුරම් පෙට්ටි ඕන තරං ඇති ඔය රටේ .(දිල්)
මට හිතෙන්නේ ''ලෝබයාගේ දේ'' මියෝ කාල වගේ ...!! (අ)
මෙතන උපාසක මහත්වරුන්ගේ හරි නෝනා කෙනෙක්ගේ හරි මෙහෙම පඩි සල්ලි කෑවා නම් බලා ගන්න තිබ්බා මීයාට වෙන දේ..(දිල්)
මෙයා ඔහොම කරලා මදි... පුසෝ දහයකට ඕකව බාර දෙන්න ඕනේ..(අ)
පලස්තීනයට බැංකු නැතිද?(නදී)
ලෝබයාගේ දේ මියා කාලා... (නදී)
ලංකාවේ පොලිසියෙන් නම් වැරදි කරලා අහු වුන ලාච්චුවේ දාලා තමයි දඬුවම් දෙන්නේ..(නදී)
ඇත්තටම හිතන්න දෙපැත්තක් තියෙනවා (නි)
දිල්ෂාන්, ඒ මිනිහගේ මාසික වේතනය දෙනවද? ඒ පවුලේ ළමයි බිරිද නඩත්තු කරන්නේ කව්ද (මියද) (නි)
මිනීමරුනට කමක් නැහැ මීයා මැරුනොත් අපට කියන්න (නි)
මේ වගේ එල්ලන්න ඕන අය 225ක් ඉන්නවා. පොඩ්ඩක් ඇවිත් උදව්වක් කරන්න බැරිද...? මේ අය අපේ රටේම සල්ලි කනවා.....(නදී)
එල්ලලා මදි. කස පර 100 දෙන්න ඕනා..(නදී)
මේ දඩුවම් දෙන්න ඕනේ ලංකාවේ වැරදි වැඩ කරන අයටයි..(නදී)
අනේ මිය පව් ව්ව් ව් .(නදී)
දේව කැමැත්ත .(නදී)
නාලක ඒකම තමා මාත් කියන්නේ. .(නදී)
කිසිම ප්‍රයෝජනයක් නැති සතෙක්. දුටු තැන මරන්න.(නදී)
නියමයි..(නදී)
හොද දඩුවම.(නදී)
රටක කාලකන්නි මිනිසුන්ගේ වැඩ. . (නදී)
නියම දඩුවම ,තෙල් දාල බදින්න ඕනේ ....(නදී)
හොඳ වැඩේ මහා ජරාම සත්තු ජාතියක්. කරන්නෙම අපරාද(අ)
නාලක, මමත් ඔයාගේ කතාව සමග එකගයි (නි)
මීයෙකුට තරම්වත් මොළයක් නැති අය. මේ වගේ දඬුවම් කරලා සතෙකුගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ ? නැවත ඒ දෙය නොකරන්නද ? මේ මීයට ආයේ සල්ලි හම්බ වුණොත් කයි, ඒ සතාට ලැබුණු දඬුවම මතක තියාගන්න තරම් මානසික ශක්තියක් නැහැ. පූසන්ව සහ බල්ලන්ව වගේ මීයන්ව හසුරුවන්න බැහැ. පුළුවන් වුණත් මේ දඬුවම හරිම අමානුෂිකයි. මීයන්ගෙන් කරදරයි නම් උන් වඳ කරන බෙහෙතක් දීලා එකවර මරලා දාන එක මීට වැඩිය මානුෂිකයි. පවු අසරණ සතා. (නි)
දිල්ෂාන් , චන්දි ඇර අනික් සේරම අමනුස්සයෝ. (නි)
මීයෙකුට තරම්වත් මොළයක් නැති අය. මේ වගේ දඬුවම් කරලා සතෙකුගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ ? නැවත ඒ දෙය නොකරන්නද ? මේ මීයට ආයේ සල්ලි හම්බ වුණොත් කයි, ඒ සතාට ලැබුණු දඬුවම මතක තියාගන්න තරම් මානසික ශක්තියක් නැහැ. පූසන්ව සහ බල්ලන්ව වගේ මීයන්ව හසුරුවන්න බැහැ. පුළුවන් වුණත් මේ දඬුවම හරිම අමානුෂිකයි. මීයන්ගෙන් කරදරයි නම් උන් වඳ කරන බෙහෙතක් දීලා එකවර මරලා දාන එක මීට වැඩිය මානුෂිකයි. පවු අසරණ සතා.(නදී)
ස්තුතියි ලංකාදීප, මගේ කොමෙන්ට් එක එඩිට් කලාට. හිතට අව කේන්තියට තමයි හරක් කියල ලිව්වේ.(නදී)
නිලුෂි-ඒක තමයි මම කියන්නේ සත්තුන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියලා ඔවුන් සතුන් නිසා.(නදී)
හම්මේ මීයා පරිස්සන් කරගන්න ඕන මොනවා කරන්නත් කලින්?.(නදී)
තමන්ගේ පඩි සල්ලි පරිස්සම් කරලා තබාගන්න මොලයක් නැති කකුල් දෙකේ මෝඩ මීයා තමා එල්ලන්න ඕනේ.තමන්ගේ චාරයක් නැති වැඩවලට මීයා පලි නෑ. (ස)
කොහොම හරි මීයා දැන් ප්‍රසිද්ධයි.... (ස)