ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙරළෙන් හදිසියේම මතුවූ කොළ පැහැති බෝල සමූහය පිටසක්වල ජීවීන්ගේ බිත්තර යැයි සිතෙන තරමට පුදුම සහගත දෙයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිය මත ලිස්සායන්නන් හා උදෑසන වෙරළේ ඇවිදින පුද්ගලයන් මේවා දැක මහත් විමතියට පත්ව සිටියි. විදෙස් මාධ්‍ය එය වාර්තා කැර ඇත්තේ ද පිටසක්වළ බිත්තර යනුවෙනි.
රාත්‍රිය පුරා වෙරළට ගසාගෙන විත් තිබූ මේ ආගන්තුක අපූර්ව වස්තූන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ විද්‍යාඥයන් පවසන්නේ ඒවා ස්පොන්ජි වැනි මුහුදු පැලෑටි විශේෂයක් බවයි. මේවා බිත්තර මෙන් රවුම් වී ඇත්තේ විලෝපිකයන්ගෙන් බේරීමට බව ද ඔවුන්ගේ අදහසයි.
දින තුනකට පමණ පෙර මේ බෝල කිහිපයක් වෙරළට පැමිණ තිබෙනු දක්නට ලැබිණි. පසුව ඒවා දහස් ගණනක් පැමිණෙන්නට විය. පසුව පැමිණි කොළ පැහැති බෝල මුලින් පැමිණි ඒවාට වඩා විශාලත්වයෙන් වැඩිවන අතර වෙරළ පුරාම දක්නට ලැබිණි.
මෙය ඉතා දුර්ලභ කොළ පැහැති ඇල්ගී විශේෂයකි. ඕස්ට්‍රේලියාවේ ජෛව විද්‍යාත්මක හා පරිසර විද්‍යාත්මක විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇලිස්ටෙයාර් පූරේ පවසන්නේ මේ කොළ ඇල්ගී උප ස්ථර මත නොවැඩෙන බවයි. ඒවා නිදහසේ වැඩෙන බව විද්‍යාඥයන්ගේ මතයයි.
මේ ආකාරයේ ඇල්ගී විශේෂ ලෝකයේ වාර්තා වන්නේ අතලොස්සකි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කියන්නේ මරිමෝ කියලා. ජපානයේ හොකයිඩෝ ආශ්‍රිතව මේවා බහුලව තියෙනවා. (නි)
අලියෙක්වත් ඔය පැත්තේ ගියාද..? අලි බෙටි වගෙයි. (නදී)
චාමික හරි, එහෙත් තියෙනවා අයිස්ලන්තයක්. ජපන් සහ අයිස්ලන්තේ මහාචාර්ය වරු දෙන්නෙක් මේ ගැන දිග කලක ඉඳල පරීක්ෂණ පවත්වනවා. මේවම තමයි වෙනසක් නෑ. හැබැයි ජපානෙයි, අයිස්ලන්තෙයි මේවා තියෙන්නේ ගංගාවල (නදී)
බැලුවම අපේ මිනිස්සු හැම දෙයක් ගැනම දන්නවනේ සතුටුයි (නදී)