ආලෝක වර්ෂ 5.5 ක දුරක සිට පෘථිවිය කරා ළඟාවී තිබෙන ගුවන්විදුලි තරංග ස්පන්ද 7 ක් පිටසක්වල ජීවයක් පවතී යන සැකය තවත් තීව්ර කරවීමටත්,විද්‍යාඥයින් අහස පොළව ගැටලන ගැටලූවක අතරමං කරවීමටත් සමත්ව තිබේ.
ඕස්ටේ්රලියාවේ පිහිටි පාර්ක්ස් අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් තරංග 6 කුත් පුවටෝ රිකෝ හි පිහිටි අරෙසිබෝ අභ්‍යාවකාශ දුරේක්ෂයෙන් එක් තරංගයකුත් බැගින් මෙම තරංග ස්පන්ද 7 අනාවරණයව තිබේ.
2007 වසරේදීද මෙවැනිම ගුවන්විදුලි තරංග ස්පන්දයක් අනාවරණය වුනු අතර ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයින් අවසානයේ සොයාගත්තේ එම ස්පන්දයට අභ්‍යාවකාශය තරණය කර පෘථිවිය කරා ළගාවීමට වසර ගණනාවක් ගතව තිබෙන බවයි.එනිසා එයට ලැබුනේ අඩු වැදගත්කමකි.
නමුත් මෙවර එම ස්පන්ද නිකුත්වූ මොහොතේම වාගේ ඒවා ග්‍රහණය කරගැනීමට පාර්ක්ස් හා අරෙසිබෝ දුරේක්ෂ සමත්ව තිබේ.
මෙම ස්පන්ද කවරකින් නිකුත්වූ ඒවාදැයි නිශ්චිත පැහැදිලි කිරීමක් සිදුකිරීමට විද්‍යාඥයින්ට මෙතෙක් හැකිව නොමැත.ගැමා කිරණ විහිදුමකින්,අධික ගුරුත්ව බලයක් තිබෙන තරුවකින් නිකුත්වූ කිරණ විහිදුමකින් මෙවැනි ගුවන්විදුලි තරංග ස්පන්දයන් ඇතිවිය හැකි බව පවසන ඔවුන් එසේ වුවත් ඒ බව නිසැකවම තහවුරු කරගැනීමට සාක්ෂි මද බව කියයි.
පිටසක්වලින් ලැබුණු පණිවුඩයක් ලෙස මෙම ගුවන්විදුලි තරංගයන් හඳුන්වාදෙන පිරිසක්ද සිටී.
මෙම රේඩියෝ තරංගය වසර බිලියන 5.5 ක පමණ දුර සිට පැමිණෙන්නට ඇතැයි පූර්ව නිගමනයකට පැමිණෙන්නට හේතුවී තිබෙන්නේ මව් ප්‍රභවයෙන් පිට වීමේදී තරංගය සතුවූ ශක්තිය පෘථිවිය කරා ළගාවීමේදී හානිවී තිබෙන බවක් හඳුනාගැනීමට හැකිව තිබීමය.එම හානිවීම සැළකිල්ලට ගෙන තරංගය ආලෝක වර්ෂ 5.5 දුරක සිටවත් පැමිණෙන්නට ඇති බව විද්‍යාඥයින් කියයි.
එසේ නමුත් එහි මව් ප්රභවය පිහිටා ඇති තැන සොයාගැනීමට අපහසුවී තිබේ.
විද්‍යාඥයින් පවසන්නේ ඉතා කෙටි කලකින් එයද සොයාගැනීමට හැකිවනු ඇති බවයි.තමන් බලාසිටින්නේ තවත් ගුවන්විදුලි තරංගයක් පෘථිවිය කරා ළගාවන තෙක් බවද එය ළඟාවූ වහාම එහි ප්රභවය සොයාගත හැකිසේ පිරික්සුම් උපකරණ සකස් කර තිබෙන බවද ඔවුන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානක, ඔයා පොඩිකාලෙ සිටම මොළය සේදූ ළිං මැඩියෙක් කියලා පේනවා. කවදාවත් පිටසක්වළ ජීවියෙක් හොයාගන්න බැහැ කිවවොට, ලංකාවට වැටුනු උල්කාවකින් සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් හමුවූ සජීවී ඩයටම කොටස් මඟින් පිටසක්වල ජීවය ඇති බවට ප්‍රභල සාක්ෂියක් හමුව අවසානයි. (නි)
මේ තරංග ලංකාවේ ඉන්න දේසපාලකයන්ට එවන තරංග. අපේ දේසපාලකයෝ දැන් ගනුදෙනු කරන්නේ පිට සක්වලත් සමගයි. පිට සක්වල ඉඩම් හා නිවාස සංකීර්ණ වල මිල ගණන් සොයා බලනවා. (අ)
අර මුලින් නැතිවෙච්ච මැලේසියානු යානයේ තරංග එන තැන හොයාගන්න බැරි අය ආලෝක වර්ෂ 5.5 ඈත තියෙන ඒවා හොයනවා(දිල්)
අපිට එක දෙවිකෙනයි ඉන්නේ. එයාව කවූරුත් මැවූවෙ නැහැ (නි)
ශානක, එතකොට දෙවියන් මැවුවේ කවුරුන්ද? (නි)
දෙයියෝ මැව්වෙ ශානක (නදී)
මොකද අපිට වෙන්න යන්නේ (නදී)
දෙයියෝ සාක්කි (නදී)
අපේ මන්දාකිනිය විතරක් ග්‍රහලෝක බිලියන 400 සහ සූර්යයන් බිලියන 144ක් තියෙනවා කියල දැනට සොයාගෙන තියෙනවා . අපේ මන්දාකිනිය වගේ තව මන්දාකිනි බිලියන ගණනක් තියෙනවා. දැනට සොයාගෙන තියෙන මුළු සූර්යයන් ගණන 40 යි. පිටසක්වල ජීවින් නැති බව හිතන ලිං ගෙම්බනේ තව සිතන්නට ප්‍රඥාව පහළවේවා (නදී)
ශානකට ඉන්නේ එක දෙවියයි. ඒ දෙවියෝ මැවුවේ සල්ලි. ශානකව මවලා තියෙන්නේ ඒ දෙවියන් කියලයි මට හිතෙන්නේ (නි)
දෙවියෝ මැවූවේ නැහැ කවුරුවත්. අමිල,ප්‍රසාද්, ඔය දෙන්නාට ඉක්මනට දෙවියෝ ඕනෑ වෙනවා. මම දන්නේ එච්චරයි. කවදාවත් පිටසක්වළ ජීවියෙක් සොයාගන්න ලැබෙන්ටන් නැහැ. (නි)
ශානක කව්ද එතකොට දෙවියෝ මැව්වේ? (නදී)
ශානක වගේ අයගේ ඔලු ගෙඩි සුද්දකළත් එයාලා මේවා විශ්වාස කරන්නේ නැහැ. (නි)
ඇත්තටම පිටසක්වල ජීවින් ඉන්නවද?(හේ)
මැවුම්කරුට අපහාස කරන ඇමීබාවන්ට කමාව ලැබෙන සේක්වා. (නදී)
මේ විශ්වයේ ඕනෑතරම් ජීවින් ඉන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඕවා හොයන්න ගිහින් වටිනා මිනිස් කාලය නාස්ති කරන්න එපා කියලයි. ධර්මය අවබෝධ කරන්න කාලය යොදවන්න කියලයි. එහෙම නේද? (නි)
ලාල් ඔයා හරියටම හරි. මාත් කියන්නේ එ්කම තමා (නදී)
ලාල්, අපහාස කරන අය මැව්වෙත් ඔය මැවුම්කරුම තමයි. (නි)
මෙහි අදහස් පළකළ සියලු දෙනාම ලාංකිකයෝ වීම නිසා මේ අදහස් ගැන පුදුම නොවෙමි. (නි)
හසන්, ඔබ කෙසේද පවසන්නේ පිටසක්වල ජීවින් නැත යනුවෙන්. බුදු දහම අධ්‍යනය කරන්න. මේ විශ්වයේ පවතින වෙනත් ග්‍රහ ලෝක තුල ජීව කොට්ටාශ ඇති බව ඔබට තහවුරු කරගත හැකියි. දේව මැවීම් සහ මිත්‍යා මත තුලින් මිදෙන්න. තෙරුවන් සරණයි.! (නදී)
ඔබ තුළින් ලෝකය දැක ගන්න විශ්වය සෙවීම නිරර්ථක ක්‍රියාවකි (බ)
ඉන්දික, මෝඩ කතා කියන්න එපා (නි)
අපේ මුතුන් මිත්තෝ එහි ඉන්නවද දන්නේ නැහැ. (නදී)
ඔයාල දැක්කද? අර ඇමරිකාවේ ප්ලොරිඩා වල ඇවිදින "ගල් ගෙඩි " ඉන්ටෙර්නෙට් එකෙන් සර්ච් කරලා බලන්න (නදී)
රුපවති,ඔය ඇවිදින ගල් ගෙඩි සිද්දිය කාලගුණ විපර්යාසයක් නිසා සිදුවෙන බව දැන් හොයාගෙන තියෙනවා! (බ)
රූපවතී අක්කා කියන්නේ ගල් ඉබ්බෝ ගැනද? (නි)
රූපවතී, දැන්වත් ඔය ළිඳේ ඉන්න ගෙම්බන්ගෙන් මිදිලා ගොඩට එන්න (නි)
ඇමරිකාවෙ නම් රූපවතීට ඊටවඩා දෙයක් තියෙනවද නේද? (නි)
කොහොම වුණත් හොඳ ආරංචියක්. (නි)
නිර්වාන්, ඒක හොඳ ආරංචියක් වෙන්නේ කොහොමද? ආලෝකයේ වේගෙන් ගියත් අවුරුදු 5.5ක් යනවා.එතකොට සාමාන්‍ය අභ්‍යවකාශ යානයකින් ගියොත් කොච්චර කාලයක් යයිද? එතකොට ඒකෙන් ඇති වැඩේ මොකක්ද? (නි)
අනේ මට ඒ ලින්ක් එක දාන්නකෝ බලන්න. ඇමරිකාවේ ඒවා බලන්න ආසයි (නි)
මීට ප්‍රථම මම මෙවැනි දේකට ප්‍රතිචාර දැක් උවෙමි. පිටසක්වල ජීවීන් නොමැත. සියළුම මැවීම් ගැන දැකගත හැකියි (නදී)
ජීවින් සොයාගත හොත් ,දේව විස්වාස ආගම් වලට කුමක්ද වෙන්නේ ?(දිල්)
හොද්දක් බතක් උයාගෙන කාලා නිදාගනිල්ලා මිනිසුනේ...ළිඳේ ඉන්න ගෙම්බා ටැප් එක ළඟ ඉන්න ගෙම්බාට වඩා සතුටින් ඉන්නවා (නි)
එතකොට කියාවි අපේ දෙවියො තමයි ඒකත් මැව්වෙ කියල. අනික මුළු විශ්වයම මැව්වෙ එයාලු. (බ)
බොරු වෙන්න ඇති. මීට කලින් කිව්වා ග්‍රහ ලෝකයක් පෘතුවියට එනවා කියල. එක තල්ලු කලේ කොහාටද කියලා කිව්වේ නැහැ. අවධානය ගන්නද කොහෙද එක එක ඒවා කියනවා (දිල්)
රුපවති මැතිනියට කියන්න තියෙන්නේ ඔය ගල් ගෙඩි ගැන ඔයාම කියන ඉන්ටෙර්නෙට් එකෙන්ම බලන්න කියල විතරයි . එකේ මොනම අද්බූත දෙයක්වත් නැහැ නුවන් හරි (අ)
බුදු හාමුදුරුවෝ ඔය හැම දෙයක් ගැනම කියල තියෙනවා. බන ටිකකුත් අහල ඇත්ත තේරුම් ගනිල්ලා. තවත් ජීවින් විශ්වයේ ඕන තරම් ඉන්නවා. මේක බලන හැමෝටම බුදු සරණයි (නදී)
මිනිස්සු බොරුව පසුපස යනවා.දෙවියෝ විතරයි ඇත්ත. (නි)
මුළු විශ්වයම මැවූවේ දෙවියෝ තමයි. ඒක පිළිගන්නේ නැති කෙනාට බොහොම ඉක්මනට දෙවියෝ ඕනෑ වේවි. (නි)
වසර බිලියන 5.5 කට කලින් නොවේ. ආලෝක වර්ෂ 5.5 ක දුර. ඒ කියන්නේ ආලෝකයේ වේගයෙන් එන නිසා වසර 5.5 කට කලින් නිකුත් වූ එකක්. (නදී)