තවත් වසර 20 ක් පමණ ගතවූ තැන නියත වශයෙන්ම පිටසක්වල ජීවයක් සොයාගැනීමට හැකිවනු ඇතැයි ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) කියයි.
ආයතනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී නාසා ආයතනයේ විද්‍යාඥයෝ අදහස් දක්වමින් පවසා සිටියේ පිටසක්වල ජීවය සොයාගැනීමට හැකිවනු ඇත්තේ අපෙගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් නොව වෙනත් සෞරග්‍රහ මණ්ඩලයකින් බවයි.
එසේ පිටසක්වල ජීවයක් සොයාගැනීමට හැකිවුනි නම් එම සියලූ තොරතුරු ලෝකයාත් සමග බෙදාහදා ගැනීමටද කටයුතු කරන බව ඔවුහු කීහ.
හබල් දුරේක්ෂය,කෙප්ලර් දුරේක්ෂය,ස්පිට්සර් දුරේක්ෂය අභ්‍යාවකාශයේ රදවා ඇති දුරේක්ෂ වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද නාසා විද්‍යාඥයෝ අදහස් දැක්වූහ.
2017 වසරේදී අභ්‍යාවකාශ ගත කිරීමට නියමිත ‘‘ටෙස්‘‘ නම් ග්‍රහලෝක සමිීක්ෂක චන්ද්‍රිකාවත්,2018 වසරේදී අභ්‍යාවකාශයේ රැඳවීමට නියමිත අධෝරක්ත කිරණ යොදාගෙන අභ්‍යාවකාශය නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් යුතු ජේම්ස් වෙබ් දුරේක්ෂයත් පිළිබදව නවතම තොරතුරුද ඔවුහු හෙළි කළහ.
ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ නිරීක්ෂණ දුරේක්ෂය මේ දක්වා නිපදවා ඇති ඉහළම තාක්ෂණයෙන් යුත් දුරේක්ෂය ලෙස සැළකෙන අතර එයින් අභ්‍යාවකාශ නිරීක්ෂණය නව මානයකට ගෙනයා හැකිවනු ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේවා එහෙනම් තමුන්නාන්සේ මිනිසෙක් නෙවෙයිද? (ස)
ඔව් ප්‍රසාන්, එහෙම තර්ක තියනවා නම් තමයි. නමුත් ඒවාට ප්‍රතිතර්කත් තියනවා. (නි)
දැනටමත් අපි පිටසක්වල ජීවීන්ගේ බැල්මට ලක්වෙලා, ක්‍රියාකාරකම් වලට ගොදුරු වෙලා ඉන්නේ කියලා සමහර ලොව පිළිගත් විද්‍යාඥයින් ඉතා ප්‍රබල තර්ක ගෙනවිත් තියෙනවා. (නි)
පිටසක්වල ජීවීන් සොයන එකත් ලෙහෙසි නැහැ වගෙයි (නි)
ආලෝක වර්ෂ 300ක් විතර දුර බලන්න පුළුවන් දුරේක්ෂයක් තියෙනවා නම් ඕකෙන් දැන්ම බලන්න බැරිද? මේ ලෝකයේ කොපමණ මිනිසුන් ඉන්නවද එදා වේල කන්න නැතුව. ඒවාට පිළියමක් හොයන්නේ නැතුව මොනවද මේ කරන දේවල්? (නි)
බලමුකෝ. අපිත් බලාගෙන ඉන්නේ එයාලා බලන්න තමයි (නි)
අපේ සෞරග්‍රහ මණ්ඩලේ එහාම කෙළවරට යන්නත් අවුරුදු තිස් ගණනක් ගියා වොයෙගේර් යානයට. ඉතින් අවුරුදු විස්සකින් කොහොමද කියන්නේ මෙහෙම? (නි)
'සිතමිස කය නැති බඹ ලොව සතරෙකි. සිත ඇතිවම කය ඇති බඹ තලයකි" බුදුන්වහන්සේගේ දේශනාවේ තිබෙයි.මෙය චක්‍රාවාටයේ කොතැනක හෝ තිබෙයි. දුෂ්කර සොයාගැනීමකි (නදී)
මෙහෙමත් මෝඩයෝ. (අ)
අපි නම් දන්නවා අපේ ලෝකයෙන් පිටත වෙනත් ජීවීන් ඉන්න බව. පිටසක්වල ජීවින් ගැන හොයන්න මහන්සිවෙන්නේ නැතුව අපේ ශරීර කූඩුව ඇතුළත හොඳට බැලුවා නම් හොඳයි නේද? (නි)
මම මගේ කන කපාගන්නවා එහෙම එකෙක් හොයාගත්තොත් (නි)
බුදුන් වහන්සේ පිටසක්වල ජීවින් ගැන දේශනා කළේ අවුරුදු 2600 කටත් පෙර. එම ලෝකවල කාල නිර්ණය පවා පෘථිවියට සාපේක්ෂව 'කල්ප' වලින් පැහැදිලි කළා. දියුණු මනසකින් දැකිය, විඳිය යුතු දෙයක් ඇසෙන් පමණක් බලන්න යන නිසයි මෙය නොතේරෙන්නේ. (නි)
ජීවීන් ඉන්නේ මේ සක්වලේ නොව පිට සක්වලේ විත්තිය මුලිම ලොවට හෙළි කලේ බුදු රජාණන් වහන්සේ ය. මේ ගොල්ලෝ දැන් කයිවාරු ගහනවා ජීවීන් ඉන්නේ පිටසක්වලේ කියල. (ස)
“බාලගිරි දෝෂය අද නොවේ හෙට“ කියලා නාසා එකේ දොරේ ගහන්න ඕනා. (නදී)
බොරු පම්පෝරී නැතිව එම්.එච් 370 හෙව්වා නම් නරකද. (නදී)
පෙර පිනකට ලෝකයේ ජීවත් වෙන්න හොඳම තැන ඉපදුනත් දැන් යන්න තැනක් නැති නිසා එතනම ඉන්නවා. ඒ තමයි අපේ ලංකාව. ලංකාව දැන් ඉවරයි. (අ)
මේ හීන සැබෑ වෙයිද? (නි)