වෙනත් ග්රහලෝකයන්ගේ ජීවය පවතීදැයි සොයාගැනීමට පිටසක්වල ජීවය සොයන්නන්ගේ විශේෂ කණ්ඩායමක් පත් කිරීමට ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) පියවර ගෙන තිබේ.
ලෝකයේ ප්‍රකට විශ්ව විද්‍යාල 10 ක මහාචාර්යවරුන්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වන අතර ඔවුන්ට අමතරව පිටසක්වල ජීවය ගැන උනන්දු කවරෙකුට හෝ මහාචාර්යවරුන්ගේ පර්යේෂණ කටයුතු වලට සහය විය හැකි බව නාසා ආයතනය සඳහන් කර ඇත.
මේ සදහා වෙනම වෙබ් අඩවියක්ද පිහිටුවා තිබෙන අතර එයට පිවිස තමන් අන්තර්ජාලයේ සරන අවස්ථාවල හමුවූ අලූත් තොරතුරු සම්බන්ධයෙන් හෝ නාසා ආයතනය අන්තර්ජාලයට එක්කරන අභ්‍යාවකාශයේ ඡායාරූපයන් නිරීක්ෂණය කර නාසා විද්‍යාඥයින්ට අතපසුවූ යමක් සොයාගැනීමට සමත්වුවහොත් හෝ එවන් කරුණු පිළිඹඳව මහාචාර්යවරුන්ගේ කණ්ඩායම දැනුම්වත් කිරීමට කෙනෙකුට හැකිය.
නාසා ආයතනය පවසන ආකාරයට මීට වසර 6 කට ඉහතදී කෙප්ලර් අභ්‍යාවකාශ දුරේක්ෂය කක්ෂගත කළ දිනයේ සිට මේ දක්වා එය ආධාරයෙන් සොයාගෙන තිබෙන ජීවය ඇති බවට සැකකෙරෙන ග්‍රහලෝක සංඛ්‍යාව දහසකට අධිකය.
මෙම ග්‍රහලෝක අතුරින් එකක හෝ ජීවය පැවතීමට සුදුසු පරිසරයක් ඇතැයි එම ආයතනයේ විශ්වාසයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වයේ අවබෝධ කරගතයුතු ගෝචර සියල්ල ඇත්තේ අප තුළ මිස අභ්‍යවකාශයේ නොවේ (නි)
බුද්ද දේශනාව, බුද්ධ දර්ශනය මේ සියල්ලට පිළිතුරු සොයා අවසන්.. (ර)
බුද්ධ දේශනාවේ පරිදි ක්‍රියා කළහොත් මෙයට පිළිතුරු ලැබෙයි. තව ශත වර්ෂ ගණනක් ගියත් තාක්ෂණය මගින් එය කල නොහැකිය. දිබ්බචක්කු ඥානය පහළකර ගැනීම තුලින් විශ්වය කැඩපතක් සේ නැරඹිය හැකිය. (ස)
දැන් අලුතෙන් කට්ටියක් ඉන්නවා බුද්ඩ දර්ශනය උඩින් පල්ලෙන් අතගාලා මොකක් හරි සූත්‍රයක හරි පොතක හරි නමක් දාලා විද්‍යාවේ හැමඑකම බෞද්ධ දර්ශනයෙන් බලන්න හදනවා.මේක බංකොලොත්බවේ ලක්ෂණයක්. බුදු දහම එකක්. විද්‍යාව තව එකක්. (නි)
ජයාත් ඔයා බෞද්ධයෙක්ද? ඔයාගේ නියම නම "ජමාල් මොහොමඩ් " ද? ඔයාගේ කමෙන්ට් එක දැක්කම මෙහෙම අහපු එක වැරදි නැහැ කියල හිතෙනවා. (ස)
ජයත් ඔබ නිවැරදියි. අනිල් මහත්තයෝ දේශපාලනයට විද්‍යාවට හැමදේටම ජාතියයි අාගමයි පටලවගන්න එපා. ඕක ගෝත්රිරික ලක්ෂණයක්. (ස)
රඟනවා විතරයි.... වැඩ නෑ... (ස)
අපේ දේශපාලකතුමාලාව ඔය වැඩේට යැව්වනම් ජනතාවට දෙයියනේ කියල සැනසීමේ ඉන්න තිබුණා. (ස)
බුදුදහම100% විද්යාත්මකයි. බුද්ධ දේශනාවන් හොඳින් කියවන්න. (ස)
ලංකවට මේව අලුත්. එ්ත් අමෙරිකාව වගේ රටකට මේක ගොඩක් හොඳ දෙයක් වෙවි. මෙ හැම දෙයක්ම අනාගත තාක්ෂණයට ගොඩාක් හොඳ දෙයක් වෙයි කියලා හිතනවා. (ස)
බුදු දහමත් එක්ක ලංකාවත් විද්‍යාවත් එක්ක ඇමරිකාවත් ඉන්නේ කොහෙද කියල මෙතන අදහස් දාන සමහරු හොයල බැලුවොත් හොඳයි. වයසට ගියාම ගගහ යන්න කෙවිටක්වත් හදන්නේ නැති, අතුරුදන් වූවන් හොයන සංවිදාන වැඩියෙන්ම තියෙන, කරන කරන හැම දෙයක්ම බුදු දහමට විරුද්ධ රට ගැන තවත් කියවන්න එපා. ඒක බුදු හාමදුරුවන්ට කරන අපහාසයක්. (ස)
අන්තර්ජාලයේ හුඟක් වෙබ් අඩවි වල තියෙනවා පිටසක්වල ජීවීන් අමෙරිකාවත් සමග දැනටමත් සම්බන්ධකම් පවත්වන බවත් අමෙරිකාව එය ලෝකයෙන් වසන් කරන බවත්. නියම ඇත්ත මොකක්ද? (බ)
බුද්ධාගම අදහන එක වෙන එකක්. බෞද්ධ දර්ශනය කියන්නේ ඉතාමත් විද්‍යාත්මක පසුබිමක් තියෙන දර්ශනයක්. (දිල්)
අනිල් මහත්තයෝ මමත් උපතින් හොඳ සිංහල බොදු මනුස්සයෙක් නමුත් මම හැම ආගමකම තියන මිත්යාවල් වලට එකහෙලාම විරුද්දයි ආගම තියෙන්න ඕන මිනිස්සු හදන්න මිසක් මිනිස්සු අතරේ ප්‍රශ්න හදන්න නෙමෙයි. ඒ වගේම විද්‍යාත්මක දේවල් මොනම ආගමකින් වත් පැහැදිලි කරන්න බැහැ එහෙම කරන්න හදන අය කරන්නේ අනුන් රැවටීමක් (නදී)
අනිල් ඔයා හරියටම හරි (දිල්)
මේ දේවල් ඒරියා 51න් අසා දැනගන්න බැරිද? ඔවුන් පිටසක්වළ ජීවීන් සමඟ සම්බන්ධ බව හැමෝම දන්නවා (නි)