උණු උණුවේම ඇණවුම් කළ ආහාරය තම පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් ආහාර ඛෙදා හැරීම සදහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා උපයෝගී කර ගැනීමට ඉන්දියාවේ මුම්බායි නගරයේ පිට්සා අවන්හලක් සැරැසෙයි. මේ යානා ශ්‍රී ලංකාවේ හැඳින්වෙනුයේ ‘කේලමා‘ යනුවෙනි.
ෆ්රැන්චෙස්කොස් පීට්සා නම් වන මේ අවන්හලෙන් පිට්සා ඇණවුම් කරන්නෙකුට ඔහු නගරයේ කාර්යබහුලම ප්‍රදේශයක වාසය කරන්නේ නම් තමන් ඇණවුම් කළ ආහාරය ඩ්‍රෝන යානයක් ආධාරයෙන් ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.
අත්හදා බැලීමක් ලෙස පසුගියදා අවන්හලේ සිට කිලෝමිීටර 1.5 ක් පමණ දුරින් පිහිටා තිබුණු මහල් නිවාසයක සිටියෙකුට පිට්සා ගෙනගොස් දීමට ඩ්‍රෝන යානයක් සාර්ථකව යොදා ගැනීමට අවන්හල සමත් විය. ඉදිරියේදී ලැඛෙන ඇණවුම් ඛෙදා හැරීම සදහා වැඩි වැඩියෙන් ඩ්‍රෝන යානා යොදාගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන් කියයි.
කාර්යබහුල මුම්බායි නගරයේ රථ වාහන තදබදයට කදිම පිළියමක් යැයි මෙම ‘ඩ්‍රෝන යානා ප්‍රවාහන සේවය‘ ඔවුන් හදුන්වාදේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වගේ එකක් ඇණවුම් කළාම දෙකක් ලැබෙනවාද? (නි)
උත්තරා බලන්නෙ නිකන් කන්නද? පුරුද්ද අතාරින්න බැහැ නේද? (නි)
ලංකාවට ඕක හරියන්නෙ නෑ. අන්තිමට යානයත් නෑ පීසා එකත් නෑ. (ස)
ඉන්දියාවට පුලුවන්නම් ලංකාවට කොහොමත් පුළුවන්. එහෙ වගේ නීල කාස හොරු අපේ රටේ නැහැ තවම.(නදී)
මෙහාට ආවොත් නම් යානය තියා ගන්නවා.(නදී)
ඔය යානය තමිල්නාඩුව පැත්තේ ගියොත් යානයයි පිට්සා එකයි දෙකම නැති වෙනවා. (ස)
ලංකාවේ පටන් ගත්තොත් දැනට පිට්සා බෙදන අසරණ යතුරුපැදි කරුවන්ගේ රැකියාවලට මොකද වෙන්නේ. (ස)
අසරණ යතුරුපැදි කරුවන්. මොන අසරණද? මේ අය පාරේ යන්නේ පිස්සු බල්ලෝ දුවනවා වගේ. මාර්ග නීති කිසිම දෙයක් පිලිපදින්නේ නැහැ. එහෙන් දාල මෙහෙන් දාලා යන්නේ. (නදී)
හැබැයි ඉන්දියාවේ අපේ වගේ පන්චිකාවත්තක් ළඟ පාතක නැතිව ඇති. (ස)
අසරණ යතුරු පැදි කරුවන් ඒ විදියට පිස්සු බල්ලෝ වගේ දුවන්නේ පිට්සා එක නිවෙන්න කලින් ගිහිල්ල දෙන්නයි. (ස)
තාක්ෂණය දියුණු වුනා කියලා මෙී වගේ සමිපත් විනාශ කරන එක අපරාදේ (ස)
ලංකාවේ කලා නම් එක පාරින් ඩ්‍රෝනා එක නැති වෙයි. (ස)