බටහිර රටවලින් නැගුණු දැඩි විරෝධය නොතකා රුසියා ජනපති ව්ලැදිමීර් පුටින් ක්රිමියාව රුසියාවේ කොටසක් බවට පත්කෙරෙන ලියැවිල්ලට අත්සන් තැබීය.
ක්රිමියාව වෙනුවෙන් ඊට අත්සන් කළේ එහි අගමැති සර්ගෙයි අක්සිනොව්ය.
යුක්රේනයට අයත් යැයි සැලකුණද ක්රිමියාව පාලනය වන්නේ එහිම පිහිටුවා ඇති රජයකිනි. ක්රිමියානුවෝ බහුතරය රුසියාවට පක්ෂව කටයුතු කරන්නෝ වෙති.
මෙම කරුණත් යුක්රේනයේ දේශපාලන අස්ථාවර භාවයත් ප්‍රයෝජනයට ගෙන ඇති පුටින් උපක්රමශීලීව ක්රිමියාව රුසියාවට ඈදා ගෙන ඇතැයි බටහිර රටවල් චෝදනා නගමින් සිටී.
ලියැවිල්ල අත්සන් කිරීමෙන් පසු පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී රුසියා ජනපති පුටීන් බටහිර රටවල් සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පිහිටා අදහස් පළ කළේය.රුසියාවේ හා එහි අසල්වැසියන්ගේ කටයුතු සම්බන්ධයෙන් පිටස්තරයන් වන බටහිර රටවල උපදෙස් තමන්ටවත් තම අසල්වැසි රාජ්‍ය නායකයින්ටවත් අවැසි නොවන බව හෙතෙම පැවසීය.
මෙම ප්‍රකාශයත් සමග උරණව ඇති බ්‍රිතාන්‍යය ප්රමුඛ බටහිර රටවල් දැන් රුසියාව මත තවත් සම්බාධක පැනවීමට කටයුතු කරමින් සිටී.බ්‍රිතාන්‍යය දැනටමත් රුසියාව සමග පවත්වාගෙන සිටි සියලූම ආකාරයේ සබදතා සීමා කිරීමට කටයුතු කර තිඛෙන අතර බ්‍රිතාන්‍යය අගමැති ඩේවිඩ් කැමරන් උත්සාහ කරමින් සිටිනුයේ යුරෝපයේ සෙසු රටවල්ද රුසියාවට දැඩි සම්බාධක පැනවීමට යොමු කරවීමටය.
දෙපාර්ශවය අතර ඇතිව තිඛෙන මේ විරසකය තවත් සීත යුධ සමයක ආරම්භය වේදෝයි විචාරකයෝ බිය පළකරති.සෝවියට් සංගමය බිද වැටීමෙන් පසු තනිවුනු රුසියාව අන්තර්ජාතික මට්ටමෙන් සබදතා ඇතිකරගනිමින් ඉදිරියට ආ ගමන ඉදිරියේදී අවහිර වන ලකුණු පෙනෙන්නට ඇතැයිද ඔවුහු කියති.
කෙසේවුවත් ජනපති පුටීන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි එරට මාධ්‍ය හා දේශපාලඥයින් දක්වා ඇත්තේ යහපත් ආකල්පයකි.ඉදිරියේදී කසකස්තානය හා බේලාරුස් ජනරජයද රුසියාවට එක්කර ගැනීමට කටයුතු කරන්නයැයි ඔවුන් ජනපති පුටීන්ට යෝජනා කර ඇත.රුසියාවට අයත්ව තිබී අන්සතුවුණු භූමි ප්‍රදේශයන් යළිත් තම පැරණි ස්වාමියා හා එක්සත් වන ශ්‍රේෂ්ඨ සමයක් යළිත් උදාවී ඇතැයි ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනදී අපි ප්‍රවේශමෙන් කටයුතු කල යුතුයි. අතීතයේ කෙසේ වුනත් අද වන විට ක්‍රිමියා අයිති වන්නේ යුක්රේනයටය. එය රුසියාවට එක් කර ගැනීම කල යුත්තේ යුක්රේනයේ කැමත්ත ඇතිව පමණි. නැත්නම් එය වැරදි ක්‍රියාවකි. චීනය පවා මේ ගැන ස්ථීර මතයක් ප්‍රකාශ නොකළේ මේ නිසයි. . ( ලංකාවේ උතරු පළාත ඉන්දියාව අත්පත් කරගත්තොත් ඔබලා කියන්නේ කුමක්ද ? අපි බටහිර රටවලට කැමති නැති බව ඇත්ත නමුත් මේ අවස්ථාවේ ඔවුන් ඉන්නේ නිවැරදි පිලේය.(නදී)
දැන් ඔය පුටින්ට හුරේ දාන කට්ටිය ඉන්දියාවෙන් ගහල යාපනේ එයාලගේ රටට එකතුකර ගත්තොත් මොකද කියන්නේ. එතකොට ඉන්දියාවට ජයවේවා කියනවද? (නදී)
කපිලගේ කියමන හරියටම හරි.(නදී)
රොෂාන් ප්‍රනාන්දු මහතාට ලියමි . මම අවුරුදු 22 ක් පමණ ජිවත් වන්නේ . ඇමරිකාවේ. නමුත් ඇමරිකාවේ තරම් මානව හිමිකම් කඩන රටක් ලෝකයේ වෙන කොහෙවත් නැහැ. එය මෙහි සිටිනා කිසි කෙනෙක් පවසන්නේත් නැහැ මොකද එයම ඇති මෙම රටේ සිරගත වන්නට. මෙහි සිටිනා දකුණු ඇමරිකානුවන් සහ පිටරැටියන් මෙය මැනෙවින් දන්නවා. අපේ ලංකාවේ අය ඇමරිකාවට දන නමස්කාර කළාට රුසියාව මෙම අතින් දහස් ගුණයක් හොඳයි. මානව හිමිකම් නොකඩන කිසිම රටක් ලෝකයේ නැහැ. එම රටේ ආරක්ෂාවට සහ රටේ ජාතියේ අනන්‍ය තාවය රැක ගන්න යන විට විට ඔය කියන මානුෂික අයිතීන් රකින්න බැහැ.(නදී)
රොෂාන් ප්‍රනාන්දු හීනෙන් දකින්නෙත් ඇමරිකාව ඇතුළු බටහිර රටවල සුරසැප වාගේ නේද. එකම කාසියක දෙපැත්ත . රොෂාන් සිහිනෙන් අවදි උනාම වැටහේවී හීනෙන් කියෙව්වේ මනස්ගාත හෝ නොදෙනුවත් කමට කියලා.(නදී)
වික්‍රම බොස්ටන්, ඇමරිකාවේ ඉදගෙන රුසියාවේ හොද කියනවා ,අර ගමේ කතාවක් තියනවා, ගගෙන් වතුර බීලා මුදට ආවඩනවා කියල,ඒ වගේ තමයි ඔයාගේ කතාවත්.මම ඇමරිකාව මානව හිමිකම් උල්ලංගනය කරනේ නැහැ කියල නැහැ,මම කියන්නේ රුසියාව සමග බලනවනම් ඇමරිකාව ඊට වඩා උසස්.ඔයා දන්නවා ඇමරිකාවේ කොච්චර රුසියානුවෝ වැඩ කරනවද,හොර වැඩ ඇමරිකාවේ ගොඩක් කරන්නේ රුසියානු මාෆියා වගේ කට්ටිය, ඔයා විතරක් නෙමේ ලංකාවේ නායකයොත් ඇමරිකාවට බැණ බැණ බේත් ගන්න යන්නේ ඇමරිකාවට ,කවුරුත් රුසියාවට යන්නේ නැහැ.එක තමයි මට තියන ප්රශ්නය ඇමරිකාවට දොස් කියනවා නමුත් එහාටමයි යන්නේ. (දී)
සේරම් ඔයා මොන රටේද ඉන්නේ කියා මම දන්නේ නැහැ ,(දී)
රුසියාව ඉන්දියාවට සමාන කරලා අපේ කච්චතිවු දුපත ක්රිමියාවට සමාන කරලා බලන්න. එතකොට වැටහේවී අපේ මිතුරු රුසියාව කරලා තියන වැඩේ හරිද කියලා. ඒත් වැටහෙන්නේ නැත්තම් කච්චතිවු වෙනුවට යාපනය ක්රිමියාවට සමාන කරලා බලන්න. (නදී)
රොෂාන් රුසියානුවන් ලෝකයේ කිසිම රටකට ශ්‍රමිකයන් වශයෙන් ගොස් වැඩ කරන්නේ නැහැ. රුසියාව කියන්නේ එදා සිටම ලෝකයේ බලවත් රටක්. ඇමරිකාව සමග ඕනෙම දෙයකින් කරට කර සිටින්නට පුළුවන් රටක්. ඇමරිකාවේ ජිවත් උනාට එහි තිබෙන වැරදී කියන්නේ ඒවා අප දකින නිසාත්. ඒවායේ පල විපාක අපත් බුක්ති විඳින නිසාත්. මම බටහිර ගැත්තෙක් වත් රුසියානු ගැත්තෙක් වත් නොව නිදහස් මධ්‍යස්ථ මත දරන කෙනෙක් . රොෂාන් පොඩ්ඩක් අන්තර්ජාලයෙන් බලන්න රුසියාවේ විස්තර. කිසි රටකට දන නොගසා තමන්ගේ සියලුම දේවල් තිබෙන රටක්. පෙට්රෝල් ස්වභාවික ගෑස්. අධි තාක්ෂණ යුධ උපකරණ. තවමත් අභ්‍යවකාශයේ කටයුතු වල පළවෙනියා රුසියාව. තව බොහෝ දේවල්. (නදී)
රොෂාන්, ලෝකයේ සුපිරි බලවතුන් අතර අතීතයේ සිටම බලය සමතුලනය කිරීමට සිටියේ රුසියාවත් චීනයත් පමණි . ලෝකයේ බොහෝ රටවල් තම බලයට යටත් කර සාරය උරමින් බටහිර රටවල් සහ ඇමරිකාව කල බොහෝ දේවල් වලට විරුද්ධව සිටියේ රුසියාව සහ චීනය පමණි . අද ලෝකයේ බොහෝ රටවල් දෙකඩ කරමින් ; දියුණු වන රටවල් අස්ථාවර කරන්නේ බටහිර රටවල් සහ ඇමරිකාවයි.(නධී)
බයවන්න එපා ඇමරිකාවට,බැරිනම් අපිට කියන්න. (නදී)
පුටින් කාට බැන්නත් අපිට වැඩක් නැහැ (දී)
දෙහි කැපුවට කිසිම ප්‍රයෝජනයක් නැහැ (දී)
අපිට වැඩක් නැහැනේ අනේ පුටින් බැන්නා කියලා මගේ බැංකු ණයේ පොලිය අඩු කරනවාද නැහැනේ (දී)
රුසියාව 1958 දී ක්රිම්යාව යුක්රේනයට පනතකින් දීල තියෙනවා . එහෙම කරලා තියෙන්නේ ජනාදිපතිව සිටි නිකිටා කෘෂෙව් (හරියටම ෂුවර් නැ)මොකද එයා යුක්රේනියන් කෙනෙක්. ඡන්ද ගන්න ඕනි නිසා. නමුත් පනතේ තියෙනවා ක්‍රිමියාවේ ජනතාවට ඕනි නම් ඡන්දයකින් නැවත රුසියාවට එක්වෙන්න පුළුවන් කියලා. ඒක තමයි පුටින් පාවිච්චි කලේ. ඒක නීති විරෝදී නැති නිසයි බැරක් ඔබාමාට කට උත්තර නැත්තේ.(නදී)
වික්‍රම බොස්ටන් මේ රට හොද නැත්නම් කරුණා කරලා ලංකාවට යන්න මෙරටේ වැඩ කරලා සල්ලි හොයල මේ රටටම බනිනවා........ (දී)
වීර නිව්යෝර්ක් මා මෙම රටේ කරන්නේ උසස් රැකියාවක් ඇමරිකානු සුදු මිනිසුන් සහ කළු මිනිසුන් මා යටතේ වැඩ කරනවා . මගේ කාලය පැමිණි විට මම මෙම රටින් යනවා . මම කියපු සත්‍ය දේවල් වලට ඔබ වෙනි අයට කේන්ති යන බව මම දැන සිටියා . (දී)
තමන්ගේ රටේ ජනතාවට හොදයි නම් විදේශ බලවේග ගණන් ගන්න එපා (දී)
අර සාර් නමැති මෝඩ රුසියානු රජා ඇමරිකාවට විකුනපු ඇලස්කාව ආපහු මිලදී ගන්න බැරිද. දෙයි කියල සැකයි. ඉල්ලලා බලන්න. (නදී)
වික්‍රම විරුද්ද වන්නේ ඇමරිකානු ජනතාවට නොවේ. මේ දැන් කාලයක පටන් ගෙන යන ලෝක පොලිස් කාරයාගේ භූමිකාවටයි. ඇමරිකාව ලෝකයේ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවට ඉමහත් සේවයක් මුළු ලෝකයටම දායාද කළා. නමුත් එහෙම කළා කියලා වැරදි දේට හරි කියන්න බැහැ. ස්ටාලින් නාසිවාදයෙන් මුළු යුරෝපයම නිදහස් කරගත්තා. ඒත් ඔහු ඊට පසු කොච්චර වැරදි කරාද? කපිල, ඉන්දික, දොන් සේතන් බොහෝ දුරට හරි. රුසියාව එකදු වෙඩිල්ලක් වත් පාවිච්චි නොකරයි තමන්ට කාලයදී [54] ක්රිමියව නැවත ගත්තේ. යුගොස්ලෝවියව කෑලි කෑලි වලට කැඩුවේ ටොන් ගණන් බෝම්බ දාලා දහස් ගණන් මරල දාලා. රොෂාන් කියවන්න කොසොවෝ ගැන.(නදී)
මම රොෂාන් ප්‍රනාන්දු ,රොෂාන් කියා තවත් කෙනෙක් අදහස් දානවා. මාවයි ,රෝෂන්වයි පටල ගන්න එපා. (නදී)
තමන්ට ගහන්න පුළුවන් රටවලට පමණක් චන්ඩි පාට් දාන ඇමෙරිකාවට ගැන දැන් හොඳට දැන ගන්න පුළුවන්. එයා රුසියාව එක්ක පැටලෙන්නේ නැහැ බයයි. මේක පොඩි රටක උනා නම් බලන්න තිබුනා චන්ඩියාගේ තරම.(නදී)
ක්රිමියාව කියන්නේ සෝවියට් දේශය පිහිටු වීමට පෙර රුසියාවට තිබූ ප්‍රදේශයක්.සෝවියට් සමුහ ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව පරිපාලන කටයුතු වල පහසුව සඳහා ක්රිමියාව යුක්රේනයට සම්බන්ධ කළා.එහි ජීවත් වන්නේත් රුසියානුවන් .එම රුසියානුවන් නැවත තමන්ගේ මව් ආණ්ඩුවට එකතු වී සිටිනවා.විය යුත්තේ එකතු වීම මිස බෙදා වෙන් කිරීමක් නොවන බව ගැන ලෙනින් සහෝදරයා උගන්වා තිබුණු මානව සංහතියට ඉතා වැදගත් පණිවිඩය අදටත් රුසියානු ජනතාව පිළිගෙන තිබීම වැදගත්. (ස)
මිහිර, නිමල් ඔබලා මම මෙතන ලියන්න හිටපු බොහෝ දේවල් කිවුවා. ඔබලා ඉතාම නිවැරිදිව මෙය විෂ්ලේෂණය කර ඇත. ඉතිහාසය සිදුකළ වැරදී, අනුගමනය කළ යුතු හොඳ සංකල්ප නොදන්නා මෝඩයින් මතුපිටින් පෙනෙන දෙය පමණක් විග්රහ කර මෙය ඉන්දියාව, කච්චතිව්, යාපනය හා සමාන කරන්න හදන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාය. මෙහිදී සිදුවී ඇත්තේ එකතුවීමකි. බෙදීමක් නොවේ. ඇමෙරිකන්කාරයෝ සුඩානය වගේ රටවල් බෙදති. රුසියන්කාරයෝ රටවල් එකතු කරති. කවුද වැරදී. (ස)
රුසියානු නායකයන්ට තිබෙන්නේ එදා සෝවියට් ක්‍රමයෙන් උගන්වාපු ඕනෑම අභියෝගයක් ජයගැනීමේ පන්නරයක්. මුළු ලෝකයටම මුලින්ම සැටලයිට් තාක්ෂනය,අජටාකාශ තාක්ෂනය,සහ එතෙක් ලෝකයේ පියාසර නොකළ ස්ථාන වලට ගුවන් යානා පියාසර කරවා අහස සහ අජටාකාශය ගැන සමස්ත ලෝකයාගේම බිය ඉවත්කළ ශ්‍රේෂ්ට ජනතාවක්. අදටත් වෙන කිසිවෙකුත් පියාසර නොකරන හිමාලය කන්දට උඩින් අඩි හාරදහසක පමණක් වෙනසක උස තියාගෙන මොස්කව් සිට කොළඹ දක්වා නොනැවතී පියාසර කරන්නේ රුසියානු ගුවන් යානා පමණයි. මුලින්ම මොස්කව් සිට කිසිවෙකු පියාසර කිරීමට බියව සිටි ඇලස්කාව දක්වා නොනැවතී පියාසර කර ඒ අභියෝගය ජයගත්තේ සෝවියට් නියමුවෙක්. යුරි ගගාරින් සහ මුල්ම කාන්තා නියමුවරිය වූ වැලන්ටිනා තෙරස්කොවා මානව සංහතියට අහස සහ අජටාකාශය ගැන තිබු බිය තුරන් කෙරෙව්වා. කලයුතු දේ නියමිත වෙලාවට නොබියව ඉටු කිරීම දර්ශනය කරගත් ජනතාවක් තමන්ගේම ජනතාවක් තනි නොකර නැවත තම මව් බිමට එකතු කර ගැනීම ඉතාම වග කීමනින් යුතුව කල දෙයක්.(නදී)
ලෝක පාලනයේ සමබරතාවයට රුසියාවේ ප්‍රබලත්වය බොහෝ සෙයින් වටින්නේය.ක්රිමියාව රුසියාවට එක්වීම මා දකින්නේ යහපත් දෙයක් බවයි. මොකද ? ක්‍රිමියාවේ ජනතාව බහුතරයක් රුසියාවට පක්ෂව සිටින අයවේ. (ස)
මේ වගේ කොන්ද කෙළින් තබාගෙන වැඩකරන නායකයෝ ඉන්නවා නම් ඇමරිකාව, බ්‍රිතාන්‍යයට වැඩිය දගලන්න බැරි වෙයි. අපිත් කැමැතියි මේ වගේ කෙළින් වැඩ කරන්න පුලුවන් නායකයින්ට. (නි)
අපිත් තමිල්නාඩුව ඇඳා ගන්න ඕනේෙ. එහෙ ඉන්නේ අපේ රටේ භාෂාව කතා කරන කොටසක්. (නදී)
ඔය ලොකු ලොකු කියා ගන්නා රටවල් අනුන්ගේ සීනි කිරන් නැතිව තමන්ගේ පාඩුවේ හිටියනම් මොකද? ඒ අය යුද්ධ කරන්නේ නැහැනේ. කැමැත්තෙන් එක් වුණාම අනික් අයට දිරවන් නැද්ද? (ත)
ව්ලදිමීර් පුටින් කියන්නේ අද කාලයේ යකඩ මිනිසෙකු වාගේ කෙනෙක් . අද ඇමරිකාව සහ යුරෝපය ලෝකයේ පොලිස් කාරයා වෙමින් වෙනත් රටවල් ආර්ථිකව සහ වෙනත් ක්‍රම වලින් නව යටත් විජිතවාදී ක්‍රමයට ගෙන යාමට සේරසේන අවස්ථාවේ පුටින් වැනි කෙනෙකු සිටීම ලොකු දෙයක් . (ත)
රුසියාවයි චීනෙයි එකට ඉන්නවනම් ඔය කාටවත් මුකුත් කරන්න බැහැ. ඒගොල්ලන්ගේ බොරු සද්දේ විතරයි (ත)
බටහිර සම්බාධක සත පහක වැඩක් නැහැ රුසියාවට. දැනටමත් ඔය කියන සම්බාධක අනිත් පැත්තට බටහිරටම පාරාවලල්ලක් වෙන එක පටන් අරගෙන තියෙන්නෙ. පෙරේදා රුසියාව බෝඩර් කීපයක් වහලා යූරෝපෙට යන කාගෝ වාහන නතර කලා. දැන් මෙහෙ ලොක්කො කෙදිරි ගානවා.(නදී)
ඉන්දියාවත් ලංකාවට ඕක කරොත් ඉඳල ඉවරයි (ත)
සැලෙන්න එපා පුටින් මහත්තයෝ හැමදාම ඇමෙරිකාවට සහ ඔහුන්ට හිත ඇති බටහිර රටවල්වලට ලෝක පොලිස් කාරයෝ වගේ ඉන්න දෙන්න එපා (ත)
රුසියාවට ජයවේවා (ත)
රුසියාවේ මානව හිමිකම් ගැනන කතා කිරීම වැඩක් නැති වැඩක්. (ත)
බටහිර කුමන්ත්‍රණ නිසා කැඩී ගිය සෝවියට් සමූහාණ්ඩුව නැවත එකතුවීම ඉන්දියාවත් ලංකාවත් සමග සන්සන්ධනය කරන්න බෑ . අතීතයෙ කිසි දිනක ලංකාව ඉන්දියාවෙ කොටසක්ව තිබුණේ නෑ . (ත)
රුසියාවට ජය වේවා. පුටිං කෙළින් වැඩ. (ත)
අපි පුටින්ට පුටින් අපිට....රුසියවට ජය වේවා (දී)
රුසියාවට සම්බාදක දානකම් චීනය ඇතුළු අනිත් ආසියා රටවල් බලාගෙන ඉදිද...,රුසියාවට ජයවේවා! (නදී)
පුටින් මහත්තයෝ පුළුවන්නම් බටහිර යුරෝපයට දෙන ගෑස් නතර කරන්න. එතකොට ඒ ගොල්ලන්ටම සම්බාදක නිකම්ම වැටෙනවා.(නදී)
බටහිරයන්ගේ න්‍යාය බෙදා පාලනය කිරීමනේ. එකනේ ශ්‍රී ලංකාවටත් කරන්න යන්නේ. සෝවියට් රුසියාව කෑලිවලට කඩා දැමු පෙරෙස්ත්‍රොයිකාවත් එයාලාගේම උප්පරවැට්ටියක්නේ. (ත)
ජයවේවා පුටින් මහත්මයෝ අපිත් ඔබ සමගයි. ඔබ වීරයෙක්. නව ලෝකයට මහා අභියෝගයක්.(නදී)
ඉහත අදහස් දාල තියන සමහර අය රුසියාවට පක්ෂව ලියලා තියනවා. නමුත් පුටින් කලේ හරි දේ නෙමේ බලෙන් ක්රිමියාව යටත් කර ගත්තා. ලංකාවේ දුපතක් ඉන්දියාවෙන් අල්ලාගෙන බලෙන් ඡන්දෙ තියලා දිනුම අරන් යටත් කර ගත්තා වගේ. රුසියාවට ලෝකේ රටවල් ගොඩකින් සම්බාදක දැම්මා. බලමු රුසියාව තනියම කොහොමද දියුණුවෙන්නේ කියලා. රුසියානුවෝ ලෝකේ රටවල් ගානේ රස්සා හොයාගෙන යනවා. දැන් ඉතින් බලමු පුටින් එයාගේ රටවැසියන්ට කොහොමද සලකන්නේ කියලා.(නදී)
රොෂාන් ඔයා වැරදි මතයක ඉන්නේ. ඇමෙරිකාව සහ යුරෝපය කරන්නේ තමන්ට අභියෝගයක් වන අයව යටත් කරගන්න එකයි. මෙය නව යටත්විජිත වාදය කිව්වට වරදක් නැහැ. අපි ආසියානුවෝ හැම පැත්තෙන්ම තැලෙනවා. අපිට ලෝක බලවතුන් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒත් රුසියාවේ නැවත පිබිදීම ආසියානුවන්ට ලොකු සවියක්. චීන්නුන්ගේ හැකියාව ආසියනුන්ට හයියක්. ඇමෙරිකාව හදන්නේ සමාජවාදය තියෙන හැම තැනම විනාශ කරන්න. ඒකයි එයාල සෝවියට් රුසියාව නැති කරලා දැම්මේ. ඒත් හොදට හිතල බැලුවොත් ප්රජාතන්ත්රවාදයට වඩා සමාජවාදය ඉතා ඉහලින් ඉන්නේ. සමාජවාදය තුල ඔබටත් මටත් සියලු දෙනාටත් එක ලෙස අයිතිවාසිකම් ලැබෙන්නේ. රටේ සියලුම සම්පත් හැමෝටම බෙදී යනවා. සෝවියට් රුසියාවේ නැවත ආගමනය මගින් යුරෝපයත් අමෙරිකාවත් හෙල්ලුම් කාල. ලෝක බලවතුන් යැයි කියාගන්නා බවලතුන්ට කළ හැකි දෙයක් නැහැ. (නදී)
විද්‍යා, එහෙනම් ඔයා ඇමරිකාවේ මානව හිමිකම් ගැන කතා කරන්න.(නදී)
රොෂාන් ප්‍රනාන්දු, ඔය වැරදි පැත්තෙන් බලල තියෙන්නේ. ඕක කලින් එකට තිබිච්ච රටක්. අනිත් එක ඒ රටේ මිනිස්සු 97% කැමති වෙලා තියෙනවා ආයෙත් ඒ රටට එකතු වෙන්න. මම ආයෙත් කියනවා, ආයෙත් එකතුවෙන්න, නැතුව ලංකාවේ වගේ කෑල්ලක් කඩාගෙන වෙන් වෙන්න නෙවේ. අනිත් එක ඇමරිකාව සුඩානය දෙකට කඩනකොට ඒක හරි. මේක වැරදියි! මාර නීතියක්නේ.(නදී)
කපිල ඔයා හරියට හරි (දිල්)
රොෂාන් ප්‍රතිචාර දමා තියෙන්නේ ලෝකය ගැන විශේෂයෙන් බටහිර රටවල් සහ ඇමරිකාව ගැන දැන ගෙන නෙමේ. (නධී)
රුසියාව කරන දේ හරි. ඒ දේ වැරදි උනතේ ලෝක දර්මතාවයට අනුව ඔය දේවල් ඔය විදියට සිද්ද වෙනවා. ඕනෑම දෙයක් උපරිමයට ගියහම පිපිරිලා විනාස වෙනවා. ඇමරිකාවට වෙන්නෙත් ඕක. ඒ හිස්වෙන තැන ගන්නේ රුසියාව නෙවි චීනය. නමුත් ඇමෙරිකාව පරදින්න සුදානම් නැහැ. ඒක නිසා තමයි ඒ ගොල්ලෝ මේ ලෝකේ අත ඇරලා වෙන ලෝකෙකට යන්නේ. මේ හැම දේකම අවසානේ ග්‍රහලෝක කීපයක් අතර යුද්දයක් දක්වා වර්දනය වේවි අනාගතේ දවසක. හැම දේටම විසදුම නිවැරදි බුදුදහම.(නදී)
පුටින්ට ජයවේවා.සුඩානය දෙකට කැඩුවා වගේ රුසියවත් කඩන්න අනාගතයේ ලෝක බලවතා රුසිය සහ ඉරානය (අ)
කපිල ,ඉන්දික කියල තියන දේවලුත් හරි. ඒ උනාට රුසියාව මානව හිමිකම් උල්ලංගනය කරන රටක්. ක්‍රිමියාවේ ඡන්දෙන් 97% ගත්තේ විරුද්ධ පක්ෂේ ඡන්දෙ දැම්මේ නැහැ. ඒ ගොල්ලෝ ඡන්දෙට විරුද්දව ඡන්දෙ නොදා හිටියා. ඊට පස්සේ 97% ඡන්දෙ අරගෙන රුසියාවට යටත් කර ගත්තා. පිටරටවල ඉන්න රුසියානුවෝ (ඇමරිකාවේ ,කැනඩාවේ ,යුරෝපයේ )රුසියානු තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ කළා ඡන්දෙ වැරදියි කියා. පුටිනුත් හොර ඡන්ද දාල දිනුවේ. ඇමරිකාවේත් සමහර දේවල් වැරදි තමයි. ඒ වුනාට ඇමරිකාව තමන්ගේ රටේ මිනිස්සුන්ට වගේ පිට රටවල් වලටත් උදවු කරනවා. රුසියාව කාටවත් රස්සා දෙන්නේවත් තමන්ගේ රටේ මිනිසුන්ට සලකන්නෙත් නැහැ ,එකාදීපති පාලනයක් ගෙනියන්නේ. (නදී)
ඇමෙරිකාව කැමති නැහැ වෙන රටක් ලෝක බලවතෙක් වෙනවට. ඒකයි මේ අඩන්නේ. පුටින් මහතාට යෝද බල ශක්තිය ලැබේවා.(නදී)
මේ ලෝකයේ මගේ ප්‍රියතම දේශපාලකයා පුටින්.(නදී)