ඔබ ඔබට ම ලොකු උපකාරයක් කිරීමට කැමති ද ? එසේ කැමතිනම් වහාම ඔබ හිඳ සිටින පුටුවෙන් නැගිටින්න. දැන් යලිත් මේ පරිගණක තිරය දෙස බලන්න. මෙය නුසුදුසු දෙයක් ලෙස හෝ අපූර්ව දෙයක් ලෙස ඔබට දැනේවි. එහෙත් මෙය ඔබගේ මනා සෞඛ්‍යට මහඟු පිටිවහලක් වේවි. එමෙන් ම ඔබේ ආයුකාලය ද වැඩිකැර ගත හැකිවන බව ස්ථිරයි.
ඔබ දවසේ වැඩි කාලයක් සැප පහසුව වාඩි වී සිටින්නේ ද ? එයින් හැඟෙන්නේ ඔබ ඔබේ සෞඛ්‍යයට ඉතා හානිදායක දෙයක් කරමින් සිටින බවයි.
මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් පවසන්නේ දුම්පානය කරනවාට වඩා වාඩිවී සිටිම භායානක බවයි. ආහාර ගැනීමෙන් පසු වාඩිවී සිටින්නන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය වේගයෙන් ඉහළ යනබවත් විනාඩි 15ක් ඇවිදීමේ යෙදීමෙන් රුධිරගත සීනි ප්‍රමාණය වේගයෙන් පහළ බසින බව ද පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.
දිගු වේලාවක් වාඩිවී සිටිමෙන් රුධිරයේ හානිදායක කොලෙස්ටරෝල් ප්‍රමාණය ද ඉහළ යයි. තවත් පර්යේෂණයක් මගින් සොයාගෙන ඇත්තේ හදවත් රෝග, ඔස්ටියෝපොරෝසිස්, පියයුරු පිළිකා, කොන්දේ වේදනාව සහ මානසික ආතතියට ද දිගු වේලාවක් පුටුවක වාඩිවී සිටීම හානිකර බවයි. පුටුවේ වාඩිවී සිටින පැයක කාලයක් හේතුවෙන් ජීවිත කාලයෙන් පැය දෙකක් අඩුවන බව ද පර්යේෂකයෝ සිය වාර්තාවේ දක්වා ඇත.
සාමාන්‍යෙයන් පුද්ගලයකු පැය 13ක් වාඩිවී සිටියි. පැය අටක් නිදා ගනියි. එහා මෙහා ගමන් කිරීමට යොදා ගන්නේ පැය තුනක් වැනි කාලයකි. මිනිස් සිරුර හැඩ ගැනී ඇත්තේ එවැනි දේ සඳහා නොවේ. වසර දහස් ගණක් දඩයම් කරමින් අතිශය ක්‍රියාශීලී දිවියක් ගත කැර ඇත. ඒ කාලයේ දී වාඩිවී සිටියේ සුළු විවේකයක් ගත කිරීමට පමණි. එසේ වුව ද පසුගිය වසර 200 ක පමණ කාලයේ සිටි මේ තත්ත්වය වෙනස් වෙමින් පවතී. දැන් ඇඳෙන් කාරයටත්, කාරයෙන් කාර්යාල පුටුවටත් මාරු වෙමින් වැඩි කාලයක් එකතැන ම දවස ගත කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔය ගැන හිතලම තමයි කර්මාන්ත ශාලාවක, කම්කරු රැකියාවක් අමාරුවෙන් හොයා ගත්තේ..දැන් දවස පුරාවට ඇවිදිනවා..(නදී)
වැඩේ නම් හොඳයි තමයි. ඒත් ටිකක් වෙලා හිටගෙන ඉන්නකොට දනිස් දෙක කකියන එක තමයි වැඩේ (නදී)
මදැයි කොලා , මම බස් ඩ්‍රයිවර් කෙනෙක් මීට පස්සේ කියයිද දන්නේ නැහැ හිටගෙන එලවපන් කියල ? (නදී)
ඉතින් ඔය දඩයම් යුගයේ මිනිසා නුතන මිනිසාට වැඩිය වැඩි කාලයක් ජීවත් උනාද? එහෙමත් නැතිනම් අද ජීවත්වන කම්කරුවෙක් ලිපිකරුවකුට වැඩිය ජීවත් වෙනවද? (නදී)
ඒක ඇත්ත මොකද මමත් ගොඩක් වෙලාවට කාර්යාලයේ ඉන්න කැමති නැහැ ඉදගෙන ඉන්නකොට කොන්ද රිදෙනවා වැඩි නිසා ,මම පොඩ්ඩක් ඇවිදින්න යනවා , එතකොට ටිකක් විතර ඇගට හොදයි (දිල්)
සේන, මෝඩ කතා කියන්න එපා.දඩයම් යුගයේ ප්‍රතිශක්ති එන්නත් තිබුනද? ඒ කාලේ මැරෙන්න ඇති සත්තු ගහලා. (නි)
මම දැන් වැඩට යන්නත් බයයි. මේක ඇත්තද? දැන් උපදින හැමකෙනාම වගේ පරිගණක අතේ අරගෙනනේ එන්නේ (නි)
ඉතා හොඳ ලිපියක් (නි)
මොන බයිලා ද මේවා. ලංකාවේ මිනිස්සුන්ට හිතේ තියෙන දුක, තරහ, කුහක කම, කියන දේවල් හින්දා ඔය හදවත් රෝග. ඔස්ටියෝපොරෝසිස්, පියයුරු පිළිකා, කොන්දේ වේදනාව කියන දේවල් කැපිලා යනවා සාමාන්‍යයෙන් ඇවිදින වේගයට වඩා ටිකක් හයියෙන් ඇවිද්දා නම්. රුධිරගත සීනි ප්‍රමාණය වේගයෙන් අඩුකරගන්න පුළුවන් මොකද සීනි කියන්නේ ග්ලුකෝස් ශක්තිය (නදී)
සේන ඇයි ඔච්චර මෝඩ (නදී)
අම්මෝ මේ කරන රස්සාව ඇත ඇරලා පාර අතුගාන ජොබ් එකක් හොයාගන්න ඕනා.(අ)
ඔය කියන විදියට ඇවිද ඇවිද ඉන්න එකට අපේ අය කැමති වෙයිද?? (නි)
ඕනෑම පුද්ගලික ආයතනයක ඔහොම තමයි, සේවකයා මරලා හෝ ප්‍රධානියා සල්ලි හම්බකරනවා , (දී)