වාහන ටයර ටියුබයන්ට නහයෙන් ‘හුළං‘ ගසා පුරවන පුද්ගලයෙක් චීනයේ සිටී.
නයි යොන්ග්බින්ග් නම් මේ පුද්ගලයාගේ වයස අවුරුදු 63 කි.තම නහයට රබර් බටයක් ඇතුළු කර ගන්නා හෙතෙම එහි අනෙක් කෙළවර ටයර ටියුබයකට ඇතුළු කර නහයෙන් පිඹ හුළං ගසා ටියුබය පුරවයි.
පසුගියදා ඔහු ටයර ටියුබ 4 කට එකවර නහයෙන් හුළං ගසා පෙන්වූයේ එම ටියුබ මත දෙදෙනකු බැගින් නැඟ සිටියදීය.
මිනිත්තු 21 කදී ඔහු ටියුබ 4 ම සම්පූර්ණයෙන්ම පුරවා දැමිීමට සමත්විය.
වෛද්‍ය උපදෙසක් අනුව නහයෙන් පිඹ බැලුන පිරවීමට තැත් කළ තමාට එය අභියෝගයක් නොවූ හෙයින් මෙසේ බැලූන වෙනුවට ටයර ටියුබයන් පිරවීම ආරම්භ කළ බව නයි යොන්ග්බින්ග් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ බලන්න ෆොටෝ නැද්ද (දිල්)
http://www.youtube.com/watch?v=96qvJ6Cl7Sk (දී)
අතිශය විශිෂ්ට හැකියාවක් (දී)
ඕක මොකද්ද කටින් බතල හිටවන අයත් ඉන්නකොට. (අ)
අපේ මිනිසුන්ට නහය තිබුනත් ගඳ සුවඳ දැනෙන්නේ නැහැනේ. කන්න නැති උනත් දේශපාලකයින්ට ආවඩ වඩා බඩේ හුළං පුරවමින් ඉන්නවා.(දී)
පින්තූර තිබුනා නම් හොඳියි. හොඳ හැකියාවක්.(නදී)
ඔබට බොහොම ස්තුති සුපුන් (දී)