මග යන එන අය වැළඳගන්නා ව්‍යාපාරයක් ආරම්භ කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සෞදි අරාබි පොලිසිය සැරැසෙයි. ඒ අබ්දුල් රහමන් අල් කයියාල් (21)සහ ඔහුගේ යහළුවා වේ.
මොවුන් ‘නොමිලේ වැළඳගැනීම’ යනුවෙන් ඉංගි්රසියෙන් ලියූ පුවරුවක් අල්ලා ගෙන අවට යන එන අය වැළඳගනිති. මුස්ලිම් රාජධානියේ අගනුවර රියාද් නගරයේ ජනාකීර්න ප්‍රදේශ, ආගමික ස්ථානය හා පොදු ස්ථාන ඔවුන් මෙම වැළඳගැනීමේ ව්‍යාපාරය සඳහා තෝරා ගෙන ඇත.
එම අවස්ථාවල ගත් පින්තූර හා වීඩියෝ දර්ශන ෆෙස් බුක්, ට්විටර් හා යු ටියුබ් වෙබ් අඩවි වල පළ කර ඇත. ඒවාට දස ලක්ෂ ගණනක් ජනතාව කැමැත්තද එක් කර ඇත.
අත් අඩංගුවට ගත් පසු ඔවුන් එම කි‍්‍රයාවෙන් ඈත් වන පවසා ඇති නමුත් ඔවුන්ගේ ව්‍යාපාරයට අනුබල දෙන්නන් මෙය නොමිලේ වැළඳගැනීමක් මිස නොමිලේ මත්දව්‍ය දීමක් නොවන බව පවසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කර තිබේ.
ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඉතා ඉහළින් පිළි ගන්නා සෞදි අරාබියට මෙවැනි විදේශීකයන්ගේ පුරුදු නොගැලපෙන හා නීති විරෝධි කි්රයාවක් බව ආගමික නායකයෝ චෝදනා කරති. අද නොමිලේ වැළඳගැනීම, හෙට නොමිලේ හාද්දක් හා ඊට පසු දින නොමිලේ ලිංගිකත්වය වනු ඇති බවත් ඔවුන් පවසයි. එසේම මෙය එරටේ විවිධ වාද විවාද වලද මාතෘකාවක් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමති ඈයොනේ වලදාගන්නේ ,අනිත් අයට තියෙන අමාරුව මොනවාද. (නදී)
අනේ අපොයි! මේ වගේ දේකටත් දොස් කියනවා. (නි)
සෞදි ජාතිකයන් දෙදෙනෙක් මුණගැහෙන ඕනෑම අවස්ථාවක ඔවුන් අතට අත දී සිපගැනීම හෝ වැළද ගැනීම ඉතාමත් සාමාන්‍ය දෙයක්. මේ කොල්ලෝ දෙන්නා බෝර්ඩ් ගහගෙන පෙන්නන්න හදන්නේ මොකක්ද කියලා ටිකක් හිතලා බලන්න ඕනෑ (නි)
කැමති කෙනෙක් සිප ගත්තම අපට මොකෝ.ඕනෑ කෙනෙක් ඕනෑ දෙයක් කර ගත්තාවේ (නි)
වැළද ගැනිම සහ සිප ගැනීම කියන්නේ දෙකක්. වැළද ගැනීම ලෙන්ගතුකම සහ මිතුදම් වෙනුවෙන්. මේක ලංකාවෙත් තිබෙනවා. (නි)
මෙහෙමත් රටක්? (නි)
සෞදියේ මිනිස්සුන්ට කොච්චර බැන්නත් ඔවුන් ඔවුන්ගේ සංස්කෘතිය රැක ගන්න ගොඩක් මහන්සි ගන්නවා,ඒකට අපේ රටේ ඉන්න දේශපාලුවෝ? (නි)
මේක නම් අහිංසක වැඩක්.ඒත් ඉතින් සෞදියට නම් මේක වැරදියි (නි)
අනේ පව් මේ දෙන්නටත් ෂරියා නීතියට හිස දන් දෙන්න නොවේවා! (නදී)
මමත් ඔයාගේ කතාවට එකතු වෙන්නම් රන් බංඩේ.(නදී)
අනේ මටනං මේකේ වරදක් නොපෙනේ හොඳ පුරුද්දක් ...? (ස)
මෙතන බහුතරක් අදහස් බැලුවම දුක හිතෙනවා. ලංකාවෙ ඉන්න කාලකන්නි මිනිස්සු නොකරපු දෙය මොනවද ඇයි මෙය කොල්ලෝ දෙන්න කරපු වරද (ස)
අනේ අපොයි මේ වගේ දේකට දොස් කියනවා. ලංකාවේ වැසිකිළිවල කුඩු බොන අයට කෝ ඔය අයගෙන් අදහස්.(නදී)
මේ දෙදෙනාගේ හිස ගසා දැමිය යුතුයි.(නදී)
කැමති ඈයොනේ වැලඳ ගන්නේ. අනිත් අයට තියෙන අමාරුව මොනවාද??? (ස)
මොන විකාරයක්ද මේක? බටහිර රටවල කරන ඕන දෙයක්, අනුකරණය කරල කැපී පේන්න හදන මෝඩයෙක් (නදී)
මාවත් දවසක් කොළඹට ගිය වෙලාවේ කවුදෝ එක්කෙනෙක් ඇවිත් ආ කොහොමද කියලා බදා ගත්තා. මම හොදටම බය වනා.(නදී)
ලංකාවටත් බෝවෙයිද දන්නෙ නැ. (ස)
මේක මළ වදයක් වෙලා ලෝකෙටම.(නදී)
ඒ රටවල නීතිය ඉතා වැදගත් . නිය පොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන්න තියන්නේ නැහැ .(නදී)
සෞදියේ අය අපේ ලංකාවේ ඉන්න දේශපාලකයන් වගේ තමයි කියලා මට හිතෙනවා (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
සෞදි වල ඉපදුනාට භාගයක්ම අධ්‍යාපනය ලබන්නේ විදේශ රටවල.ගොඩක් දෙනෙක් නැවත එද්දී මෙහේ විනය අමතකයි.ඇත්තෙන්ම ඇදුම්,කෑම බීම ,භාෂාව,හැම දෙයක්ම ජීවත් වූ රටවල විදිහට හැඩගැහෙනවා ඉබේම.මේකත් ඒ වගේ පුරුදුවීමක් වෙන්න පුලුවන්. (නි)
පවු! අහිංසක කොල්ලෝ දෙන්නා (නි)
එයාලා රිසානාට වුණ දේ නොදන්නවාවද්ද? (නි)
කැමති අය වැළද ගත්තාවේ! (නි)