මීටර 40 ක ගැඹුරකින් යුතු ලොව ගැඹුරුතම පිහිනුම් තටාකය ඉතාලියේ ටර්මේ මිලෙපිනි හෝටලයේ පිහිටයි.
තටාකයේ මුල් කොටස් මිීටර 1 ,මීටර 1.3 ආදී ලෙස කොටස් කර තිබුණද අන්තයේ පතුල නොපෙනෙන තරමේ වන ජලය පිරි ආගාධයකි.
‘‘වයි 40‘‘ ලෙස නම් කර ඇති මෙම තටාකයේ පිහිනීමට පැමිණෙන්නන්ට නොයෙකුත් කි්රයාකරම්හි යෙදීමට අවස්ථාවද ලබා දී තිබේ.ඔවුන්ට අවැසි නම් තටාකයේ ඉදිකර ඇති කෘතිම ගල්ගුහා පද්ධතිය නැරඹීමට, මීටර 40 ක් ගැඹුරේ කිමිද ගැඹුරු ජලයේ කිමිද ලබන අපූරු අත්දැකීමක් ලබා ගැනීමට හැකිය.
තෙමෙන්නට අකැමැති නමුත් තටාකයේ විසිතුරු බලා කියා ගැනීමට කැමැති අය වෙනුවෙන් තටාකය හරහා යන ලෙස සකස් කළ වීදුරු උමගක් ඇත.මේ වීදුරු උමගට ගොස් තටාකයේ අසිරි බලා ගැනීමට හැකිය.
මින් පෙර ලොව ගැඹුරුම ගෘහස්ථ පිහිනුම් තටාකයේ වාර්තාවට හිමිකම් කීවේ බෙල්ජියමේ නීමෝ 33 කම් පිහිනුම් තටාකයයි.එහි ගැඹුර මීටර 34.5 කි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල අයියා දන්නවා ඇති මේ පිලිබදව වැඩි විස්තර.....කියන්නකෝ බලන්න අපිට දැනගන්නත් එක්ක. (නදී)
අපේ සමහර මිනිස්සු ගැන මට කණගාටුයි. පිටරටක ඕනෑ නැහැ, අඩුමගානේ තමන් ඉන්න නගරයේ තියෙන්නේ මොනවාද කියලාවත් ඔවුන් දන්නෙ නැහැ (නි)
නියමයි ! (නදී)
කාමසුකල්කානු යෝගී ජීවිත (දී)
දැනුම වැඩිකර ගැනීමට මේවා ගැන දැනුවත් කිරීම හොඳයි (නි)
නියමයි හරිම ලස්සනයි.(අ)