ඉඩකඩ නොමැතිවීම නිසාවෙන් දරුවන්ට ක්‍රීඩා කිරීම සදහා අවැසිවූ ධාවන පථය වහලය මත ඉදිකිරීමට සිදුවුණු පාසැලක් ගැන චීනයෙන් වාර්තා වේ.
චීනයේ සෙජියෑන්ග් ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම පාසැලේ වහලය මත ඇත්තේ මීටර 200 ක් දිගු සම්පූර්ණ ධාවන පථයකි.එහි පසෙකින් තවත් ක්‍රීඩා පිටියක්ද ඇත.
ධාවන පථය වර්ගමීටර 3000 ක වපසරියකින් යුතුය.
ඉඩකඩ තිබුණේ නැත යැයි කියා පාසැල් දරුවන්ගේ අවශ්‍යතා නොසළකා හැරීමට නොහැකි හෙයින් මෙසේ වහලය මත ධාවන පථය ඉදිකිරීමේ අභියෝගය භාරගත් බව පාසැල් බළධාරීන් කියයි.
ධාවන පථයේ ඇතුළත හා පිටත ඉම අඩි 6 ක උසින් යුත් වීදුරු ප්‍රාකාර වලින් ආවරණය කර ඇත.මෙනිසා දරුවන් සුරක්ෂිතය.ඊට අමතරව ආරක්ෂක කැමරා වලින් ධාවන පථය නිරතුරුවම නිරීක්ෂණයද කෙරේ.
ධාවන පථය වහලය මත තිබෙන හෙයින් අලූත් අත්දැකීමක් නිසාදෝ පාසැලේ සිසුන් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන බව පාසැල් බළධාරීන් පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැනට සුදුසු නුවණ! (නි)
ඉහත ප්‍රතිචාර දක්වපු කව්රුවත් කල්පනා කරලා නැහැ ක්‍රීඩාවට හිතකර බව. මොකද වායු පීඩනය සුළගේ වේගය ආර්ද්‍රතාවය වගේ දේවල් බලපානවා මේ ක්‍රීඩාවට (නදී)
පුදුමාකාර නිර්මාණයක්! (නි)
මෙම නිර්මාණය ලෝකයේ සම්මානයටද පාත්‍ර වුණා නේද? (නි)
ලංකාවේ නම් මේවා හදන්න චීනෙට වඩා වැඩි මුදල් යාවි.(හේ)
සුපිරි වැඩක් (නදී)
මේ පාරවත් හරියට මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දුන්නොත් සමහර විට අපේ දරුවන්ගේ දරුවන්ගේ දරුවන්ටවත් මේ වගේ දේවල් දැක ගන්න පුළුවන් වෙයි. නැත්නම් ඉතින් ඕවා හීන තමයි. (නදී)
හොද අදහසක්. නමුත් සියලුම පහසුකම් නැත. දිවීම පමණි. තැනට සුදුසු නුවනකි (නදී)
සීමිත ඉඩකඩ ඇති තැනට ඔබින අදහසක් (නදී)
මේවා බලල ලංකාවේ අයත් හදයිද දන්නේ නෑ වහලවල් උඩ පිට්ටනි.(හේ)
ඒක හොදයි මේකෙදි වඩාත් වැදගත් ළමයිනගේ ආරක්ෂාව.(හේ)
මේක නම් දැවැන්ත නිර්මාණයක් (නි)
හොඳ නිර්මාණයක්.(හේ)
නව නිර්මාණයක්. විශිෂ්ඨයි. අලුත් සිතුවිලි බිහිවීම තුල තමයි දියුණුව.(හේ)
වටිනා වැඩක්. හැබැයි මේ වගේ වැඩ කරන්න පුළුවන් චීනය වාගේ සල්ලි තියෙන රටකට තමයි. (නදී)
ඇත්තටම හොදයි. (අ)
හොඳ නිර්මාණයක් (නදී)
ජනක, අපි මේවා නොකරන එක තමයි වරද. කොලඹ නගරයේ තිබෙන සීමිත ඉඩ කඩ නිසා සමහර ක්‍රීඩා පිටි තිබෙන තැන්වල තට්ටු ගණනාවකින් යුතු වාහන නැවතුම්පොළ ඉදිකර එහි වහලය මත තනිකරම ක්‍රීඩාපිටි තැනිය හැකිය. ජලය බැසයාමට තිබෙන සහ පරිසර සමතුලිතතාවය රැකෙන වගුරු බිම් ගොඩකර නගරය පුලුල්කරනවාට වඩා එය පරිසර හිතකාමිය. (නදී)