තම දියණිය පණ පිටින් වළ දැමීමට උත්සාහ කරමින් සිටි පියෙකු අත්අඩංගුවට ගැනීමට උතුරු ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රදේශයේ පොලිසිය කටයුතු කළේය.
ඔත්තුවක් අනුව අදාළ පුද්ගලයාගේ නිවස වෙත පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු තම දියණිය කරවටක් දක්වාම පොළවේ වළ දමා තිබුණි.අසල්වාසීන්ද ඒ වන විට එතැනට රැස්ව සිටි අතර ඔවුහු සැකකාර පියාට හොඳ හැටි ගුටි ඇන තිබුණහ.
දැරියගේ මව නිවසේ නොමැති අවස්ථාවක් බලා මොහු ඇයව වළදැමිමට පටන්ගෙන තිබෙන බවත් නොසිතූ පරිදි මව නිවසට පැමිණීම නිසා කරවටක් දක්වා වළදමා තිබූ තම දියණියගේ හිස කුල්ලකින් ආවරණය කර තැබීමට කටයුතු කර ඇති බවත් පොලිසිය කියයි.
දැරියගේ මව පවසන ආකාරයට පුතෙකු පතා සිටි තම සැමියා දියණියක ලැබීම නිසා සිට ඇත්තේ අසතුටිනි.තමන්ට නම් පුතෙකු හෝ දියණියක ය කියා ගණනක් නැති වුවත් ඔහුට නම් කිසිසේත්ම එය එසේ නොවුණ බව ඇය කියයි.
තුවාල ලබා සිටි දැරිය රෝහල් ගත කෙරුණු අතර ඇය දැන් සිටින්නේ තම මව හා මවගේ ඥාතීන් සමගය.
සිරගත කර සිටින සැකකාර පියා ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන්දියාවේ බොහෝ අඩු ආදායම්ලාභි පවුල් ගැහැණු දරුවන් පවුලට තවත් බරක් ලෙස සළකයි.ඔවුන් විවාහ කර දීමේදී දායාද දීමට සිදුවීමද , ඔවුන්ගෙන් පසු පවුලේ නම ගෙනයන්නට කෙනෙක් ඉතිරි නොවීමද මේ පසුපස ඇති ප්‍රධාන හේතූන්ය.
මෙනිසාවෙන්ම බොහෝ පවුල් තමන්ට ගැහැණු දරුවෙකු ලැබෙන්නට සිටී යැයි ගර්භණී අවස්ථාවේම දැනගතහොත් දරු ගැබ විනාශ කර ගනී.
මේ තත්ත්වය ඉන්දියාවේ ගැහැණු පිරිමි අනුපාතය ගැහැණු 943 කට පිරිමි 1000 ක් දක්වා පහත හෙළීමට සමත්ව තිබේ.
ඉන්දියා රජය තත්ත්වය සමනය කිරීමට පියවර ගනිමින් සිටින අතර බේටි බාචෝ,බේටි පාදා ඕ (දැරියන් රැකගන්න,දැරියන් හට අධ්‍යාපනය ලබාදෙන්න) යැයි විශේෂ වැඩසටහනක්ද දියත් කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් තාත්තා කෙනෙක්. (ර)
අපේ රටේ හිටපු ආරක්ෂක ලේකම් කෙනෙකුත් මිනිස්සුන්ට ඔහොම වැඩ කළා (නදී)
රාලහාමි ගේ අදහසට මමත් එකඟයි (නදී)
මේ වගේ දේවල් අහන්න දකින්න අපිත් පව් කරලා (නදී)
ඉන්දියන් අය කියන්නේ මහ මෝඩ මත (නදී)
අපි ඉන්දියාව ගැන කතාකරනවා, පහුගිය දවස්වල ලංකාවේ දරුවන්ට සිදුවුණු දේවල් අමතක උනාද? (ර)
සැම්ගේ, අදහස මම අනුමත කරමි. (ර)
ඔය එකක්, මෙවැනි දේවල් ඉන්දියාවේ දහස් ගණනින් සිදු වෙන්නේ. (ර)
ඉන්දියාව දියුණු රටක් කියල සමහරුන් කියනවා. ම මනම් කියන්නේ ඉන්දියාව තමයි ලෝකයේ නොදියුණුම රට කියා. අපේ රටට දියණු වෙන්න වල කපපු කුලමල භේදය, උස් පහත් භේදය, අන්ධ භක්තිය වැපුරුවේ ඉන්දියාවයි. කොටින්ම කියනවා නම් ලොවම පිළිගන්න මහත්මා ඝාන්ධි තුමා පවා හරිජනයන් වෙනුවෙන් හඬ නැගු ශ්‍රීමත් අම්බෙට්කාර් තුමාගේ දර්ශනයට විරුද්ධ කම් පාමින් ඒවා ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්න නොහෙකිය කීවා. නමුත් කෙසේ හෝ අවසානයේ එතුමාගේ දර්ශනය ඝාන්දිට පිළිගන්න සිද්ද වුනා. ඒ උනත් තවමත් හරිජනයින් තලා පෙලා දමන ගතිය එරටින් තුරන් වෙලා නැහැ (නදී)
මේ වගේ අසරණ මල් වගේ දරුවන්ගේ වටිනාකම දන්නේ නැති මිනිසුන්ට නම් හොඳක් වෙන්න එපා (නි)
දරුවන් නැති උදවිය දහස් ගණනක් ඒ වෙනුවෙන් දුක් වෙද්දී . මෙහෙම අයවලුන්ට දරුවන් වලලන්නත් එක්ක හම්බ වෙනවා. පුදුම ලෝකයක් තමයි. (දිල්)
අනේ දුවේ ඔය වගේ දෙමාපියන් ළඟ ඉපදෙන්න ඔයත් ගිය ආත්මේ ලොකු පවක් කරන්න ඇති. නමුත් යම් පිනක් කර ඇති නිසා ජීවත්වෙන්න වාසනාව ලබන්නත් ඇති. ඔබේ අනාගතය දුකින් තොර වාසනාවන්ත එකක් වේවායි පතමි. (නදී)
සාමා ඉන්දියාව භෞතික සම්පත් වලින් දියුණු උනාට සංස්කෘතික වශයෙන් ඉතා පසුගාමී ජනතාවක් ඉන්න රටක්. එරට දියුණුම නගරයක් ලෙස සැලකෙන බැංගලෝරයේ පාර අයිනේ හිටගෙන මුත්‍රා කරන කාන්තාවෝ මම දැක්කා. එළුවෝ කුකුලෝ වගේ සත්තු තුරුල් කරන් කෝච්චි වල හිරවෙලා යනවා මම දැක්කා. (නදී)
ඉන්දියාව මොනතරම් දියුණු උනත්, මේ වගේ පටු ආකල්ප, දෑවැදි,කුල ආදී දේවල් තවමත් මිනිස්සුන්ගේ හිත් වල තියනවා. කවදා ඕවා නැතිවේද මන්දා. මොනවා උනත් මේ දියණිය වාසනා වන්තයි. අපේ සුබ පැතුම් දියණියනි ඔබට (නදී)
මගේ ඥාති නංගි කෙනෙක් ඉන්නවා දරුවන් නැති නිසා මානසිකව හොඳටම වැටිලා. අන්තිමේ රැකියාවෙනුත් අයින් වුනා . උත්සවයකට තියා වැඩිය මිනිස්සු ගැවසෙන තැන් වලට වත් යන්නේ නැහැ හැමෝම දරුවන් ගැන අහනවා කියලා. ඒකට මේ මිනිස්සු ලැබෙන දරුවන් වළලනවා. (බ)
ඉන්දියාවේ අය තාමත් ඉන්නේ ගල් යුගයේ .ඉන්දියාවේ සමහර පැති වලින් දියුණු වුණත් මේ වගේ ඒවා හරියට තියෙනවා. (දිල්)
පිස්සන් කොටුවට යවන්න ඕනි මේවා මානසික ලෙඩ(දිල්)
තමන්ගේ දරුවන්ට මෙවැනි දේ කරනන් පුළුවන් පියවරු ඉන්නවද (දිල්)
පිස්සන් කොටුවට යවන්න ඕනි මේවා මානසික ලෙඩක් (නදී)
පිස්සන් කොටුවට යවන්න ඕනි මේවා මානසික ලෙඩ (නදී)