ටිබෙට් බුදු දහම් සංස්කෘතිය තමන්ගෙන් පසුව එන දලයි ලාමා කෙනෙකුගේ නායකත්වය යටතට පත්ව පවතිනවාට වඩා තමන් සමගම අවසාන වී යාම යෝග්‍ය බව අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමා පවසයි.
තමන්ට පසුව එන දලයි ලාමා කෙනෙකුන් හට තමන් සේ ඉහළට පැමිණීමට හැකිවනු ඇතැයි තමන් නොසිතන බවත් එනිසා හොදම දෙය ටිබෙට් බුදු දහම අගෞරවයට පත් නොකර එයත් තමා සමගම මිය යෑමට ඉඩ හැරීම බවත් එතුමා කියයි.
වසර සිය ගණනක් පැරණි අතීතයකට හිමිකම් කියන ටිබෙට් බුදු දහමට අනුව එහි උත්තරීතර නායකයා ලෙස හැදින්වෙන්නේ දලයි ලාමා ය.මේ දක්වා ගතව ඇති කාලය පුරාවට දලයි ලාමා වරුන් 13 දෙනෙක් ටිබෙට් බුදු දහමේ අනුගාමිකයින් හට නායකත්වය ලබාදී තිබෙන අතර වර්තමානයේ නායකත්වය ලබාදෙමින් සිටින්නේ 14 වැනි දලයි ලාමා තුමාය.
චීනය ටිබෙටය අත්පත් කර ගැනීමට සැරසෙද්දී ඊට එරෙහිව තමන් සංවිධානය කළ කැරැල්ල අසාර්ථක වූ තැන එතුමා 1959 වසරේදී ටිබෙටය අතහැර පළා ගිය අතර චීනය ඔහු පිටුවහලෙක් ලෙස නම් කළේය.
පළා ගියද ටිබෙටය චීන ග්රහණයෙන් මුදවා ගැනීමේ සටන ඔහු අත් හැරියේ නැත.මෙනිසාම එතුමාට 2011 වසර සදහා වූ නොබෙල් සාම ත්‍යාගයද හිමි විය.
මේ සියලූ කටයුතු එතුමා කෙරේ විශාල ජනප්‍රියත්වයක් ඇති වීමට හේතුවුනු අතර ටිබෙට් බුදු දහමද ඒ සමගම ලොව ප්‍රචලිත විය.
අද දිනයේද ටිබෙට් ජාතිකයින් තම රටේ නායකයා මෙන්ම උත්තරීතරම ආගමික නායකයා ලෙස හදුන්වන්නේ දලයි ලාමා තුමාවය.
වසර 79 ක් වයසැති එතුමා වසර 100 ක් දක්වා ජීවත්වන බව වෛද්‍යවරුන් පවසා ඇත. තම අපේක්ෂාව වසර 113 ක් දක්වා ජීවත් වීම බව දලයි ලාමා තුමා පවසයි.
මිනිසාගේ දුක පවතින තාක් කල් මෙලොව යළි යළිත් ඉපිද ඔවුන්ගේ දුක නිවාරණයට කටයුතු කිරීම දලයි ලාමා තුමාගේ බලපොරොත්තුවයි.
ලොව අතහැර යෑමට පෙර තමන්ට ටිබේටයට පැමිණෙන්නට අවස්ථාවක් ලැබෙනු ඇතැයිද එතුමා විශ්වාසයෙන් සිටී.ලෝක ප්රවණතා හමුවේ චීනයට තවදුරටත් ඒකාධිපතියෙකු මෙන් පෙනී නොසිට ප්රජාතන්ත්රවාදයට නැඹුරු වීමට සිදුවන බව තමන්ට සහතික යැයි එතුමා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසාර් ,මොනවද කියවන්නේ? (නි)
ලංකවට දලයි ලාමා වරු අරහන්ද? (නදී)
නිර්මල බුදුදහම මොහු නැති වුණාට නැතිවෙන්නේ නැහැ (නි)
ලංකාවේ නායකයා අපේ ඥානසාර හැමදුරුවෝ තමයි (නදී)
නිසාර් , ඒ කවුද කියලා අපිටත් දැනගන්න කියන්නකෝ (නි)
නිසාර්ගේ කතා වලට අනුකම්පා කරන ගමන්ම මට හිතෙන්නේ මෙතුමා අනිත්‍යය ගැනත් නොදන්නා බවකුයි. (නි)
දලයි ලාමා ස්වාමීන් වහන්සේ කියන දේ තේරුම් ගන්න නොහැකිවයි උන් වහන්සේට විරුද්ධව සමහර අය කතා කරන්නේ. එසේ කියන්න හේතුව, කෙටියෙන්ම කියනවා නම් චීනය තවත් එවැනි නායකයෙක් හැදෙන්න ඉඩ තියන්නේ නැති කතාවයි. එමෙන්ම චීන කොමියුනිස්ට් පාලනය යටතේ ටිබෙට් රටේ බෞද්ධයන්ට විටින් විට ප්‍රහාර එල්ලවීමත් පන්සල් සහ බෞද්ධයන් ඉදිරියේදී විනාශවීමත් උන්වහන්සේ අනුමත නොකරන බව මෙයින් කියවෙනවා. (නි)
බොහෝ ලාංකිකයින් මහායාන සහ ථෙරවාදී ආගම් අතර වෙනස දන්නෙ නැහැ (නි)
ඇත්තතටම බුදු දහමේ පනිවිඩය නැවත ඉපදීම නොව සසර කෙටි කර ගැනීම දලයිලාමා තුමා මෙය නොදන්නවාද ? (නදී)
නිසර් ඉතින් කොහොමත් මෝඩයි නේද (නදී)
ලකී, ලංකාවේ බුදුදහම ටිබෙටයට වඩා වෙනස් තමා (නි)
එහෙම ආත්මාර්ථකාමී විදියට හිතන එකත් වැරදියි නේද? (නි)
මේ වගේ දේවල් කියන්න නුසුදුසුයි කියලයි මම නම් හිතන්න්ෙ. මොකද මොන නිකාය ඇදහුවත් අදහන්නේ බුදුන්ගේ දර්ශනයයි (නි)
කමල් එහෙනම් ලංකාවට අබ සරණ තමයි (නදී)
නිසාර් ලංකාවට දලෙයි ලාමා වරු අරහන් නම් නැහැ. නමුත් රට ප්රජාතන්ත්රවාදී පාලනයට කෙනෙක් ඕනේ නේද? සංඝයා වහන්සේලා ඉන්නේ හරි මග පෙන්වන්නයි (නදී)
දලයි ලාමා හට තියෙන්නේ එක එක කතා කිය කියා ඉන්නෙ නැතිව දෙවෙනියෙක් පත්කරගෙන එයාට අවවාදදෙමින් තමන්ගෙන් පසු හොද නායෙකයෙක්ව තැනවීමයි එහෙම නොවුනොත් ද සිල්වා බර්ලින් වැනි අයගේ කතා අපට පිළිගන්න වෙනවා (නදී)
මර්ක්ස්වාදය වැනි කොමියුනිස්ට් දර්ශන බුදු දහම පමණක් නොව අනෙකුත් සියලුම ආගම් පිලිකෙවූ කරන බව සියලු දෙනාම දන්නා කරුණකි , චීනය විසින් ටිබෙට් රාජ්‍යය ආක්‍රමණය කර බුදු දහම අදහන පිරිස් පිඩනයට ලක්කර ඇති බව සියලු දෙනාම දනිති , ටිබෙට් භාවුධයන්ගේ නායකයා බව කියාගන්න ළමා තුමා ,දශක කීපයක් බන කියකිය ලෝකේ වටේ ගියත් රට වැසියන්ට වුණ සෙතක් නැත , ඔහුගේ නෑ පරපුරේ සහ කිට්ටු අනුගාමිකයන්ගේ ආර්ථිකය නම් දියුණුවට පත්වී ඇත .,දැන් කියන්නේ මෙයාගෙන් පසු ටිබෙට් රටේ බුදුදහම අවසාන බවය , මෙයත් හරියට අපේ විපක්ෂ නායක තුමා වගේ , තමන් කිසිදෙයක් කරන්නෙත් නැත කරන්න පුළුවන් කෙනෙකුට දෙන්නෙත් නැත . (අ)
නිසාර් පිස්සු බල්ලෙක්වගේ උඩුබුරුලාන්න එපා. (අ)
මෙතුමාගේ කතාව හරියට මම තමා රජා වගේ. එතුමා කොහොමද කියන්නේ තවත් කෙනෙකුට නායකත්වය දරන්න බැහැ කියලා? එතුමන්ටත් වඩා උසස් කෙනෙකු බිහි වෙන්න බැරි මොකද? මාර්ගපල ලබපු කෙනෙකු නෙවෙයි නේද මෙතුමා.? (නදී)
නිසාර්, නොදන්නා දේ ගැන කතා කරන්න එපා. (නි)
ඔහු කරන්නේ බටහිර රටවල කොන්ත්‍රාත්තුවක් නේද? (නදී)
නිසර් ඔය ඇත්ත කියන්න එපා තරහ යනවා අනිත් කට්ටියට (නදී)
සමරසේකර, දැනගෙනද ලංකාවේ ඉන්න දලෙයි ලාමා හලාල් ගැන කතා කරන්නේ? (නදී)
මීට ඉස්සර හිටපු දලෙයි ලාමා වරුනුත් මෙලෙසම සිතුවානම්. අද මෙතන ඉන්නේ කවුද? (නදී)
මමත් අදහන්නේ බුදු දහම නමුත් මේ තුමාගේ ක්‍රියා පිළිවෙත ගැන මගේ නම් එතරම් පැහැදීමක් නැහැ. මෙතුමාගේ නම යුරෝපයේ මාර්කෙට් කරමින් මෙතුමාගේ නෑයන් සහ අනුගාමිකයන් කිහිපදෙනෙකු අද ඩොලර් ප්‍රකෝටි පතියන් බවට පත්ව ඇත. මෙතුමා නිතරම කතා කරන්නේ සාමයක් ගැන පමණි. ටිබෙට් ජාතිකයන්ගේ ප්‍රශ්න විසදන පැහැදිලි ක්‍රමවේදයක් මෙතුමාට නැත. මෙතුමා හදන්නේ මෙතුමාගෙන් පසු ටිබෙටයේ බුදුදහම නැතිවන තැනට කටයුතු කිරීමටයි. බේරුවල කලබලයේදී මෙතුමා ප්‍රකාශ කර සිටියේ බෞද්ධ අන්තවාදීන් මුස්ලිම් ජාතිකයන්ට පහරදීමක් ගැනයි. නමුත් මෙහි නිධාන කතාව වන හාමුදුරු නමකට පහරදීමක් ගැන කිසිම ප්‍රකාශයක් කලේ නැත. (නදී)
නිසාර්, නොදන්නා දේවල් නොකියා ඉන්න මහත්තයෝ! (නි)
දලයි ලාමා වරුන් 13 දෙනෙක් ටිබෙට් බුදු දහමේ අනුගාමිකයින් හට නායකත්වය ලබාදී තිබේ. ලංකාවේ දැන් තමයි පළවෙනි එක්කෙනා පත්වෙලා ඉන්නේ. (අ)
අපි ලංකාවේ ඉගෙනගත් බුද්ධ දර්ශනයේත් මෙම ටිබෙට් බුද්ධ දර්ශනයේත් ලොකු වෙනස්කමක් තිබෙන බවයි මට නම් හැඟෙන්නේ. (නි)
ලෝකෙයේ ශ්‍රේෂ්ඨතම තත්ත්වය බුද්ධත්වයයි. බුදු දහමට අනුව අනාගතේ වරින්වර බුදුවරු මෙලොවට පහළ වෙනවා. එසේනම් ඊට වඩා පහළ තත්වයක් වන දලයි ලාමා තත්වයට වෙන කෙනෙක් පහළ නොවේ යැයි සිතීම එතුමාගේ අධි තක්සේරුවක් නොවන්නේද ? (නි)
චීන කොමියුනිස්ට් පාලනයෙන් බුද්ධාගමට තර්ජනයක් එල්ල වුණ පළියට ඇමරිකාවට අළුත් බුද්ධාගමක් හදන්න ඉඩදෙන්න බැහැ (නි)
මේ දලයි ලාමාගේ කතා අහනකොට හරි ලජ්ජා හිතෙනවා. හරියට ජෝකර් කෙනෙක් වගේ. බුදු දහමට වඩා විහිලු කතා කියන්නේ. තව කෙනෙක් එනවට ඉරිසියාවෙන්ද දන්නේ නැහැ ඔය වගේ දේවල් කියන්නේ. (නදී)
මෙයා චීනයට විරුද්ධ රටවල් වෙනුවෙන් කඩේ ගිය නිසා ප්‍රසිද්ද වුනාට බුදු දහමේ නායකයා නොවෙයි. අනිත් කරුණ තමන් පුළුවන් තරම් නායකයෙක් ලෙස ජිවත් වන්නට තිබෙන තණ්හාව නිසා වයස 113 වෙන තුරු ඉන්නත් තමන්ගෙන් පසු බුදුදහම විනාස විය යුතු බව කීමත් කොතරම් බුදු දහමට විරෝධී කතාවක්ද. පුදුම ආත්මාර්ථකාමී චරිතයක්. චීන විරෝධී රටවල් වලට කඩේ ගිහින්ම වයසට ගියා. බුද්දාගම කියන්නේ ලෝක සත්වයාට සෙත් සාදන ආගමක්. මෙයාගෙන් පසු ලෝකය ඇපයක් වෙයන් කියල නේද මෙයා කියන්නේ. ඇසුරු සැනින් එක මොහොතකදී... කාලය නැවතී යලි ඇරැඹී... විශ්වය අලුතින් බිහි වේවා... ඔබේම වී මා, මගේම වී ඔබ, ඉපදේවා........ කියල නේද කියන්නේ.?
තමන්ට පසුව එන දලයි ලාමා කෙනෙකුන් හට තමන් සේ ඉහළට පැමිණීමට නො හැකිවනු ඇතැයි සිතීම එතරම් යෝග්‍ය නැතැයි මට හිතෙනවා. එතකොට ලාමාවරුන්ගේ පැවැත්ම, සංස්කෘතිය නැතිවෙලා යාවිනේ. ටිබෙටය නැවත චීන ග්‍රහණයට නතුවෙයි නේ.(නදී)
නිසාර්,මට ඌරු ජුවල් නගිනවා අදහස කියෙව්වහම. (නදී)