තම රැවුලෙහි එක් එක් දෑ රඳවා ගැනීමට හැකියාවක් සහ ලැඳියාවක් දක්වන පුද්ගයෙක් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වෙයි. ඔහු පියර්ස් තියෝට් (27)නැමැති කලා අධ්‍යක්ෂකවරයෙකි.
නිවාඩු දිනයක පවුලේ නිපුණතා ප්‍රදර්ශනයකට ආරාධනා ලැබුණු ඔහු තම රැවුලෙහි පැන්සල් රැඳවීය. ඉන් පසු ඔහු සහ ඔහුගේ බිරිඳ ස්ටැසි (28) එක් වී ‘රැවුලට හැකිද?’ යනුවෙන් අන්තර්ජාලයේ ඡායාරූප ප්‍රදර්ශනයක් ඇරඹීය.
තම රැවුලෙහි රඳවා ගනිමින් ඒවායෙහි ඡායාරූප එහි පළ කළේය. ඒ සියලූ ඡායාරූප ගන්නා ලද්දේ ස්ටැසි විසිනි. ඒවා අතර ගිනි දැල්වූ ගිනිකූරු, බීම බට, නූඞ්ල්ස්, පාටකූරු ආදිය රැවුලෙහි රඳවා දුත් ඡායාරූප වෙයි.
මේ ඡායාරූප පෙළ සඳහා ඔහුට විශාල ජනතා ප්‍රතිචාර සංඛ්‍යාවක් ලැබෙන බවත් විශාල රසිකයන් පිරිසක්ද සිටින බවත් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අමාරු වැඩක්නේ. පුදුමත් හිතෙනවා !!!!!!!!!!!!!!!!! (දී)
ඕනෙම කෙනෙකුට පෙනෙනවා මේ ගිනිකූරු නොවවන බව (අ)
මින්ස්සුන්ටත් තියෙන ප්‍රශ්න වෙලාවකට මට හිතෙනවා මට පිස්සුද කියලා (දී)
රැව්ලට පත්තු කලොත් ලස්සනයි.(නධී)
ඇමෙරිකාවේ ගිනි කූරු ඔය ගානට දිගයි.(නදී)
මිනිහට පිස්සුද නැත්තම් මට පිස්සුද ?
කරන්න වැඩ නැතිවට කරන වැඩ අපිටත් බලන්න උන එකටයි මට දුක (දී)
මමත් රැවල වවනවා මේක ට්‍රයි කරලා බාන්න (දී)
පුලුවන්නම් ලංකාවේ ගිනි කුරු ගහල පෙන්නන්ඩ....(අ)
ඔන්න කාට හරි සුරුට්ටුවක් පත්තු කර ගන්න ඕනි නම් හොඳ වෙලාව. (ත)
පිස්සු නැත්තන් ශෝක් (අ)
මට උඩු රුව්ලක් නම් නැහැ.(නදී)