ඇමරිකා එක්සත් ජනපදයේ සින්සිනාටි සත්වෝද්‍යානයේදී සිව් හැවිරිදි දරුවකු බේරාගැනීමට ගෝරිල්ලකුට වෙඩි තබා මරා දැමීමට සිදුවූ බව විදෙස් පුවත් සේවා පවසයි.
එම දරුවා ගෝරිල්ලකු සිටි කූඩුවකට ඇද වැටීම හේතුවෙන් දරුවාගේ ආරක්ෂාව පතා ගෝරිල්ලාට වෙඩි තබා ඇතැයි කියති.
අඩි 10ක් පමණ උසැති ස්ථානයක සිට දරුවා ගෝරිල්ලා සිටි කූඩුව අසල දිය අගලකට වැටී ඇතැයිද ගෝරිල්ලා දරුවා ඇදගෙන කෙටි දුරක් ගමන් කර ඇතැයිද එරට මාධ්‍ය වාර්තා කරයි.
දරුවා ආරක්ෂා කර නොගැනීමට විරුද්ධව දරුවාගේ දෙමාපියන්ට එරෙහිව සින්සිනාටි පොලිසිය හා සත්වොද්‍යාන බලධාරීන් කටයුතු කිරීමට එරෙහිව 2000ක පමණ පිරිසක් පෙත්සමක් අත්සන් කර ඇතැයි කියති.
සින්සිනාටි පොලිසිය පැවසූයේ දරුවාගේ දෙමාපියන්ට එරෙහිව කටයුතු කර නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ සතා තමා අන්තිමට ජීවිතෙන් වන්දි ගෙව්වේ! මේ මිනිස්සුන්ට ළමයෙක් බලා ගන්නවත් බැරිද? කුඩුවක් හරියට හදාගන්න බැරිද?(ම)
මීට කලිනුත් වෙන රටක මිනිහෙකුව බේරන්න සිංහයෝ දෙන්නෙකුට වෙඩි තියලා මරලා තිබුනා නේද.සත්තුන්ව මරන්නේ නැතුව සිහි නැතිවෙනන්න විතරක් දුර ඉදලා විදින්න පුළුවන් බෙහෙත් ඔය සත්වෝද්‍යාන වල නැත්ද අපේ රටේ තුවාල වුනු අලින්ට එහෙම බෙහෙත් දාලා වෙඩි තියලා අල්ලලා තුවාල වලට බෙහෙත් කරනවා කියල මම අහලා තියෙනවා. (බ)
මම අදහස් දැම්මත් වැඩක් නැහැ. (බ)
කැලේ ඉන්න ඕන සතුන්ව ගෙනල්ලා කරන අපරාදයක්..! අර කිව්වත් වාගේ සිහි.නැති කරලා ළමයාව බේර ගන්න බැරි උනාද මොවුන්ට.?(රේ)
තමන්ගේ ළමයව බලාගන්න බැරි දෙමාපියන්ටයි වෙඩි තියන්න තිබුනේ. මේ සතා කරදරයක් කරලා නැහැනේ. අනික ඇයි නිර්වින්දනය කරලා බේරගන්න බැරි වුණේ? එහෙනම් දෙන්නම බේරෙනවනේ. කැලේ ඉන්න අහිංසක සත්තු කූඩු වල දාලා හිර කරලා මොකක්ද ලබන සතුට? දෙමාපියනුත් දැනගන්න ඕනෑ ඔයවගේ තැනකට දරුවෝ ගෙනියද්දි කල්පනාවෙන් ඉන්න. (නි)
විජය හා කයාන්ට පිස්සුද? බෙහෙත් විදලා සිහි නැතිවෙනකොට වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි. (නි)
මේක ළමයාගේ වෙලාවට පිට රටක උනේ අපේ රටේ උනානම් වෙන්නේ ගෝරිල්ල බෙර ගන්න ළමයට වෙඩි තියන එක උගත් දෙශපාලකයෝ ඉන්න එකම රට අපේ රට (කෞ)
මේ සතාට මිනිසාට මෙන් යමක් අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙන නිසා නිර්විදන එන්නත් කළොත් ඒකෙන් දැනෙන වේදනාව නිසා දරුවාව මරණය පත් කරන්න ඉඩ තිබුන ක්ෂණිකව සතා අඩපන කරන්න නිර්වින්දන වලට බෑ ඒකයි නමුත් මෙවන් අවස්ථාවක මේ සත්ව කුඩුවට ඇතුල් කර ගන්න ක්‍රමවේදයක් තිබීම වැදගත් මොකද මේ දරුවා වැටුණු අවස්ථාවේ දරුවා ගැන සිතා මවත් පැන්න නම් මොකද වෙන්නේ එවන් අවස්ථා වලදී සත්ව අනෙක් පැත්තට ගැනීම හා කුඩුව කොටස් දෙකකට වෙන් කර ගැනීමට හා කොටස් දෙකටම වෙන වෙනම ඇතුල් විය හැකි පහසුකම් සහිත යාන්ත්‍රික ක්‍රම වේදයක් නිර්මාණය කල යුතුය (බ)
මිනිස්සුන්ගේ වැරදි වලට අහිංසක සත්තු වන්දි ගෙවනවා. ඇමෙරිකාවෙත් එහෙමයි, මෙහෙත් එහෙමයි. (ම)
ගහ කොළ සතා සීපාවා අපේ බූදලය කියල හිතන අශිෂ්ඨාචාර ලෝකයට දැනටමත් ස්වභාවධර්මය පාඩම් උගන්වලා තියෙනවා, තේරුම් නොගත්තාට..(ම)
අනේ මෙහෙමත් කතා! දරුවකුගේ ජීවිතයට වඩා ගෝරිල්ලකුගේ ජීවිතය වටින්නේ කොහොමද? (ම)
නිවැරදි තීරණයක් (ම)
පවු අහිංසක සතා!
අනේ මන්දා මොනවා කියන්නද කියලා? දෙමාපියන්ගේ වරද. එ්ත් ඉතින් බැරිවීමුත් වෙනවනේ. පව් ගෝරිල්ලා. (නි)