ඉන්දියාවේ උත්තර් ප්රදේශ්වල පිහිටි සාතාපූර්හි දී හත් හැවිරිදි ගැහැණු දරුවකු ඥාතීන් විසින් පණ පිටින් වළලන්නට යාමේ දී එයට මැදිහත් වූ ගැමියෙක් ඇය බේරාගත්තේය.
පොලිසිය පවසන්නේ ඥාතීන් විසින් පළමුව ඇගේ ගෙළ සිරකර මරා දමන්නට තැත්කර ඇති බවයි. ඉන්පසු නොගැඹුරු මිනී වළක වළලන්නට උත්සාහ කැර ඇත. දැරිය විලාප තබමින් කෑ ගසනු අසා මේ ගැමියා ඒ ගැන විපරම් කරන විට නොගැඹුරු වළෙන් යන්තමින් හිස ඔසවාගත් දැරිය තමන් වසාදමා තිබූ පස් අතින් ඉවත්කරමින් සිටිනු ඔහු දැක ඇත. වළලන විට සිහි නොමැතිව සිටි දැරිය සිහිය ආවිට තමන්ට ඉහළින් තිබූ පස් ඉවත්කිරීමට උත්සාහ ගත් බව ඇය පොලිසියට කියා ඇත. ඇය බේරාගත් පුද්ගලයාට ඇසී ඇත්තේ ඒ අවස්ථාවේ දැරිය මහ හඬින් නැගූ විලාපයයයි. පොලීසිය පවසන්නේ ඇගේ ගෙල සිරකිරීමට උත්සාහගත් සළකුණු දක්නට ලැබෙන බවයි.
දැරිය මව සමග ජීවත් වූ අතර පියා වෙන්ව ගොසිනි. දැරියගේ මාමා සහ නැන්දා ඇය සල්පිලක් ඇති ස්ථානයකට ගෙන යන බවට පොරොන්දු වී මේ ස්ථානයට ගෙනගොස් ඇති බව ද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මේ සිද්ධියට සම්බන්ධ මව, මාමා සහ නැන්දා යන තිදෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව පොලිසිය කියයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ මෙවැනි සිදුවීම් දුර්ලභ නොවන බවයි. සැමියා මියගිය විට ඔහුගේ දේහය දැවෙන සෑයට බිරිඳ පැන සියදිවි නසා ගන්නා සති පූජාව පැවැත්වෙන ඉන්දියාවේ කාන්තාවන්ට විවිධ කෙනෙහිළිකම් සිදුවෙයි. දුප්පත් පවුල්වල ගැහැනු දරුවන් මුදල් පරිහානියට හේතුවක් ලෙස විශ්වාසයක් ඉන්දියාවේ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසුන්ගේ කතාවට තව කොටසක් එකතු වෙන්න ඕනේ. ඇයි නම්බුව රකින්න ප්‍රසිද්දියේ ළමයි මරන්නේ. මේ හැමෝම තමන්ගේ කුණු හංගගන්න කුණු නැති අයගේ රෙද්දේ කුණු අතුල්ලන්න හදනවා (නදී)
කසුන්, ඔබ හරියටම හරි. අපේම රටේ ජීවත් වෙවී අපිටම වින කරන තවත් එක්කෙනෙකුට දීපු හොඳ උත්තරයක්. (නදී)
රණේපුර, ඔයා මොන රටේද? ලංකාවේ ඉතිහාසයේ නම් එහෙම දේවල් නැහැ. (නි)
රණේපුර, අපි නම් ඒ වගේ ඉතිහාසයක් අහලා නැහැ. (නි)
ලහිරු, මම ජීවත්වෙන්නේ විදේශයක. මම දන්නා හැටියට වනිතා සංගම් ගොඩක් තියෙනවා. (නි)
කසුන්, ඉස්සර අපේ රටේ මිනිස්සුත් පිරිමි ළමයින් නැති පවුල්වල සමහර ගැහැණු දරුවන්ව ගලේ ගහලා මරා දමා තියෙනවා කියලා මම අහලා තිබෙනවා. ඇහැලේපොළ අදිකාරම්ගේ කාලයේලු නීතියක් ගෙනල්ලා ඔය වැඩේ නැවැත්වුවේ. (නි)
කසුන්ගෙ කතව හරියටම හරි. අබේරත්න කිව්වා වගෙ මෙයාලගෙ මනස දියුනු නෑ. ඉතින් චන්ද්‍රා කියනවා වගේ අායතන වලට ගිහින් කතා කරන්නවත් දන්නෙ නෑ. අනික එයාලට ඕනෙකමකුත් නෑ. (ස)
තමන්ට පෝෂණය කිරීමට බැරි දරුවන් පෝෂණය කිරීමට ඇති සමාජ සේවා ආයතන පිළිබඳව ග්‍රාමසේවක නිලධාරින් ඔස්සේවත් දැනුවත් කර මේ ළදරු ජීවිත බේරා ගැනීමට වනිතා සංවිධාන වලට බැරිද? දරුවන්ට සෙත සැලසීමේ ලා ක්‍රියාකරන සංවිධාන (විදේශ ආධාර ලබන) ආයතන ගැන හෙව්වොත් සෑහෙන සංඛ්‍යාවක් ඇති.ඒවායේ නම් දුරකථන නාමාවලියේ පළ කරන්නේ නම් මොනතරම් ළදරු ජීවිත බේරෙයිද? (නි)
රටවල් කොච්චර දියුණු කරන්න හැදුවත් වැඩක් නැහැ, රටේ ඉන්න මිනිසුන්ගේ මනස දියුණු කළේ නැත්නම්. (නි)
හිතට වේදනාවයි අපිට නම් මේවා බලනකොටත් (නි)
ජනගහනය සමග බලද්දී අපේ රටේ තිරිසන් ගති තියන මිනිස්සු වැඩියි (නදී)
කසුන් හරියටම හරි. එක්කෙනෙක් එහෙම කරා කියල ඉතිරි 99.99% ම එ්කට වැරදි නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ බහුතරයක් අධම මිනිස්සු ඉන්නේ ඔය ඉන්දියාවේ.(නදී)
කසුන් ධර්මවංශගේ කතාව ඇත්ත. එක මෝඩයෙක් කළාට හැමෝම එහෙම නැහැ. (නදී)
හැමදේකටම මුල ආර්ථික ප්‍රශ්ණ. ඒ වගේම තමයි ඉන්දියාවේ දියණියන්ට තැනක් නැත (නදී)
ජයලලිතාට අපේ රට ගැන හොයන්නේ නැතිව මේවා ගැන හොයන්න කියන්න. (ස)
ඔය රටේ ඉන්නේ ඔහොම අය තමා.....(ස)
ඉන්දියාව කියන්නේ මහා පුදුමාකාර රටක් (නි)
පොහොසත් වෙන්න කියා සමහරු තමන්ගේම දරුවන් බිල්ලට දෙනවා. (නි)
නස්රී, අපි අපේ ළමයින්ට බොහෝ ආදරය කරන්නෙමු. (නි)
මොන හිතකින්ද මේවා කරන්නේ? (නි)
දැන් ඉන්න අය ඔහොමම තමයි (නි)
කසුන්, ඔයාගේ කතාව හරියට හරි (නි)
කසුන් හරි (නි)
කසුන් ධර්මවංශ, හැම රටේම හොද මිනිසුන් ඉන්නවා වගේම නරුමයනුත් ඉන්නවා (නි)
කොහොමත් ඔය රටේ අය ඔහොම තමයි (නි)
නස්රී, ඔහොම කතා කරන්න එපා. (නි)
කසුන්ගේ කතාව හරියටම හරි
නස්රී අපේ රටේ මිනිස්සු ළමුන් පොලවේ ගහල මරන්නේ නැහැ එක මෝඩ කාලකන්නියෙක් නම් ඒ දේ කලා. නමුත් අපි කුල සිරිත් නිසාවත් අගම නිසාවත් මිනි මරණ ජාතියක් නෙමෙයි. ඔයාලගේ අයනම් ඉතින් කේක් කපනවා වගේ මිනිස්සුන්ගේ බෙල්ල කපනවනේ (අ)
අපේ රටේ මිනිස්සු ළමුන් පොලවේ ගහල මරන්නේ? (අ)
අපි බුදුදහමෙන් ඉන්දියාවේ මෙවැනි සිදුවීම් ගැන කොපමණවත් අසා තියනවා.මෙච්චර ලෝකේ දියුණු වෙලා තියෙද්දී මේ මෝඩ මිනිස්සු කවදා යතාර්ථය තේරුම් ගනීද?(අ)