ලොව වඩාත් ප්රචණ්ඩකාරීම හා රුදුරු සතුන් අතරින් ඉහළම ස්ථානයේ සිටින්නේයැයි සැළකෙන විශාල ජපාන බඹරෙකු තමන්ගේ සුරතලා කරගෙන සිටින පුද්ගලයෙකු ටෝකියෝ නුවර සිටී.
ඔහු තමන්ගේ ට්විටර් හා ෆේස්බුක් වැනි ගිණුම් වලට තම ‘සුරතල්‘ බඹරා තැන් තැන්හි තබා ගත් ඡායාරූපයන් ආදිය එක් කර ඇත.
බඹරාට නූල් කැබැල්ලක් ගැටගසා එය අල්ලාගෙන බඹරාව ‘ඇවිද්දවන‘ බවද ඔහු කියා ඇත.
බඹරාගේ විශ දළ ගළවා ඇති හෙයින් සපා කෑවද තමන්ට හානියක් නැතැයි ඔහු සඳහන් කර තිබේ.
නමුත් බොහෝ දෙනා පවසන්නේ මෙය බොරුවක් විය හැකි බවයි.
ජපාන බඹරුන්ගේ ප්රචණ්ඩත්වය හමුවේ මෙසේ ඔවුන් ‘හීලෑ‘ කිරීමට සිතීමටවත් නොහැකි යැයි ඔවුන් පවසයි.
මෙම බඹරුන්ගේ විශ ශරීරගතවූ විට ස්නායු පද්දතියට හානි පමුණුවන බව සොයාගෙන ඇති වැඩි මාත්රාවකින් ශරීරගතවුවහොත් හිමිවන්නේ මරණයයි.
සෑම වසරකම ගිම්හානයේදී ජපාන ජාතිකයින් 40 ක පමණ දෙනෙක් මෙම බඹරුන්ගේ දෂ්ඨ කිරීමට ලක්ව මිය යන බවද සඳහන්ය.
මෙනිසාම ජපාන බළධාරීන් බඹරාව ජපානයේ පුද්ගල මරණ වලට හේතූන් ලැයිස්තුවේ දෙවැනි තැන තබා ඇත.පළමු තැන හිමිව ඇත්තේ මිනිසාටය.
මෙම බඹරා දැනටමත් මරණයට පත්ව ඇති සෙයක් පෙනෙන්නේයැයි බඹරා සුරතලෙකු බවට පත්කරගෙන සිටිනා බව කියන මේ පුද්ගලයා පවසන කතා බැහැර කරන බොහෝ දෙනා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹර පහස ලබන මලක්දෝ.... (නි)
මොන පිස්සුද , අවුරුදු පහෙන් පහට මාරු කර කර අපි හුරතල් කරන බබරු තරන් නම් විස නැතුව ඇති මොනම බබරෙක්වත් (නදී)
සිම්පල් සමහරු ඕයි ට වැඩිය දරුණු බිරින්දෑවරු සුරතල් කරගෙන ඉන්නේ !(දී)
එවැනි බඹරු ටිකක් සීගිරිය පැත්තට ගෙනත් දැම්මොත් මොකද වෙන්නේ (දී)
ඔය මොන බඹරුද? අපි අවුරුදු පහෙන් පහට පත්කරගෙන හුරතල් කරන්නේ.... අන්න එයාලනේ ලෝකයේ ඉන්න භයානකම බඹරු (නි)
ඒකත් ඉතින් එක්තරා දක්ෂකමක් තමයි (නි)