අනාරක්ෂිත ගල් වළක් වසා නොදැමීමෙන් තම පුතුන් මියගිය බව පවසමින් දරුවන් දෙදෙනා ම අහිමිවූ යුවලක් දරුවන්ගේ සිරුරු අධිශීතකරණයක තබාගෙන සිටිති. ඔවුන් පවසන්නේ රජයේ මැදහත්වීමෙන් කොන්ත්රාත් සමාගමක් විසින් සාදන ලද මේ ගල්වල වසා නොදැමීමට හේතු කවරේද යන්න අදාල වගකිවයුත්තන් විසින් රටට හෙළි කළ යුතු බවයි.
චීනයේ හනම් පළාතේ ලවුඩි නගරය ආසන්නයේ එම ගල්වළ පිහිටා තිබේ. මාර්ගයක් තැනීම සඳහා පස් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව එය අතහැර දමා ඇත්තේ වසර දෙකකට පෙරදීය. ඉන්පසු අනාරක්ෂිතව පැවති එතැන ළමුන් ක්රීඩා කිරීමට පුරුදුව සිටි ස්ථානයකි. වරින් වර මේ ගල්වළ වර්ෂා ජලයෙන් පිරී යයි.
වයස අවුරුදු තුනක් වයසැති චන්ග් සහ ඔහුගේ පස් වියැති සොහායුරු හුන්ග් මේ ස්ථානයේ සෙල්ලම් කිරීමට ගොස් ඇත. චන්ග් පය ලිස්සා වළට වැටී ඇති අතර හුන්ග් තම සොහොයුරා බේරාගැනීමට උත්සාහ ගත්ත ද දෙදෙනාට ම පිහිනීමට නොහැකි බැවින් ජලයේ ගිලී ගොස් ඇත. බියට පත්වූ අනෙක් මිතුරෝ සිය නිවෙස්වලට දිව ගියහ.
දරුවන් දෙදෙනාගේ මළ සිරුරු හමුවූයේ පැයකට පමණ පසුවය. ඉන් දිනකට පසු තවත් ළමයකු එම ස්ථානයේ දී ම දියේ ගිලී ඇතත් ඒ අසළින් ගමන්ගත් ගැමියකු එය දැක දරුවා බේරාගැනීමට සමත්විය. මියගිය දරුවන් දෙදෙනාගේ පියා ලිබියෝ (28) සහ මව අදර් වැංග් (27) තම පුතුන් දෙදෙනාගේ සිරුරු අධි ශීතකරණයක බහා තබාගෙන මේ මරණය සඳහා ප්රාදේශීය පාලනයෙන් වන්දි ඉල්ලා සිටිති. ඔවුන් දෙදෙනා දිගින් දිගටම කියන්නේ තම දරුවන්ගේ මරණයට හේතුවූ ගල් වළ වසා නොදැමීම සම්බන්ධයෙන් ප්රාදේශීය පාලනය හා ඉදිකිරීම් සමාගම නිදහසට කරුණු දැක්විය යුතු බවයි.
ඔවුන්ගේ අසල්වැසියන් පවසන්නේ මේ දෙමාපියන් තම පුතුන් දෙදෙනා ඉතා හොඳින් රැකබලාගත් බවයි.
දරුවන්ගේ පියා ලිබියෝ මෙසේ කියයි.
‘‘ අපේ දරුවන් දෙදෙනා මේ ගල් වළට වැටී මියයාමට පෙර මේ ස්ථානයේ වෙනත් දරුවකු වැටී මියගියා. ඒ අවස්ථාවේදීවත් අනාරක්ෂිත වළ වසා දැමීමට පාලකයන් උනන්දු වුණේ නැහැ. අපි ඉල්ලා සිටිනවා මේ වළ හැකි ඉක්මණින් වසා දමන්න කියා. අපි දන්නේ නැහැ ඔවුන් මේ වළ වසන්නේ නැතිව තියාගෙන ඉන්නේ ඇයි කියා. අපේ දරුවන් දෙදෙනා අහිමිවීමේ වගකීම ඔවුන් භාරගත යුතුයි. ඒ වෙනුවෙන් අපට වන්දි ගෙවිය යුතුයි. “









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙව් රටවල කෙරුම් මෙහෙම තියෙද්දීද අපේ රටේ අය මොවුන්ගෙන් අපේ වැඩ කරගන්නේ? (නි)
ලංකාවේ ලොකුම මිතුරනේ. ගෙදරට මරගාතේ ලොවට පරකාසේ (නදී)
පවු මේ අම්මයි තාත්තයි ! (දී)
දරුවන් දෙදෙනාට නිවන් සුව ලැබේවා (දී)
අහෝ දරු දුක...!! (දී)
යුක්තිය වෙනුවෙන් ඒ දෙමාපියන් කරන අරගලය අපිටත් ආදර්ශයක්. (ස)
තව දවසකින් දෙකකින් චීන රජය සහ අදිකරණය කියයි මේ ජෝඩුව චීනයේ සංවර්දනය කඩාකප්පල් කරන්න සැලසුම් කරනවා කියලා. එහෙම කියල ටික දවසකට හිරේ දමයි. වන්දියක් නම් මැරුණත් හම්බ වෙන්නේ නෑ. (නදී)
දරු දුකට සිමාවක් නැහැ. දරු පැටවුන් දෙන්නාට නිවන්සුව ! වැලපෙන දෙමාපියන් ගේ හිත් සුවපත්වේවා (නදී)
බලාගෙන ගිහාම හැම රටක්ම එකවගේමයි (නදී)
දැන්වත් අපි ඉගෙනගමු බාරගත් වැඩ හරියට ඉවර කරන්න. (අ)